වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




F M අද සිට අලුත් වෙයි වඩා හොඳ ශ්‍රවණ තත්ත්වයක්

F M අද සිට අලුත් වෙයි වඩා හොඳ ශ්‍රවණ තත්ත්වයක්

මෙරට ශ්‍රාවකයන්ට වඩාත් ගුණදායක තත්ත්වයේ ශ්‍රවණයන් සඳහා ගුවන් විදුලි නාලිකාවන්ගේ තාක්ෂණික බාධාවන් ඉවත්කොට නව සංඛ්‍යාත සැලසුම අනුව අද සිට ක්‍රියාත්මක වන බැව් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා සරසවියට පැවසීය.

අනූෂ පැල්පිට

ඒ අනුව එෆ්. එම්. ගුවන් විදුලි නාලිකා ශ්‍රවණය කිරීමට තිබූ තාක්ෂණික බාධාවන් අවම කර ශ්‍රාවකයන් සඳහා හොඳ ශ්‍රවණ තත්ත්වයක් ලබාදීමට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ මඟ පෙන්වීමෙන් ජාතික ප්‍රතිපත්තියක් අනුව ආරම්භ කළ එෆ්. එම්. ගුවන් විදුලි සංඛ්‍යාත නැවත නිකුත් කිරීම් වැඩ පිළිවෙල විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ වන විට සාර්ථකව නිම කොට ඇත.

ශ්‍රී ලංකාව තුළ එෆ්. එම්. ගුවන් විදුලි මාලාව භාවිතය කළමනාකරණය කිරීමේ පූර්ණ බලතල පැවරී ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවටය. දැනට මෙරට තුළ ගුවන් විදුලි නාලිකා 45 ක් පමණ ක්‍රියාත්මක වන අතර එම සේවාවන් ගුවන් විදුලි සංඛ්‍යාත 87.5 – 108 ර්ඩ්ඛපරාසය තුළ ක්‍රියාත්මක වේ.

අදාළ සංඛ්‍යාත විකාශනයේදී දැනට මුහුණ දී ඇති නොයෙකුත් ප්‍රායෝගික ගැටලු අවම කරලීම සඳහා පැවති සැලසුම් යාවත්කාලීන කිරීමට ජාතික ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ගුවන් විදුලි සංඛ්‍යාත නව සැලැස්මක් යටතේ විනිවිදභාවයෙන් යුතු සියලුම ගුවන් විදුලි නාළිකා අතර ඔවුනට දැනට හිමි කරගෙන ඇති සංඛ්‍යාත සැලකිල්ලට ගෙන බෙදා වෙන් කරන ලදී.

ප ැහැදිලි සහ නිරවුල් සන්නිවේදයක් සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කළ මේ දැවැන්ත කාර්යයේදී සියලුම ගුවන් විදුලි ආයතනවල සහයෝගය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දී ඇත. නව සංඛාත අද සිට ක්‍රියාත්මක වේ.

ගුවන් විදුලි නාලිකාවන්ට මුලු දිවයිනට බල පැවැත්වෙන පරිදි සංඛ්‍යාත නිකුත් කළ අතර දැනට නාළිකා දෙකක් අතර තිබූ 100ම්ඩ්ඛ/ 200 ම්ඩ්ඛ වෙනුවට 300 ම්ඩ්ඛ පරතරයක් සහිතව රේඩියෝ සංඛ්‍යාත ලබාදී ඇත. මෙමඟින් මෙරට ගුවන් විදුලි ශ්‍රාවකයන්ට ඉතා පැහැදිලි ශ්‍රවණ තත්ත්වයක් යටතේ දිවයිනේ වැඩි ප්‍රදේශයක් තුළ එකම සංඛ්‍යාතයක් මඟින් ශ්‍රවණය කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

අද සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් විදුලි නාලිකාවන් හි නව සංඛ්‍යාත මෙසේය.

ලයිට් එෆ් එම් – 87.6, 87.8

රන් එෆ් එම් – 88.1

ඊ එෆ් එම් – 88.3

සිංහ එෆ් එම් – 88.6, 88.8

ඉසිර රේඩියෝ - 89.1, 89.8

සිටි එෆ්. එම් – 89.6

සිටි එෆ් එම් / ගැමි දිරිය – 89.8

පිරෙයි එෆ් එම් / වයඹ / යාපන ප්‍රාදේශීය සේවය – 90.1

වෙට්රි එෆ් එම් – 90.4, 90.6

ෂා එෆ් එම් – 90.9, 91.1

අලෙයි – 91.4

ස්වදේශීය සේවය (සිංහල) – 91.7, 91.9

දෙරණ එෆ් එම් – 92.2, 92.4

වයි එෆ් එම් – 92.7

ගෝල්ඩ් එෆ් එම් – 93, 93.2

ලක්හඬ – 93.5, 93.7

සැට්නෙට් - 94

වෙළඳ සේවය – 94.3, 94.5

නෙත් එෆ් එම් – 94.8, 95

මැක්ස් රේඩියෝ - 95.3

රිදම් එෆ්. එම්. – 95.6, 95.8

හිරු එෆ් එම් – 96.1, 96.3

කිරුළ එෆ් එම් – 96.6

කිස් එෆ් එම් – 96.9

රියල් රේඩියෝ - 97.1

ඉංග්‍රීසි සේවය – 97.4

ඉංග්‍රීසි /දඹාන/කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය – 97.6

සී. අයි. ආර් (චීන ගුවන් විදුලිය) – 97.9

සියත එෆ් එම් – 98.2, 98.4

සන් එෆ් එම් – 98.7, 98.9

ටී එන් එල් රේඩියෝ - 99.2

රෙඩ් එෆ් එම් – 99.5, 99.7

ශ්‍රී එෆ් එම් – 100, 100.2

රන් එෆ් එම් – 100.5

යර්ස් එෆ් එම් – 100.8, 101

බෞද්ධයා ගුවන් විදුලිය – 101.3, 101.5

සෙත් එෆ් එම් (මීගමුව) ටි එන් එල් රේඩියෝ - 101.8

ස්වදේශීය සේවය (දෙමළ) – 102.1, 102.3

වසන්තම් එෆ් එම් – 102.6, 102.8

ග්ලෝබල් - 103.1

සූරියන් එෆ් එම් – 103.4, 103.6

ශක්ති එෆ් එම් – 103.9, 104.1

රන්ගිරි ශ්‍රී ලංකා - 104.4

ටෙන්ඩරල් - 104.7, 104.9

ලක්විරු - 105.2, 105.4

රන්ගිරි ශ්‍රී ලංකා - 105.7

ලක් එෆ් එම් - 106

සිරස එෆ් එම් – 106.5, 106.7

වී එෆ් එම් - 107

රුහුණු/රජරට/කඳුරට/ඌව/විදුල ක්‍රීඩා සේවය – 107.3

රුහුණු සේවය/විදුල/ක්‍රිඩා සේවය – 107.5

දෙමළ සේවය – 107.8


රතු හැට්ටකාරි නැවතත් පැමිණේ

ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලගේ ‘රතු හැට්ටකාරී’ වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයෙහි මුහුරත් උළෙල පසුගියදා නුගේගොඩ සරසවි ප්‍රකාශන මන්දිරයේදී පැවැත්විණ.

1974 වසරේහි රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය, හොඳම නළුවා හා හොඳම සංගීතය ලෙස සම්මාන කිහිපයක් ‘රතු හැට්ටකාරී’ වේදිකා නාට්‍යයට හිමි විය. එමෙන්ම එකල ප්‍රේක්ෂකයන්ගේ බොහෝ ආදරයට පාත්‍ර වූ ‘රතු හැට්ටකාරී’ වේදිකා නාට්‍යයේ ‘දීකිරි දීකිරි’ හා ‘යස ඉසුරු පිරුණු තැනා’ ගීත බොහෝ සේ ජනපි‍්‍රය විය.

එවැනි නිර්මාණයක් නව නිෂ්පාදනයක් ලෙසින් අලුත් පරපුරෙහි රංගන ශිල්පිනියන් හා ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ වේ. නිරෝෂන් විජේසිංහ, හර්ෂ බුලත්සිංහල, සුමිත් රත්නායක, අනුර බණ්ඩාර රාජගුරු, සුබුද්ධි ලක්මාලි, දූලාංජලී, ඉෂාරා වික්‍රමසිංහ, මහේෂ් උයන්වත්ත, රෝහිණී වික්‍රමආරච්චි ඇතුළු නළු නිළියන් රැසකගේ රංගනයෙන් ‘රතු හැට්ටකාරි’ හැඩවේ.

එහි වේදිකා කළමනාකරණයෙන් අනුර බණ්ඩාර රාජගුරු ද, නව සංගීත සංයෝජනයෙන් හර්ෂ බුලත්සිංහල ද සහභාගි වෙති. නිෂ්පාදනය එච්. ඩී. ප්‍රේමසිරි, බන්දුල ඒකනායක, බණ්ඩාර ඇහැලියගොඩ, චන්න ප්‍රනාන්දු ප්‍රමුඛ සෙරනිටි සංවිධානයෙනි.


ප්‍රඥාවේ දියණිය අයේෂා නොවැම්බර් 06 දා

පරිවර්තක එස්. චන්ද්‍රසිරි දසනායකගේ ‘ප්‍රඥාවේ දියණිය – අයේෂා’ නම් නවතම පරිවර්තන කෘතිය නොවැම්බර් මස 06 වැනිදා මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.

මාරම්බරී ගම්පහ

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ‘මාරම්බරී’ ඒක පුද්ගල ගී ප්‍රසංගය මෙම මස 4 වැනිදා එනම් එන ඉරිදා සවස 2.30 සහ 6.30 ට ගම්පහ යශෝධරා බාලිකා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. කථනය වසන්ත රෝහණගෙනි. විශාරද චරිතා ප්‍රියදර්ශනී, ශාරන්‍ය ජයකොඩි සහ විශාරද ශ්‍රියා කාරියවසම් ප්‍රසංගයේ යුග ගී ගායනා කරනු ලබයි. සංගීතය මෙහෙයවීම සුසිල් අමරසිංහගෙනි.

ගිරිඋල්ලෙන් ගායන ප්‍රසංගයක් හා කවි සංවාදයක්

අගනුවර තරුණ කවි සමාජයේ දක්ෂ කවි – කිවිඳියන්ගේ හිටිවන කවි සංවාදය හා ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් ඇතුළු කලා ශිල්පීන්ගේ ගායන ප්‍රසංගයක් මේ මස 5 වැනිදා ගිරිඋල්ල බෝපිටිය පුරාණ මහා විහාරයේදී පැවැත්වේ.

‘එපා එපා මස් කන්නට කිරි අම්මාගේ’ ගීය ලියමින් ජනතාව අතර ජනප්‍රිය වූ මීගහවෙල සුමන ශාන්ත හිමියන්ගේ දායකත්වයෙන් දවස පුරා පැවැත්වෙන ශ්‍රී සුමන අභයදාන සංගමයේ 07 වැනි වාර්ෂික පුණ්‍ය උත්සවය වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහන් අතර ප්‍රධාන වැඩසටහන වන්නේ මෙම ප්‍රසංගයයි.

සේවක සංග්‍රහය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දී

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් පවත්වනු ලබන සේවක සංග්‍රහය සංගීතමය වැඩසටහන මෙවර නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පටිගත කරනු ලැබේ.

එම වැඩසටහන නොවැම්බර් 04 වැනි ඉරුදින ස්වදේශීය සේවය ඔස්සේ දහවල් 12. 00 ට ප්‍රචාරය කරන අතර ඒ සඳහා ගායන ශිල්පි නිමල් ගමගේ ඇතුළු දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය මෙහිදී ගීත ගායනා කරනු ලැබේ.

‘චරිත අටක්’ බොරැල්ලවයි. එම්. බී. ඒ. ශාලාවේදී

විල්සන් ගුණරත්නගේ ‘චරිත අටක්’ කාලීන ප්‍රහසනය මෙම මස 03 වැනිදා බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේදී වේදිකා ගතවේ.

මෙම වේදිකා නාට්‍යයෙහි චරත අටක් විල්සන් ගුණරත්න රඟපාන අතර සෙසු චරිත සඳහා ගාමිණී හෙට්ටිආරච්චි, කීර්ති බණ්ඩාර, හැරී විමලසේන, චන්ද්‍රතිලක් ගුණරත්න, කසුන් චාමර, ලංකා විජේසිරිවර්ධන, සුරංග පෙරේරා සමඟ ජනක වසන්ත කුමාර යන රංගන ශිල්පීහු රංගනයෙන් සහභාගි වෙති. වේෂ නිරූපණය කුමාර ජාගොඩයි.