රාවනා සොයා වන මැද සවාරියක්

සිංදු බන්දු සහ පච බන්දු අපොන්සුගෙන් නම් පට බැඳීමක්

සීතා මං ආවා දර්ශන තලයට යමු

මීදුම ද, සීතල සුළඟද අපේ ගමනට බාධාවක් විය. ඒ මදිවාට ලේ පිපාසය සන්සිඳවා ගන්නට පොළව මතින් ඇදෙන කූඩැල්ලන්ගේ ද බේරෙන්නට සිදු වෙයි. කෙතෙක් බාධක ආවද ඉලක්කය කරා යෑමේ අධිෂ්ඨානයෙන් අප ඉදිරියට ගියේ හෝඩුවාව සොයමිනි.

ඒ නම් ඓතිහාසික චරිතයක් වූ රාවනා රජුගේ දේහය එතැන ඇති බවයි. අප යන විටත් හොර රහසේ තවත් දෙදෙනෙකු එතනට ළඟා වෙන්නට උත්සාහ ගනිමින් සිටියහ. ඔවුන් වෙන කවුරුත් නොව බන්දුල විජේවීර සහ රොඩ්නි වර්ණකුලයි.

තවත් කුතුහලටයට පත් වුණු අපි දෙදෙනා ද ඒ පසුපසින් පිය මැන්නෙමු. වට පිට විපරම් කළ ඔවුන් යම් කිසි බැරෑරුම් කාර්යයකට සූදානම් වන බව ද පෙනේ.

ටික වේලාවක් යන විටම ඇසුනේ රාවනා රජුගේ සොහොන යැයි අනුමාන කළ තැනක නතර වී බන්දුල මහ හඬින් මතුරන හඬයි.

රොඩ්නි බිරාන්ත වී වෙව්ලමින් ඒ දෙස බලා සිට දෙතුන් පාරක් පැන දුවන්නට උත්සාහ ගත්ත ද බන්දුල බිය වද්දා ඔහුව වැලැක් වූවේය.

මන්තරය ජප කර අවසන් වෙනවාත් සමඟම ගල් ගුහාව තුළින් මහ හඬ නංවමින් රාවනා රජු යැයි සිතිය හැකි අයෙක් කතා කරන හඬ ද ඇසී අපි ද පුදුමයට පත් වීමු.

ඒ හඬ හුරුපුරුදුයි. රුව ද ආගන්තුක නොවේ. අප සිතා සිටියද ඒ සැබෑ රාවනා රජු නොව රජ ඇඳුමෙන් සැරසුණු ජයසේකර අපොන්සුය.

‘දුෂ්ට රාමා එව ඉදිරියට, මේ ලංකා පුරයේ සේනා බලයෙන් ද, ආයු බලයෙන් ද බලසම්පන්න වූ මා පරාජය කිරීමට තට හැකිද?’

එහෙත් ඔහු කියන දෙය පැහැදිලි නැත. ඒ දෙබස් ටික කියා ඔතනින් කට් කට් කියා කියූ විට අපිට මතු වූ ගැටලුව විසඳා ගැනීම සඳහා වට පිට බැලුවෙමු.

ඒ දර්ශනය වෙත තවත් පිරිසක් බලා සිටින අයුරු අපි දුටුවෙමු. ඒ අතර බන්දු සමරසිංහ, චංචලා වර්ණසූරිය, සනෝජා බිබිලේ, රංජිත් සිල්වා, තුසිත වීරසිංහ වෙති.

අපි ද සිටි තැනින් පිටතට පැමිණියෙමු. අපව හඳුනා ගත් ජයසේකර අපොන්සු සිනාවක් ද පාමින් අප වෙත ආවේ තවත් දෙබස් ටිකක් කියා ගෙනය. ඒවා නම් අපට පැහැදිලිය. ‘කොයි වෙලාවෙද ආවේ’ මේක මගේඅලුත්ම චිත්‍රපටයේ ප්‍රධානතම දර්ශනය, ඒක තමා ‘සීතා මං ආවා’. මම තමයි රාවනා, එහෙනම් කෝ සීතා කියා අප ඇසුවා පමණි. මේ ඉන්නේ සීතා කියා අත ඉස්සුවේ චංචලායි.

‘හා හා එයා සීතා වුණාට මේ මගේ නෝනා’ ගොරෝසු හඬකින් කතා කළේ කවුදැයි අපි බැලුවෙමු. ඒ කවුරුත් හොඳින් හඳුනන විකට රජා වූ බන්දු සමරසිංහයි.

‘දන්නවද මල්ලිලා, මෙයා හරි දක්කෂයිනෙ චිත්‍රපටවල අනුන්ගෙ බිරින්දෑවරුන් රවට්ට ගන්න. මේ චිත්‍රපටයෙත් එහෙමයි. රාවනාගෙ සීතාව හොරකම් කළානේ. ඒ බන්දුගේ අතිජාත මිත්‍රයෙක් වූ බන්දුලයි.

එකින් එකා අතර රසවත් දෙබස්. සහය අධ්‍යක්ෂ හසිත ශ්‍රීලාල් පිටපතක් ද රැගෙන පැවසුවේ ඊළඟ සීන් එකට බන්දු අයියා මේකප් දාගත්තොත් හොඳයි’. එය අසා එකවර බන්දුල විජේවීර සහ බන්දු සමරසිංහ ද අංග රචනා ශිල්පී ගාමිණී කොස්තා වෙත ගියේය. ‘ඔයාට නෙමේ, මට කතා කළේ’ බන්දු සමරසිංහ එතන වාඩි විය. එහෙත් හසිත කියා සිටියේ බන්දුල අයියා ඉස්සෙල්ල ලෑස්ති වෙන්න කියායි.එතැන සිටි ජයසේකර අපොන්දු මේ පටලැවිල්ල ලිහා දැම්මේ බන්දුලා දෙදෙනා සිංදු බන්දු සහ පච බන්දු ලෙස නම් කරමිනි.

මේ ලැබුණු විරාමයෙන් පච බන්දු වෙත ගියේ ඡායාරූපයක් ගන්න අතර කෙටි කතා බහකට මුල පුරන්නටය.

‘දන්නවද වැඩක්!’ ‘නෑනේ?’ ‘ඔව් මයි’ මහ හඬින් සිනාසී ‘දැනගන්න විදිහක් නැහැනෙ! තාම මම කිව්වයැ’ සුපුරුදු විහිළුවකින් කතාව ඇරැඹූ ඔහු කියා සිටියේ අමුතු කතාවකි. ‘අද මම මෙතන නැහැ, මෙකද මේ චිත්‍රපටයට මාව තෝරල තියෙන්නෙ නිෂ්පාදකවත්, අධ්‍යක්ෂවත් නෙමෙයි. පත්තර මහගෙදර මාධ්‍යවේදියෙක්නේ. කවුද දන්නවද සුනිල් මිහිඳුකුලනෙ. ඒ මනුස්සයා නිසා තමයි ඔය අයට මාව මෙතෙන්දි දැකගන්න පුළුවන් වුණේ.

අපට ප්‍රශ්නයක් නැගුණේ බන්දු ඇත්ත අඩුවෙන් කියන්නෙක් නිසයි. මේ පිළිබඳව අධ්‍යක්ෂ ජයසේකර අපොන්සුගෙන් සහ නිෂ්පාදක දිනිත් චමින්ද ගෙන් ඇසූ විට කිව්වේ, මේ කතාව නම් තිත්ත ඇත්ත කියායි.

රංගනයෙන් දායක වූවෝ:

බන්දු සමරසිංහ, බන්දුල විජේවීර, ජයසේකර අපොන්සු, රොඩ්නි වර්ණකුල, චංචලා වර්ණසූරිය, කුමාර තිරිමාදූර, ජීවන් හඳුන්නෙත්ති, සනෝජා බිබිලේ, දොන් ගයි, සරත් කුලාංග, තුෂිත වීරසිංහ, වසන්ත කස්තුරිආරච්චි, රංජිත් ද සිල්වා, සාමක වීරසිංහ.

අධ්‍යක්ෂණය හා තිර රචනය – ජයසේකර අපොන්සු

නිෂ්පාදනය - දිනිත් චමින්ද ( දිනිත් එන්ටර්ට්‍රේට්න්ට්).

සහය අධ්‍යක්ෂණය – හසිත ශ්‍රීලාල්, වගීෂ

සහය නිෂ්පාදනය – නිහාල් බංඩාර

කැමරාකරණය හා සංස්කරණය – ඩිලාන් ගුණවර්ධන

සහය කැමරා ශිල්පී – ලක්මාල් (සෙනේ ආට්ස්)

කලා අධ්‍යක්ෂණය – රංජිත් ද සිල්වා

පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

ගී ගායනා - උරේෂා රවිහාරි, රොඩ්නි වර්ණකුල, මාරියෝ ආනන්ද

අංග රචනය – ගාමිණී කොස්තා

සහය අංග රචනය – ප්‍රසාද් උඩුගම

නිෂ්පාදන කළමනාකරු - වසන්ත කස්තුරිආරච්චි

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ