වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -85

සිංහල සිනමා විස්තරය -85

දීපාංජලී

තිරගත වූ දිනය – 1978 ඔක්තෝබර් 06

ඉදිරිපත් කිරීම – රිදී රේඛා චිත්‍රපට

නිෂ්පාදනය – ධර්ම ශ්‍රී කල්දේරා, හිල්ඩා රණතුංග

කතාව, තිර රචනය, දෙබස් සහ අධ්‍යක්‍ෂණය – ධර්ම ශ්‍රී කල්දේරා

කැමරා අධ්‍යක්‍ෂණය – එම්. ඒ. ගෆූර්

සහාය අධ්‍යක්‍ෂණය – ජී. කේ. ලයනල් පෙරේරා

සංස්කරණය – එම්. පී රූපසේන, කාලිංග ද සිල්වා

වේශ නිරූපණය - සනත් සී. ජයවර්ධන

කලා අධ්‍යක්‍ෂණය – ඇහැලියගොඩ සෝමතිලක

නැටුම් අධ්‍යක්‍ෂණය - හෙන්රි ජයසිංහ

සැකසුම – ලංකා චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි

රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්

සංගීත අධ්‍යක්‍ෂණය - සිසිර සේනාරත්න

ගීත සංඛ්‍යාව - 04

ගීත – ලස්සන ලෝකේ කොහෙදෝ සෙව්වා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

සඳ පානේ මදහාසේ සැඟවේ මුවේ –  එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක (උපාලි ධනවලවිතාන)

කොට කොට ගවුමටා - ලයනල් ගුණතිලක (අජන්තා රණසිංහ)

ජීවිතයේ ප්‍රේම කතාවේ – ඉන්ද්‍රාණි විජේබණ්ඩාර (ධර්මසිරි ගමගේ)

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන

නළු නිළියන් – තිස්ස විජේසුරේන්ද්‍ර, සුමනා අමරසිංහ, රෙක්ස් කොඩිප්පිලි, ගීතා කුමාරසිංහ, රෝයි ද සිල්වා, වීණා ජයකොඩි, හියුගෝ ප්‍රනාන්දු, රූබි ද මෙල්, ෆෙ‍්‍රඩී සිල්වා, දොන් සිරිසේන, බී. ඇස්. පෙරේරා, බන්දු මුණසිංහ, සුසිලා වීරසිංහ, මෝතිලාල් ගුණසේකර, දයානන්ද සල්වතුර, අබේරත්න ජයසූරිය, ලිලන්තා රෝහිණී, එම්. වී බාලන්, හෙන්රි ජයසිංහ, සිරිසේන දිසානායක, විමල් ජයවීර, ලිලියන් එදිරිසිංහ, චාන්දනී ගුණතිලක, සුසිලා කූරගම

ප්‍රදර්ශනය – දෙහිවල ට්‍රියෝ, එල්ෆීන්ස්ටන්, ඉම්පාලා, නැෂනල් - මහරගම, ගැමුණු - වත්තල ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී.

ප්‍රදර්ශන කාලය – ට්‍රියෝ දින 20, එල්ෆීන්ටන් දින 48 ක් පෙන්වන ලදී.

සීතා දේවී

තිරගත වූ දිනය – 1978 ඔක්තෝබර් 20

ඉදිරිපත් කිරීම – ආටෙක් ලිමිටඩ් - සී. පී. එල්. චිත්‍රපට

නිෂ්පාදනය – අජන්තා විජේසේන

අධ්‍යක්‍ෂණය – මණික් සන්ද්‍රසාග්‍ර

තිර රචනය – ධර්මසිරි වික්‍රමරත්න

කැමරා අධ්‍යක්‍ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න

සහාය – එම්. මනමේන්ද්‍ර

සංස්කරණය – ග්ලැඩ්වින් ප්‍රනාන්දු

කලා අධ්‍යක්‍ෂණය - හේමපාල ධර්මසේන

වේශ නිරූපණය සහ නැටුම් අධ්‍යක්‍ෂණය - ශේෂා පලිහක්කාර

නැටුම් ඉදිරිපත් කිරීම – අනුෂ්කා මැදිවක ඇතුළු පිරිස

සටන් අධ්‍යක්‍ෂණය – ගාමිණී ෆොන්සේකා

සහාය අධ්‍යක්‍ෂණය - සෝමපාල ධර්මප්‍රිය, ග්ලැඩ්වින් ප්‍රනාන්දු

තිර රචනා උපදෙස් - ස්වාමි ගෞරිබාලා

දියයට දර්ශන - රොඩ්නි ජොන්ක්ලාස්

වේග බෝට්ටු ධාවන - සෙම්රික් මාටින්ස්මයින්

නිෂ්පාදන කළමනාකරණය – අනුර දිසානායක, හෙක්ටර් හපුගොඩ

සිංහල දෙබස් කැවීම – ඩී. බී. වර්ණසිරි

සංගීත අධ්‍යක්‍ෂණය – නිමල් මෙන්ඩිස්

තේමා ගී තනුව - සරත් ප්‍රනාන්දු

ගීත ප්‍රබන්ධය – ඔගස්ටස් විනයාගරත්නම්

ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව

ගීතය – නිම් හිම් සෙව්වා මා සසරේ

ගී තැටිය – ආටෙක් එල්. පී. 607

ශබ්ද පරිපාලනය – ඇස්. සාරංගරාජා

වර්ණ සේයාපට සේදීම – මුද්‍රණය - ජෙමිණි චිත්‍රාගාරය – මධුරාසිය

රසායනාගාර කටයුතු - එංගලන්තයේ රෑන්ක් චිත්‍රාගාරය

ධාවන කාලය – පැය 2 විනාඩි 20 – දිග අඩි 12, 000

මෙහි ඉංගී‍්‍රසි පිටපත - සීතාදේවි රීන් කානේෂන්

නළු නිළියන් – ගාමිණී ෆොන්සේකා (රවි රණරාජා - රාවණ) මම්තා ශංකර් (ජානකී - සීතා) උස්මාන් පියර්සාදා (රාම් – රාම කුමරු) රවීන්ද්‍ර රන්දෙණිය (ලක්‍ෂමන් – ලාල්) ගීතා කුමාරසිංහ (රම්බා දෙවඟන) රෙක්ස් කොඩිප්පිලි (කුම්භකරණ – කමල්) අජිත් ජිනදාස (විජය) නවනන්දන විජේසිංහ (හනුමන්) ක්‍රිස්ගී‍්‍රට් (මහාචාර්ය ගිරි) නලීන් විජේසිංහ, මර්වින් ජයතුංග, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ශේෂා පලිහක්කාර, සේනක පෙරේරා, විල්සන් කරුණාරත්න, බන්දුල ගලගෙදර, වින්සන්ට් සේරසිංහ, කල්පනා විජේසේන, ජීවරාණි කුරුකුලසූරිය, ශිරාණි කුරුකුලසූරිය, රොඩ්නි ජොන්ක්ලාස්.

ප්‍රදර්ශනය – ලිබර්ටි, ඕඩියන් – ගල්කිස්ස, මානෙල් - දෙමටගොඩ නිව් මෙට්රෝ - නුගේගොඩ, හිමාලි - කිරිබත්ගොඩ, ඇතුළු පස්වන මණ්ඩලයේ සිනමා ශාලා 13 කදී

ප්‍රදර්ශන කාලය – ලිබර්ටි දින 27, වෙම්බ්ලි මහනුවර දින 48, මානෙල් දෙමටගොඩ දින 51.

විශේෂතා - මෙහි ඉංගී‍්‍රසි පිටපත මුලින් තිරගත විය.

මෙම චිත්‍රපටයට ඔගස්ටස් විනයාගරත්නම් ලියූ ලතා වල්පොල සහ මිල්ටන් මල්ලවආරච්චි ගැයූ ගීත දෙකක් තැටිගත කළ ද ඒවා චිත්‍රපටයට ඇතුළත් නොවීය. මෙය දෙමළ හා ඉංග්‍රීසි බසින් ද පෙන්වන ලදී. ඉංගීසි චිත්‍රපටයේ තේමා ගීතය ඩෙස්මන් ද සිල්වා විසින් ගයන ලදී.

මෙම චිත්‍රපටය, පෘතුගාලය, රෝමය, රුසියාව, ප්‍රංශය, කෙන්යාව, ඉතාලිය, පාකිස්තානය, තායිලන්තය, එංගලන්තය ඇතුළු රටවල් 20 කට අධික ප්‍රමාණයක් මිල දී ගෙන ඇත. මෙය ටස්කන්ට් චිත්‍රපට උළෙල හා, නවදිල්ලි සිනමා උළෙල නියෝජනය කළේය. අමරදේවයන්ගේ තේමා ගීතයට සංගීත භාණ්ඩ 100 ක් පමණ යොදවා ඇතැයි වාර්තා වේ.

අපේක්‍ෂා

තිරගත වූ දිනය – 1978 නොවැම්බර් 03

ඉදිරිපත් කිරීම – උවේන්ද්‍ර චිත්‍රපට

නිෂ්පාදනය - වෝල්ටර් රුද්‍රිගෝ, තියෝපිලස් රුද්‍රිගෝ, සිසිර චන්ද්‍රලාල්

කතාව, දෙබස් සහ අධ්‍යක්‍ෂණය – එච්. ඩී. ප්‍රේමරත්න

තිර රචනය – ධර්මසිරි ගමගේ

සහාය අධ්‍යක්‍ෂණය - ප්‍රේමවීර ගුණසේකර, හිලරි රාජපක්‍ෂ

කැමරා අධ්‍යක්‍ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න

කැමරා සහාය – එස්. නෝබට් රත්නසිරි, ඩබ්ලිව්. බන්දුල කුරේ

සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි

සහාය - ඩෙන්සිල් ජයවීර

කලා අධ්‍යක්‍ෂණය - ජෝ දඹුලුගල

සහාය - මොහාන් ඇඩම්ස්

වේශ නිරූපණය – ඊබට් විජේසිංහ සහාය රංජිත් මතඟවීර

නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

නිෂපාදන සහාය - සුගත් සුබසිංහ, එච්. ඩී. සුනිල්, ඇලෙක්සැන්ඩර්

ඇඳුම් නිර්මාණය - මොහාන් ඇඩම්ස්, ජානකී ජිනසේන

කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා, ජානකී ජිනසේන

නිශ්චල ඡායාරූප - සී. විල්බට් ප්‍රනාන්දු

සටන් අධ්‍යක්‍ෂණය - රොබින් ප්‍රනාන්දු

නිෂ්පාදන කළමනාකරු - ජේමිස් ඇම්. බැස්ටියන්

සැකසුම – විජය චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

ගීත පටිගත සහ ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

සංගීත අධ්‍යක්‍ෂණය – ක්ලැරන්ස් විජේවර්ධන

ගීත – ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා - ඇන්ජලින් ගුණතිලක (ක්ලැරන්ස් විජේවර්ධන)

සඳ තනිවෙලා අහසේ - මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ( ක්ලැරන්ස් විජේවර්ධන)

කලක් ඇවෑමෙන් පෙරුම් පුරා - මිල්ටන්, ඇන්ජලින් (ධර්මසිරි ගමගේ)

සැණ කෙළියේ සඳ එළියේ - ක්ලැරන්ස් විජේවර්ධන (ධර්මසිරි ගමගේ)

රෑ සීතලයි ආශා ගලයි – ඇන්ජලින් ගුණතිලක (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

සොඳුරු ලොවට මල් වැහැලා - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන

ගීත තැටි - ජෙම්ටෝන්

චිත්‍රපටයේ මුල් නාමය – ප්‍රාර්ථනා

නළු නිළියන් – මාලිනී ෆොන්සේකා (නිරංජලා) අමරසිරි කලංසූරිය (නිමල්) රංජන් මෙන්ඩිස් (සැම්සන් ජයසූරිය) ගීතා කුමාරසිංහ (මේනකා) රොබින් ප්‍රනාන්දු (ප්‍රදීප්) කුසුම් පෙරේරා (ඩොරීන්) නිමල් ජයවර්ධන, ෆීලික්ස් ප්‍රේමවර්ධන, ජෝ දඹුලුගල, තලතා ගුණසේකර, දොන් සිරිසේන, උපාලි ජිනසේන, ටියුඩර් ලියනගේ, විල්සන් කරුණාරත්න, ලිල් රාමනායක, ග්‍රේෂන් වීරවංශ, රෝහිත මාන්නගේ, ක්ලැරන්ස් විජේවර්ධන

ප්‍රදර්ශනය – නිව් ඔලිම්පියා, රිට්ස්, අශෝකා, රොක්සි, ජයන්තා - ගම්පහ, ලැවීනියා - නුගේගොඩ ඇතුළු තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී. ප්‍රදර්ශන කාලය – ආරම්භක සිනමා ශාලා 07 ක දින 50 පිරුණු අතර රිට්ස්, ලැවීනියා, මුවිටෝන් යන සිනමා ශාලා තුනෙහි දින 81 ක් පෙන්වන ලදී.

කුමර කුමරියෝ

තිරගත වූ දිනය – 1978 නොවැම්බර් 10

ඉදිරිපත් කිරීම - ස්වර්ණ නිර්මාණ චිත්‍රපට

නිෂ්පාදනය – පීටර් බෝදරගම

අධ්‍යක්‍ෂණය - සුදාස් මාස්කෝරාළ කතාව, තිර රචනය, දෙබස් සහ

සහාය අධ්‍යක්‍ෂණය – උපාලි අමරජීව

කැමරා අධ්‍යක්‍ෂණය – ඩැනී ඩබ්ලිව්. පතිරණ

සංස්කරණය – කිංස්ලි පෙරේරා

වේශ නිරූපණය – එස්. පී. කොස්තා

කලා අධ්‍යක්‍ෂණය – ලයනල් සිල්වා

සටන් අධ්‍යක්‍ෂණය – බන්දු මුණසිංහ

නැටුම් අධ්‍යක්‍ෂණය - සිරිල් අමරසිංහ

සැකසුම – ලංකා චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය

ශබ්ද පරිපාලක - ජෝර්ජ් මනතුංග

රසායනාගාර අධිපති - ජෙරල්ඩ් බී. ජයවර්ධන

නිශ්චල ඡායාරූප – නිසාර්

නිෂ්පාදන කළමනාකරණය - ප්‍රේමදාස ජයකොඩි

සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක

ගීත සංඛ්‍යාව - 06

ගීත – නීල දෑස තවුතිසාවේ – මිල්ටන් මල්ලවආරච්චි, සුජාතා අත්තනායක (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

අශාවෙන් නටන්න – එම්. එස්. ප්‍රනාන්දු (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

සුපෙම් සැඳැල්ලේ - මිල්ටන්, සුජාතා, එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක (සිරිල් ඒ. සීලවිමල)

යෞවන සමයේ ගීතිකා - ජෝතිපාල, ඇන්ජලින් (ධර්මසිරි ගමගේ)

අතිනත ගෙන එනවිට - ජෝතිපාල, ඇන්ජලින් (කරුණාරත්න අබේසේකර)

ආදරේ මල් මාවතේ – ලතා වල්පොල (කේ. ඩී. කේ. ධර්මවර්ධන)

ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන

නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

චිත්‍රපටයේ මුල් නාම – කාංචනා, මංගල සීනු

නළු නිළියන් – විජය කුමාරණතුංග (සාගර) ශි‍්‍රයාණි අමරසේන (අචලා) තිස්ස විජේසුරේන්ද්‍ර (උපුල්) ජෝ අබේවික්‍රම (ධර්මේ, හැරී) ඔස්වල්ඩ් ජයසිංහ (ගජවීර, කරු) ඩේෂන් අමරසිංහ (රූපේ) ඩී. ආර්. නානායක්කාර (ලයිට් මාමා) රත්නාවලී කැකුණවෙල (අචලාගේ මව) දෙනවක හාමිනේ (ආච්චි) සෝමසිරි දෙහිපිටිය (ජේමිස්) මානෙල් වානගුරු, එඩී. ජූනියර්, බන්දු මුණසිංහ, ෆර්ල් වාසුදේවි, චන්දි රසිකා, රත්නා ද සිල්වා, ලාල් සේනාධීර

ප්‍රදර්ශනය – ගාමිණී, ෆ්ලාසා, රුක්මණී, ඕඩියන් – මහනුවර, අනූෂා - මහරගම ඇතුළු දෙවන ප්‍රදර්ශක මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී

ප්‍රදර්ශන කාලය – රුක්මණී දින 19, ගාමිණී හා ෆ්ලාසා දින 40 බැගින්

මංගල දර්ශනය – චිත්‍රපටයට සම්බන්ධ නළු නිළියන් හා කාර්මික ශිල්පීන්ගේ ප්‍රධානත්වයෙන් 78. 11. 10 ෆ්ලාසා සිනමා ශාලාවේදී.