FEEDBACK

වැලිකතර ඩී. වී. ඩී. කරමු

 

ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්ට,

තිස්ස නාගොඩවිතානයන්ට,

ටොරානා වීඩියෝ මූවිස් අධිපති සරත් කොතලාවලට,

ජෝ අබේවික්‍රමයන්ගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය වූ වැලිකතර චිත්‍රපටය ඩී. වී. ඩී. මඟින් ඉදිරිපත් කරන්න.

සුමිත් සුදර්ශන - වතුරුගම.


මුල මලී - අග අමන්දා

ටී. වී. චැනල්වලින් සතියේ දිනවල විකාශය කෙරෙන සහ විකාශය වූ ටෙලි නාට්‍ය අතරින් මා මුලටම තෝරන්නේ මලීය. ඒ වගේම දෙවරක් නොසිතා ඉන් අවසාන නිර්මාණය වශයෙන් පෙළෙහි අගට තබන්නේ අමන්දා බව ද පවසමි.

ගිල්බට් පෙරේරා- තලවතුගොඩ පාර, හෝකන්දර දකුණ.


මාලිනී කිරි කවඩි

මරේ මරු

සිංහල සිනමාවේ නිළි රැජන මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා සිනමාවේදී කළ මෙහෙවර එමටය. සිනමාව, රූපවාහිනිය ඔස්සේ ඔබගේ මනරම් රැඟුම් අදටත් මතකයි. ස්ත්‍රී, සසර චේතනා චිත්‍රපට විශිෂ්ටයි. මේ දිනවල විකාශය වන ‘කිරි කවඩි’ මරේ මරු.

ජා-ඇග කළඑළිය, පාතිමා මාවතේ,

සරත් සේනාධීර.


නෙහාරා අරුන්දතී ප්‍රශංසනීයයි

අරුන්දතී ටෙලි නාට්‍යයේ ‘අරුන්දතී’ චරිතය රඟන නෙහාරා පීරිස් ඉතා මැනවින් ඒ චරිතය තේරුම් ගෙන රඟන අයුරු ප්‍රශංසනීයයි.

අයලීන් සෝවිස් - වැලිසර, රාගම.


දුලීකාගේ රංගනය වැදගත්

තමන්ටම ආරූඪ කර ගනිමින් චරිත මවන දුලීකා මාරපනට,

ඇය රංගනය තුළින් අප ඉදිරියේ විවිධ චරිතයන් ඉදිරිපත් කර ඇත. මේ දිනවල ඇය රංගනයේ නිරත වූ මලී ටෙලි නාට්‍යයත්, මේ වසන්ත කාලයයි ටෙලි නාට්‍යයේ චරිත තුළින් ප්‍රේක්ෂකයන්ගේ දැඩි අවධානය ඇය වෙත යොමු කරගෙන ඇත. මලී හි වෙද හාමිනේ ලෙස ද ඊට නොදෙවෙනි අන්දමින් මේ වසන්ත කාලයයි හි චරිතය ද ඇය අති දක්ෂ ලෙස අපට ඉදිරිපත් කරයි.

මීගමුව, කට්ටුව - අජිත් ලක්මාල්


සුජාතා යළිත් ගයන්න

ගායිකා සුජාතා අත්තනායකට,

එක් දහස් නවසිය පනහ වසරේ ඔක්තෝබර් 5 වැනිදා සිසිර කුමාර මානික්කාරච්චි ලියූ ඒ. ජේ. කරීම් සංගීතවත් කළ මල සේ දිලේවා ගීතය එකල කොළඹ ගුවන් විදුලියට ගයමින් ගී ලොවට පිවිසුණු සුජාතා අත්තනායක නම් වූ ඇය සිංහල, හින්දි, දමිළ ඇතුළු භාෂා කිහිපයකින් ගීත ගැයීමේ සහජ කුසලතාවයක් ඇති දක්ෂතම ගායිකාවකි.

මධුර යාමේ, පරසතු මල්වල, සැතපෙන කළ ඇතුළු ඇය ගැයූ මධුර මනෝහර සිනමා ගීත අපගේ මතකයෙන් කිසිදා ඈත් නොවේ. 19 වසරකට පසු යළි ප්‍රසංග වේදිකාවේ යළි අප වෙනුවෙන් ගැයීමට සූදානම් වන සුජාතාවනි, ඔබට ඒ සඳහා අවැසි ධෛර්ය හා ශක්තිය නිබඳව ලැබේවායි පතන මම,

දූනගහ බටහිර, අධිකාරිමුල්ලේ - ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු


සෙල්වම්ට සැලැස් වූ සංජයට සුබ පැතුම්

සෙල්වම් වැනි ආදර්ශවත් චිත්‍රපටයක් සිනමාවට ගෙන එමත්, ඉන් අපට වින්දනයක් සහ ආදර්ශයක් ලබා ගැනීමට ඉඩ සැලැස් වූ එහි අධ්‍යක්ෂ, රංගන ශිල්පී සංජය ලීලාරත්නට මාගේ සුබපැතුම්.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය.


පුණ්‍යා නැවත එන්න

ප්‍රවීණ නිළි පුණ්‍යා හීන්දෙණිය

මහත්මියට,

කුරුළු බැද්ද, ගම්පෙරළිය, පරසතු මල් වැනි චිත්‍රපටවල ඔබ රඟපෑ චරිත අපට කිසිදාක අමතක නෙවේ. ගැමි චරිත ඒ ආකාරයෙන්ම රඟපෑ එකම නිළිය ඔබයි. නැවත වරක් සිංහල සිනමාව තුළින් වැඩිහිටි චරිතයක් දැකීම අපගේ එකම පැතුමයි. ඔබතුමියට දීර්ඝායු වේවා.

මීටියාගොඩ, මරදාන වත්තේ, එච්. එල්. තිලකසිරි


නිහාල් ජයවර්ධන සිහිපත් කරමු

සිනමා නළුවකු මෙන්ම ගායනයේ ද නියැලුන ශ්‍රී ලංකාවේ ප්‍රථම ටාසන් ටෙලි වෘතාන්තයේ තම හඬ මුසු කළ, රොනට ඇදෙන ගී ප්‍රසංගය ද ඉදිරිපත් කළ සිනමාවේ විශිෂ්ටයකු වූ ඩොමී ජයවර්ධනගේ පුත් නිහාල් ජයවර්ධන අප සිහිපත් කරමු.

කපුගොඩ, මාළිඳ, සරත් රණසිංහ


පර්පල් රේන්ජ්ට සුබපැතුම්

පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමට සුබ පතමි.

කැළුම් - වත්තල

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ