වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සතියේ ගීතය

සතියේ ගීතය

යකඩයා

මලින් මලට බඹරුන් ඉගිලී
රහසින් මට කීවා
කොහා ගයන ගීයෙන් ලියැවී
පෙම් පණිවිඩ ආවා

ඈත රටින් ඒ කුමරා එනවා
මාගේ හදේ පෙම් සිහින මැවෙනවා
මලින් මලට

මගින් මගට මගෙ හද පියඹනවා
පෙරුම් පුරාගෙන බලා සිටිනවා
කාට හොරෙන් හෝ සිත සඟවනවා
රහස ඔබේ ළඟදීම එළිවෙනවා

දෑතට රන්වන් වළලු වැටෙනවා
මල් මල් වාරම් ගමෙන් නැගෙනවා
ගැස්සෙන සිතිවිලි සිලිල ගලනවා
ලස්සන සිතුවම් හදක ඇඳෙනවා . . .

පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය – ලතා වල්පොල
අධ්‍යක්ෂණය – නීල් රූපසිංහ