සිංහළ සිනමා විස්තරය

සීයේ නෝට්ටුව

තිරගත වූ දිනය – 1971 සැප්තැම්බර් 17

නිෂ්පාදනය – එස්. ඩී. එස්. සෝමරත්න

කතාව, දෙබස්, අධ්‍යක්ෂණය, තිර රචනය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්

ඉදිරිපත් කිිරීම – සීමාසහිත හෙළදිව චිත්‍රපට

වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු

නැටුම් අධ්‍යක්ෂණය - රෝලන්ඩ් ප්‍රනාන්දු

ශබ්ද පරිපාලනය – අයි. ඒ. ජොහාර්

සංස්කරණය – එඩ්වින් ලීටින්

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය – ඔගස්ටස් විනයාගරත්නම්,

ධර්මසිරි ගමගේ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ

ගීත -

හද උමං තනා ගැඹුරින් ගැඹුරේ - ජෝතිපාල – ඔගස්ටස් විනයාගරත්නම්

දේදුනු පායා පාට වැටෙනවා - නන්දා මාලිනී – ජෝර්ජ් ලෙස්ලි රණසිංහ

ලස්සන සිහිනය දෝත් හෙලන්නට – මිල්ටන් මල්ලවආරච්චි

කළු සුදු සිහින ලොවේ – වික්ටර් රත්නායක – ධර්මසිරි ගමගේ

නළු නිළියන් -

ජෝ අබේවික්‍රම, ශ්‍රියාණි අමරසේන ඩී. ආර්. නානායක්කාර, පියදාස විජේකෝන්, ශාන්ති ලේඛා, දොන් සිරිසේන, ඇන්තනි සී. පෙරේරා, දෙනවක හාමිනේ, ලැටීෂියා පීරිස්, ඔස්වල්ඩ් ජයසිංහ, හර්බට් අමරවික්‍රම, පර්ල් වාසුදේවි, රුක්මණි දේවි, බී. ඇස්. පෙරේරා, එඩී ජූනියර්, අනූෂා ගීතාංජලී, ස්ටැන්ලි ද සිල්වා


බිඳුණු හදවත්

තිරගත වූ දිනය – 1971 ඔක්තෝම්බර් 22

ඉදිරිපත් කිරීම – එල්. වී. චිත්‍රපට

නිෂ්පාදනය – ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්, ජී. ඩී. මනතුංග, ඒ. ජී. ඩයස්

කතාව, දෙබස් හා අධ්‍යක්ෂණය – ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්

කැමරා අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු

කලා අධ්‍යක්ෂණය – ඩී. ගෙයිසර්

සංගීත අධ්‍යක්ෂණය - ටෝනි වීරතුංග

ගීත ප්‍රබන්ධය – ආනන්ද සෙනෙවිරත්න

ගීත ගායනය – වික්ටර් රත්නායක

නිෂ්පාදන කළමනාකරණය - සිරිල් මෙලෝනි

වේශ - නිරූපණය – ගිල්ටන් මෙන්ඩිස්

සහාය අධ්‍යක්ෂණය - සිරිල් මෙලෝනි

සංස්කරණය – එඩ්වින් ලීට්න්

ගීතය -

ආත්මයෙන් ආත්මයට ගමන් කරන ආදරේ

වික්ටර් රත්නායක,/ ආනන්ද සෙනෙවිරත්න

නළු නිළියන් -

රොබින් ප්‍රනාන්දු, විජය කුමාරණතුංග, නීටා ප්‍රනාන්දු, දේවිකා කරුණාරත්න, ශ්‍රියාණි වනිගසේකර, චන්ද්‍රකලා, එරල් ස්මිත්, දෙනවක හාමිනේ


වැලිකතර

තිරගත වූ දිනය – 1971 ඔක්තෝම්බර් 27

සම නිෂ්පාදනය- ස්වර්ණමාලි ගුණතුංග, ඩී. බී. නිහාල්සිංහ

අධ්‍යක්ෂණය, සංස්කරණය, කැමරා අධ්‍යක්ෂණය – ඩී. බී. නිහාල්සිංහ

සහාය අධ්‍යක්ෂණය – රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දු

කැමරා සහාය – කේ. ඩී. දයානන්ද, ආර්. ඩී. අතපත්තු, එම්. වී. හේමපාල, සෑම් ඩීන්

කතාව, දෙබස් සහ තිර නාටකය - තිස්ස අබේසේකර

වේශ නිරූපණය – රෙජී ද සිල්වා

කලා අධ්‍යක්ෂණය – ගුණරත්න රත්නායක

ශබ්ද පරිපාලනය – මර්වින් රුද්‍රිගු

ශබ්ද පරිපාලනය සහාය – ජෝර්ජ් මනතුංග,

ජී. ඩී. කිංස්ලි පෙරේරා, ඇස්. ගමගේ

රසායනාගාර – ජෙරල් ඩී. ජයවර්ධන

රසායනාගාර සහාය - කේ. එම්. ජයවර්ධන

නිෂ්පාදන කළමනාකරු – හෙක්ටර් හපුගොඩ

වෙඩි පිපිරවීම් – ජොනී ඩී. හුඩ්

සංගීත අධ්‍යක්ෂණය – සෝමදාස ඇල්විටිගල

ගීත ප්‍රබන්ධය – මහගම සේකර

ගීත ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව

ගීත සංඛ්‍යාව - 01

ගිනි ගත් මරු කතරේ (තේමා ගීතය)

නළු නිළියන් -

ගාමිණී ෆොන්සේකා, සුවිනීතා වීරසිංහ, ජෝ අබේවික්‍රම, දේවිකා කරුණාරත්න, නවනන්දන විජේසිංහ, දයානන්ද ජයවර්ධන, ටී. කපුගොඩ, විල්ප්‍රඩ් ස්ටැන්ලි, ආර්. වීරක්කොඩි, පැටි කරුණාතිලක, රත්නපාල ගල්්හේන, කරු නානායක්කාර, ටියුඩර් කරුණාතිලක, බුද්ධි වික්‍රම, පී. බී. මයිල්ලෑව, කිත්සිරි පෙරේරා, පියසේන අහංගම, ප්‍රේමරත්න බටුවිට, පියදාස වීරසිංහ, එච්. ඩී. අබේවර්ධන, එච්. ඒ. ජයවර්ධන, නිව්ටන් රාජසේකර, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, චන්ද්‍රා කළුආරච්චි, එල්සන් දිවිතුරගම, මාක් ඇන්ටනි ප්‍රනාන්දු, සුගත් ප්‍රසන්න, කරු දිසානායක, එච්. එස්. ෆොන්සේකා, එම්. වින්සන්ට්, බර්නි ද සිල්වා

* ඩී. බී. නිහාල්සිංහයන්ගේ ප්‍රථම වෘත්තාන්ත නිර්මාණය සේම ප්‍රථම සිනමාස්කෝප් වෘත්තාන්ත චිත්‍රපටය. සංදේශය චිත්‍රපටයෙන් ඇරැඹූ වීර කතා සම්ප්‍රදායේ ශක්තිමත් සන්ධිස්ථානයක් ලෙස මෙය විචාරකයන්ගේ අවධානයට ලක්විය.


සමනල කුමරියෝ

තිරගත වූ දිනය – 1971 නොවැම්බර් 20

නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය – විමලදාස පෙරේරා

කැමරා අධ්‍යක්ෂණය - කේ. සන්මුගනාදන්, එම්. වී. හේමපාල, ඩොනල්ඩ් කරුණාරත්න, කේ. ඩී. දයානන්ද (අපි කවදත් සූරයෝ)

සංස්කරණය - සිරි කේ. විතාරණ

කලා අධ්‍යක්ෂණය - ප්‍රෙ‍්‍ර්ම් ජයන්ත්

වේශ නිරූපණය – එස්. පී. කොස්තා, රොහාන් මුදන්නායක, සනත් සී. විජේවර්ධන

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි, පුංචිහේවා

සැකසුම – ලංකා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රදන්ධය – කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ

ගීත ගායනය - සිසිර සේනාරත්න, නන්දා මාලිනී, සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි, නාලිනී රණසිංහ, එම්. එස්. ප්‍රනාන්දු, සී. ටී. ප්‍රනාන්දු

ගීත:

මංගල මධු මදිරා - සිසිර සේනාරත්න, නන්දා මාලිනී

සුමන සමන් දෙවි - සනත්, මල්කාන්ති, නාලිනී රණසිංහ

නෝනා පොල්ල සෙල්ලම – එම්. එස්.,සී. ටී. ප්‍රනාන්දු

ඉහට උඩින් නිල් අහසයි – නන්දා මාලිනී

නළු නිළියන්:

ටෝනි රණසිංහ, මාලිනී ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු, ලයනල් දැරණියගල, වික්‍රම බෝගොඩ, සුමනා අමරසිංහ විජය කුමාරණතුංග, ෆෙ‍්‍රඩී සිල්වා, ස්වර්ණා මල්ලවආරච්චි, පිටිපන සිල්වා, සුමනා අමරසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍ර‍්‍රනාන්දු, සීතා කුමාරි, ශාන්ති ලේඛා, නවනන්දන විජේසිංහ, ශ්‍රියාලතා සුබසිංහ, රොබින් ප්‍රනාන්දු, පර්ල් විජේසිංහ, එඩී ජයමාන්න, ගාමිණී ගනේගොඩ, දොන් සිරිසේන, රුක්මණී දේවි, අශෝක හේවාවිතාරණ, පූජිත මෙන්ඩිස්, උපාලි සේනානායක, රත්නා ලංකා අබේවික්‍රම, රෝයි ද සිල්වා, චාමින්ද දීපාල් පෙරේරා, විජේරත්න වරකාගොඩ, දෙනවක හාමිනේ, කල්ප අසංග පෙරේරා, රොබට් මැක්ලවුඩ්, ස්ටැන්ලි පෙරේරා, බන්දු මුණසිංහ, ඩඩ්ලි වානගුරු, විමලා ජයවර්ධන, පද්මා ස්වර්ණ කාන්ති, උපාලි පීරිස්, සිරි පෙරේරා, ඇම්. ඒ. සිමියොන්, ජේ. ඩී. ටී. ලිවේරා


හාර ලක්ෂය

තිරගත වූ දිනය – 1971 දෙසැම්බර් 17

ඉදිරිපත් කිරීම - සිංහගිරි චිත්‍රපට

නිෂ්පාදනය - සුගතදාස මරසිංහ

කතාව, දෙබස්, තිර නාටකය, අධ්‍යක්ෂණය සහ සංස්කරණය – ටයිටස් තොටවත්ත

සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි

කැමරා අධ්‍යක්ෂණය – ඇන්ඩෲ ජයමාන්න

සහාය කැමරා - එම්. වී. හේමපාල, රංජිත් මැණික්පුර

වේශ නිරූපණය – ඊබට් විජේසිංහ

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්

රසායනාගාර – එස්. තිරනාවුකරසු

නිශ්චල ඡායාරූප - ලෙස්ලි අමරසිංහ

නිෂ්පාදන කළමනාකරු - ආර්. ඒ. පී. රණසිංහ

සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි

ගීත ගායනය - මොහිදීන් බෙග් සහ පිරිස ගැයූ

කවාලි ගීතයක් සහ පැරැණි ගීත කොටස්

ඇතුළත් විය.

නළු නිළියන්:

ජෝ අබේවික්‍රම, රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, හෙක්ටර් හපුගොඩ, ඊ. එම්. පී. බණ්ඩාර, පියදාස ගුණසේකර, සේනාධීර රූපසිංහ, නාමෙල් වීරමුණි, සෝමසිරි දෙහිපිටිය, දොන් ප්‍රේමරත්න, ගීතාල් පෙරේරා, බුද්ධි වික්‍රම, වින්සන්ට් වාස්, මොහිදින් බෙග්, තිලකසිරි ප්‍රනාන්දු, අයිවන් පණ්ඩිතරත්න, ගැමුණු විජේසූරිය

විශේෂතා:

කඩවුණ පොරොන්දුව චත්‍රපටය තිරගත වූවාට පසුව (වසර 25 කට පසුව) කොළඹ කිංස්ලි සිනමා ශාලාවේ සිංහල චිත්‍රපටයක් ලෙස මෙය තිරගත කිරීම.

‘නාංගු ලෙච්චමි’ නමින් දෙමළ බසින් දෙබස් කවා තිරගත කිරීම.

මෙම කතාවට පාදක කර ගත් ඛ-6033 මොටර් රථය යොදා ගෙන දැවැන්ත ප්‍රචාරක පුවරුවක් නිර්මාණය කිරීම.

සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වීම. කාන්තා චරිත නොවීම.

මෙය සිනමාස් සමාගමට අයත් කිංස්ලි, සැෆයාර් ඇතුළු සිනමා ශාලා 18 කදී මූලික ප්‍රදර්ශනය ඇරැඹීය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව