Q & A

චිත්‍රපටයක් හදමු

ජානකී විජේරත්නට,

‘පූජා’ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කළාක් මෙන් සිනමා පටයක් නිපදවීමට අදහසක් නැතිද? ජීවන්, රන්ජන්, සනත් වැනි අය යොදා චිත්‍රපටයක් නිර්මාණය කරන්න.

මිල්ටන් ප්‍රනාන්දු - උතුරු මූදුකටුව,

මිල්ටන්,

මම තවත් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කළා. එය දැන් සිරස රූපවාහිනියේ විකාශය වෙනවා. ඉදිරියේදී ජීවන්, සනත් හා රංජන් වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් තිදෙනා සමඟ රඟපාන්න ඇත්තටම කැමැතියි. කාල වේලා ඇති පරිදි සිනමා නිර්මාණයක් ගැන සිතන්න බලමු.


කලකිරිලා ද?

කමල් අද්දරආරච්චිට,

ඔබ රංගනයෙන් මුසපත් කළ සාගරයක් මැද, බිතු සිතුවම්, කිනිහිරියා මල්, සප්ත කන්‍යාවි ආදී චිත්‍රපට සදා අප මතකයේ රැඳේවි. මේ දිනවල ඔබ සිනමාව ගැන කලකිරී සිටින වග ආරංචියි. එය සත්‍යයක්ද? මේ ගැන පහදා දෙන්න.

ලීනා සමරවීර

අනුර චන්ද්‍රසිරි

ගල්කිස්ස.

අවාසනාවකට දැන් සිටින අධ්‍යක්ෂවරුන්ට හා නිෂ්පාදකයින්ට මම වැනි තවත් බොහෝ කලාකරුවන් පිරිසක් පෙනෙන්නේ නැහැ. එක දවසින් කුණු කූඩෙට යන සිනමාපට ඕනෑ තරම් හැදෙන රටක, හොඳ කලාවට තැනක් නැහැ. මේ කලාව යන්නේ කොහෙද කියලා හරියට දන්නෙත් නැහැ. ඒ කාලේ නිර්මාණය වුණු ටෙලි නාට්‍ය, චිත්‍රපට ගැන උදම් අනනවා මිසක් හොඳ නාට්‍යයක්, සිනමා නිර්මාණයක් කරන්න කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. ඇත්තටම මේක මේ අයගේ නොදැනුවත්කම ද, කුහකකම ද කියලා මට හිතා ගන්න බැහැ.


පරණ වේදිකාවේ අලුත් වසරේත්

රොඩ්නි වර්ණකුලට,

ඔබ මේ නව වසරේත් පරණ වේදිකා නාට්‍යවලම රංගනයෙන් දායක වෙමින් සිටිනවාද?

ආනන්ද වික්‍රමාරච්චි - ඉහළ තල්දූව.

ආනන්ද,

මේ වසර ඇත්තටම අපි හැමෝටම සුබ වසරක් වේවි. මට නම් වේදිකාවේ නව වෙනසක් කරන්න අලුත්ම වේදිකා නාට්‍ය දෙකක් ලැබුණා. ඒ සිසිල් ගුණසේකර නිෂ්පාදනය කරන ‘සිකුරු සවාරිය’ හා ප්‍රියන්ත රංජන් ගේ ‘රූකඩ රාජ්ජේ’ නාට්‍ය දෙක. ඒ සමඟම සුනිල් අරුණ වීරසිරිගේ ‘වීර්යා’ චිත්‍රපටයේත් මේ නව වසර උදාවත් සමඟ වැඩ ඇරැඹුණා. ප්‍රේක්ෂක ඔබට මේ සමඟ නව අත්දැකීමක් ගෙනත් දෙන්න පුළුවන් නම් ඒ තමා මගේ ජයග්‍රහණය.


බැලුනයක ගිය අන්දම

මේනකා පීරිස්ට,

‘මං ආසයි පියාඹන්න’ ටෙලි නාට්‍යයේ ඔබ සහ චිලී කියන නවක නළුවා බැලූනයක නැගී උඩු ගුවනේ යන දර්ශනයක් තියෙනවා. ඒක ගැන විස්තර කරනවාද?

කමලා සෙනෙවිරත්න

හෝකන්දර දකුණ.

කමලා,

මේ දර්ශනය දඹුල්ල ප්‍රදේශයේදී රූගත කළේ. ඇත්තටම මේ බැලූනයක පුද්ගලයින් 16 දෙනෙකුට පමණ ගමන් ගත හැකියි. අපේ නිෂ්පාදන කණ්ඩයමේ අට දෙනෙක් හා මමත් චිලිත් මේ රූගත කිරීමට එක් වුණා. ඇත්තටම හරිම බිය ජනකයි. උඩු ගුවනේ පැය දෙකක විතර රූගත කිරීමක් සිදු කෙරුණා. විශේෂයෙන් කණ්ඩලම ජලාශය අවට සොඳුරු පරිසරය මේ සඳහා හොඳ පසුබිමක් වුණා. මම මේ රූගත කිරීම් අතරතුර කිහිප වතාවක්ම බය වුණා. මගේ උඩු ගුවනේ පළමු රූගත කිරීමනේ මෙය.


මේ මතකය කොතැනින් ද?

රංජිත් එදිරිසිංහට,

පැරැණි ගීත රස විඳින රසිකයින්ගේ දෙසවන් අමන්දා නන්දයට පත් කරවන ‘මියුරු පෙම් මදිරා’ වැඩසටහන ඉරිදා රාත්‍රී 7.30 ට ලක්හඬ ඔස්සේ ඇසෙන විට ඔබව අමතක කරන්නම බෑ. ඔබ චිත්‍රපට හා ගීත ගැන මේ තරමට විස්තර කියන්න ඉගෙන ගත්තේ කොහෙන්ද?

වෛද්‍ය නෙල්සන් වීරසිංහ, අනුලා වීරසිංහ පූජාපිටිය,

පොල්ගහවෙල.

මම කුඩා කාලේ සිටම චිත්‍රපට බැලුවේ ඉතාම ආශාවෙන්. ඒවායෙහි ගීත ජවනිකා හැමදාමත් මතකයේ රැඳුණා.

මා ළමා කල මගේ පුංචි අම්මා ග්‍රැමෆෝනයෙන් ගීත අසන්න දෙනවා. ඒ වගේම ගුවන් විදුලි සංස්ථාවෙන් ලැබුණ ආභාෂයත් මේ මතකයට බලපෑවා.

ඕනෑම දෙයක් කෙරෙහි නොතිත් ආශාවත් සමඟ කැපවීමක් තියෙනවා නම් මේ වැඩ ඒ හැටි දේවල් නොවෙයි.


කැමැතිම චිත්‍රපටය

හිමාලි සයුරංගි,

මේ කලා ක්ෂේත්‍රය තුළ ඔබ ප්‍රිය කරන නළු නිළි යුවල කවුරුද? චිත්‍රපටය කුමක්ද?

ආශා එදිරිසිංහ -කුරුණෑගල.

මා ඉත්මත් ප්‍රිය කරන නිළිය ස්වර්ණා මල්ලවආරච්චියි. ඒ ඇය ඉතාම සංවේදී චරිත රඟපෑමේ උපන් දක්ෂතාවක් දක්වන නිසා. කැමැතිම නළුවා කමල් අද්දරආරච්චි. ඒ ඔහු රඟන චරිතය ඉතාමත් සංවේදී ලෙස ඇඟට දැනෙන අයුරින් රූපණය කරන නිසා. කැමැතිම සිනමාපටය දඩයම. ඒ එහි රූපණ පිළිවෙත මට දැනෙන නිසා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ