තාත්තයි පුතයි සම්මාන දිනලා

රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ

සමර පුංචි දරුවෝ සතියේ කැමැතිම විවේකී සති අන්තයට. නුවනුත් ඒ වගේ පුංචි දරුවෙක්. හැබැයි නුවන් නම් ටිකක් කම්මැලියි.

ඒ නිසා තමයි පුංචි නුවන් ඉරිදා දවස හොයාගෙන යන්නේ. නමුත් නුවන් අලස වුණාට ‘නුවන්ගේ මිතුරෝ හත්දෙනා’ ළමා නාට්‍යයේ නුවන්ගේ චරිතයට ජීවය දෙන සොඳුරු ලොකුපෝතාගම නම් අලසකමක් නැති සැබෑම දක්ෂ දරුවෙක්. ඒ නිසා තමයි පසුගිය දා පැවැති ජාතික ළමා නාට්‍ය උළෙලේදී විවෘත අංශයෙන් වයස අවු: 13 ක් වන සොඳුරු ලොකුපෝතාගම හොඳම නිෂ්පාදක ලෙසත්, හොඳම නළුවා ලෙසත් සම්මානයට පාත්‍ර වුණේ. පාලිත ලොකුපෝතාගම සොඳුරු ගේ ආදරණීය පියාණන්.

ජාතික ළමා නාට්‍ය උළෙලේ දී පුතා වගේම තාත්තාත් සම්මානයට පාත්‍ර වුණා නේද?

ඔව්. නුවන්ගේ මිතුරෝ හත්දෙනා නාට්‍යය මගේ රචනයක්. හොඳම නාට්‍ය පිටපතට හිමි සම්මානයත්, හොඳම ඇඳුම් නිර්මාණයට හිමි සම්මානයත් මට ලබා ගන්න හැකි වුණා. ඊට අමතරව හොඳම සංගීත නිර්මාණයට හා හොඳම රංග භූමි පාලනයට හිමි සම්මාන ලබා ගත්තෙත් ‘නුවන්ගේ මිතුරෝ’ නාට්‍යයේ සංගීතය නිර්මාණය කළ නයනා ලන්සකාර ගුරු මහත්මිය සහ රංග භූමි පාලනය කළ නුවන් නන්දික. මේ හැම සම්මානයක්ම අපට ලබා ගන්න හැකි වුණේ නාට්‍යය සඳහා සහභාගී වූ සියලු දෙනාම එකාවන්ව මහන්සියෙන් වැඩ කළ නිසයි.

ළමා නාට්‍ය පිටපත් රචකයකු විදිහට වත්මන් ළමා නාට්‍ය කලාව ගැන ඔබට තිබෙන්නේ මොන වගේ අදහසක්ද?

ගොඩක් මව්පියන්ට ළමා නාට්‍යය පිළිබඳ හොඳ අවබෝධයක් නෑ. සමහර අවස්ථාවලදී දරුවන් කලා කටයුතු සඳහා යොමු නොවීමට ප්‍රධානම හේතුව වෙන්නේ දෙමාපියන්ගේ නොදැනුවත්කම. නාට්‍ය වැනි කලා නිර්මාණවලින් සිදුවන්නේ දරුවන්ගේ ආධ්‍යාත්මය පෝෂණය කිරීම.

‘ස්තුතිය’ පිරිනමන්නත් කට්ටිය ඇති නේද?

අපොයි ඔව්. මේ අවස්ථාවේදී අපේ නාට්‍ය කණ්ඩායමේ දරුවන්ගේ දෙමාපියන්ව විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි. ඒ වගේම ‘නුවන්ගේ මිතුරෝ හත්දෙනා’ නාට්‍යයට නොයෙක් ආකාරයෙන් සහයෝගය ලබාදුන් සියලු දෙනාට ස්තුතියි කියන්නත් මම මේක අවස්ථාවක් කර ගන්නවා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ