සළ රූ ගී සර

ශීලා

මල්සර දෝතේ - තුරුණු තොටිල්ලේ
නැළවෙන පෙම්බර වසන්තයේ
ආදර ඇල්ලේ - පිනි මුතුලැල්ලේ
සීතල හංකිති කැවෙයි ළයේ

සමනල සේනා - මලින් මලේ
තුඩගා පෙම්පත – ලියන වෙලේ
ලා හිරු රේඛා - රැස් වැතිරේ
මගේ කල්පනා - කඳු මුදුනේ

සුන්දරතාවේ – මිහිර ඉගිල්ලේ
ගිරිකුළු අතරින් – දසන්තයේ
රේනු සිඹින්නේ - රොන් අරගන්නේ
කවරුද මා හද පිපුනු මලේ

පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය – ඇම්. කේ. රොක්සාමි
ගායනය – කලාශූරී ලතා වල්පොල
අධ්‍යක්ෂණය - කේ. වෙන්කට්

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව