පරපුරට මුල පුරයි

ජනප්‍රිය නළු ක්ලීටස් මෙන්ඩිස් පළමුවරට අධ්‍යක්ෂණය කරන ‘පරපුර’ හි මුහුරත් උළෙල පසුගියදා මහරගම යොවුන් රඟහල් පරිශ්‍රයේදී පැවැත්විණ.

එදිනම එහි රූගත කිරීම් ආරම්භ කෙරුණි.

ක්ලීටස් සමඟ බැසිල් ජයසූරිය සහ ශ්‍රීමාලි ජයසූරිය නිෂ්පාදනය කරන පරපුරහි පරම්පරා කිහිපයක රංගන ශිල්පීන් රැසක් දායක වී තිබීම විශේෂත්වයකි.

රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ජීවන් කුමාරණතුංග, බුද්ධදාස විතානාච්චි, රන්ජන් රාමනායක, පාලිත සිල්වා, දිල්හානි අශෝකමාලා, කාංචනා මෙන්ඩිස්, නීටා ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර, රොෂාන් පිලපිටිය, අජිත් වීරසිංහ, චිලී තිලංග, ඩිලංග මෙන්ඩිස්, ගාමිණී අම්බලන්ගාඩ, ගාමිණී ජයලත්, සම්පත් කුමාරතුංග, ජනිත වික්‍රමගේ, සුමිත් මුදන්නායක, විල්සන් කරු, ටෙඩී විද්‍යාලංකාර, ලාල් පීරිස්, සමන්ත මායාදුන්න ඒ අතර වේ.

පරපුරහී ජීවන් කුමාරණතුංගගේ දියණිය සහ කමල් අද්දරආරච්චිගේ පුතු පළමුවරට රංගනයේ යෙදීම විශේෂත්වයකි.


සක්විති දඩයම අද සිට

සුමිත් ගල්හේනගේ කුලුඳුල් අධ්‍යක්ෂණය සක්විති දඩයම අද (12) සිට රිට්ස් ඇතුළු එම්. පී. අයි. මණ්ඩලයේ තිරගත වෙයි.

විජය නන්දසිරි, අර්ජුන් කමලනාත්, අනූෂා දමයන්ති, රෙක්ස් කොඩිප්පිලි, මොරීන් චාරුනී, සුසිලා කොට්ටගේ, හේමන්ත ඊරියගම, කීර්ති රංජිත් පීරිස්, රූපා ගෝමස්, මහින්ද ඉහළගමගේ, අදීශ කාංචන, ගුණපාල හේවාබටුවිට, මහේෂ් වීරතුංග, මේරියන් එළිසබෙත්, රන්ජන් ගලගෙදර, නිලන්ති ගලහිටියාව, චාන්දනී පෙරේරා, රශ්මි පුෂ්පිකා සුමනසේකර, නිලන්ත මහවැව සහ අනිල් සේනාරත්න සක්විති දඩයම රංගනයෙන් හැඩ ගන්වති.

ප්‍රසන්න ප්‍රදීප් කුමාර කලා අධ්‍යක්ෂවරයාය. අංග රචනයෙන් සනිර දිනේෂ් කුමාර එක්වෙයි. රොෂාන් ජයසුන්දරගේ සහය අධ්‍යක්ෂණයකි.

ලාල් දිසානායක ශබ්ද පරිපාලකවරයාය. දිසානායක අළුත්ගෙදර ගීත රචකයාය. ෆර්හාන් ෂාන් සංගීතය මෙහෙයවයි. අමිලා නදීශානි සමඟ නුවන් ගුණවර්ධන ගායනයෙන් දායක වෙයි.

යාපා විජය බණ්ඩාරගේ කැමරා අධ්‍යක්ෂණයකි. නිහාල් ශ්‍රී චිත්‍රපට හා චතුර හෝඩින්ස් (පුද්ගලික) වෙනුවෙන් අධිනීතිඥ නිහාල් ශ්‍රී විතානගේ සක්විති දඩයම නිෂ්පාදනය කරයි.


ඊ. ඒ. පී. අලුත් චිත්‍රපටයට නමක්

කෝ මාක් නෝ මාක්

නමක් නැතිව රූ ගැන්වීම් සිදු කළ ඊ. ඒ. පී. සමාගමේ අලුත්ම නිෂ්පාදනයට පසුගියදා නමක් යෙදුණි.

ඒ කෝ මාක් නෝ මාක් යනුවෙනි. කෝ මාක් නෝ මාක් ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයකි. දැනට අඩකටවත් වඩා වැඩ කටයුතු නිම කළ කෝ මාක් නෝ මාක් ගිරිරාජ් කෞශල්‍යයගේ සහ මිහිරි සිරිතිලකගේ තිර රචනයකින් සැකසුනකි. එය ආචාර්ය සෝමා එදිරිසිංහගේ නිෂ්පාදනයකි.

මෙම චිත්‍රපටයේ රංගනය සඳහා සරසවිය පාඨකයන්ට අවස්ථාවක් ලබා දීමට ඊ. ඒ. පී. සමාගම සැරසේ. ඒ සඳහා ඔබ ඇල්මක් දක්වන්නේ නම් 14 වැනි සෙනසුරාදා නො: 294, හයිලෙවල් පාර, නුගේගොඩ යන ලිපිනයට පැමිණ සම්මුඛ පරීක්ෂණයට සහභාගි විය හැකිය.


සිරිතුංගගේ කන්‍යාවි පුංචිතියටර්හිදී

බී. සිරිතුංග පෙරේරා අධ්‍යක්ෂණය කළ කන්‍යාවී සිනමාපටය බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර් හි මේ දිනවල තිරගතවේ.

සනත් ගුණතිලක, මීනා කුමාරි, පුබුදු චතුරංග, හිමාලි සයුරංගි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, හයිසින්ත් විජේරත්න, ඩිලානි මධුරසිංහ, සීතා කුමාරි, මල්කා දමයන්ත මෙහි රංගනයේ යෙදෙති.

කන්‍යාවි දේශමාන්‍ය ඉන්දික විජේරත්නගේ නිෂ්පාදනයකි.සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.


කීර්ති බණ්ඩාර නළුවන් සොයයි

ආදර මීනා, සීයාගේ පුංචි වීරයෝ හැදූ කීර්ති බණ්ඩාර තවත් සිනමා සිත්තමක් නිර්මාණය කිරීමට සූදානම් වනවා. ඒ දෝණි අමායා. එය ළමා චිත්‍රපටයක්. දෝණි අමායා සඳහා විල්සන් ගුණරත්න සහ හයිසින්ත් විජේරත්න දැනටමත් තෝරා ගෙන ඇති අතර මෙහි අනෙකුත් චරිත නිරූපණය සඳහා වයස අවුරුදු 07 – 14 දක්වා දරුවන් රැසක් කීර්ති සොයනවා.

චිත්‍රපටයේ නළු නිළියන් තෝරා ගැනීම ලබන 15 වැනිදා දළුගම සරසවි චිත්‍රාගාරයේදී පැවැත්වෙන බව කීර්ති පවසනවා


දෙදෙනෙක් රෝහලේ

කලා ලොවෙහි දෙදෙනකු හදිසියේම අසනීප වී කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව සරසවියට වාර්තා වෙයි. ඉන් කෙනෙකු කඩුවෙල නිව් සිනමා අධිපති රංජිත් කරුණාතිලකයි. ඔහු 34 වැනි වාට්ටුවෙහි නේවාසිකව ගත කරයි.

සම්මානනීය කලා අධ්‍යක්ෂවරයකු මෙන්ම රංගන ශිල්පියකුªද වන ස්ටැනි ද සිල්වා රෝහලේ 41 වැනි වාට්ටුවෙහි නේවාසිකව ප්‍රතිකාර ලබයි. 1979 වසරේ වසන්ත ඔබේසේකරගේ කැඩපතක ඡායා සිනමාපටය වෙනුවෙන් ස්වර්ණ සංඛ සම්මාන උළෙලේ හොඳම කලා අධ්‍යක්ෂ වූ හෙතෙම ගෞතමි, නිලංජනා, යස් බොස්, සිරිවාසල ඇතුළු නාට්‍ය ගණනාවක ද, වීර උදාර, අහිංසා, අරගලය යනාදී චිත්‍රපටවල කලා අධ්‍යක්ෂවරයා විය.


වීර්යා ඇරැඹි දා

ඡායාරූප ශිල්පී මහේෂ් නිශාන්තගේ කැමරා කාචයේ සටහන් වූ මේ සේයාරුවෙහි සිටින්නේ වීර්යා හි පිරිවරයි. සුනිල් අරුණ වීරසිරිගේ සිව්වැනි සිනමා නිෂ්පාදනය වූ වීර්යා හි මුහුරත් උළෙල පසුගියදා සුනිල් අරුණ වීරසිරිගේ නිවෙසේ පැවැත්විණ. අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එයට සහභාගි විය.

ලබන මාර්තුවේ රූගත කිරීම් ඇරැඹෙන වීර්යා හි ලකී ඩයස්, ශ්‍රියාණි අමරසේන, ජගත් චමිල, ශේෂාද්‍රි, රොඩ්නි වර්ණකුල, නිරෝෂන් විජේසිංහ, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, රම්‍යා වනිගසේකර, ඇන්ටන් ජූඩ්, දුලීකා මාරපන, ඥාණාංග ගුණවර්ධන, සරණපාල ජයසූරිය ඇතුළු නළු නිළි පිරිස රංගනයේ යෙදෙති. වීර්යා සුනිල් අරුණ වීරසිරිගේම අධ්‍යක්ෂණයකි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ