අර්ජුන් ගෙන් පැන විසඳුම්

වත්තල හැඳල බලගල වත්ත සත්සර දිමුතු විදුරංග

මගේ මතය නම් කිව්වද නහී නොකිව්වද නහී චිත්‍රපටය හින්දි අනුකරණයක් බවයි.ඔබ මොකද ඒ ගැන හිතන්නේ?

එකක් නොවේ. කිහිපයක්ම කෑලි තියෙනවා වගේ දැනුනා.හැබැයි කලින් හදපු සිංහල චිත්‍රපටයකත් කෑලි තිබුණා වගේ දැනුණා.

දෙහිඅත්ත කන්ඩියේ චන්දන වන්නි ආරච්චි

විජය කුමාරතුංග නිපද වූ වරදට දඬුවම් චිත්‍රපටයේ ඩීවීඩී හෝ විසිඩී පට ලබා ගත හැකි ස්ථානයක් හෝ ලිපිනයක් ලබා දිය හැකි ද?

අනේ චන්දන ඒ චිත්‍රපටයේ ඩීවීඩී එකක් මටත් වුවමනායි. පුළුවන් නම් හොයලා දෙන්න.

කොටුගොඩ යාගොඩමුල්ල සුනිල් චන්ද්‍රසේකර

ජීවිතේ ගංගාවකි ගීතය ඇතුළත් වූයේ කිනම් චිත්‍රපටයකට ද?

පුරැෂ රත්නය

නුගේගොඩ දමිතා වීරසිංහ

සල්මන් ඛාන් ගේ ලිපිනය සොයලා දෙන්න

3, Galaxy APT
B J Road - Band Stand
Bandra
Mumbai 40050 - INDIA

කුලියාපිටියේ කපිල ජයවිලාල් හේරත්

බෙනට් රත්නායකගේ අස්වැසුම චිත්‍රපටයට පාදක වූයේ ඩබ්ලිව්.ඒ ද සිල්වාගේ කෙටිකතාවක් ද?

ඒ බවක් එම චිත්‍රපටයේ සඳහන් වූයේ නැහැ.

හැබැයි එය ජෝන් ස්ටෙයිනබෙක් ගේ පර්ල් නම් කෘතියේ ඡායානුවාදයක් තිබෙන වග මගේ විශ්වාසයයි.

කලකට ඉහත කිංස්ලි රාජපක්ෂ ඉඳූනිල නම් චිත්‍රපටය නිර්මාණයේ දීත් මේ කෘතියේ ආභාෂය ලබා ගත් වග මතකයි.ඩබ්ල්ව්.ඒ ද සිල්වා ශූරීන්ගේත් මෙබඳූ කෙටිකතාවක් තිබෙනවා.ඒ අමෘත හස්තය නම් ග්‍රන්ථයේ එන වෛරෝඩිය නම් කෙටිකතාවයි.එහෙත් එය ස්ටෙයින්බක්ගේ කෘතියට නම් කිසිසේත් සමාන නැහැ.

මිනුවන්ගොඩ බොරගොඩවත්ත අනිල් ජීවානන්ද

සෙව්වන්දි නිල් ජලාසේ විලේ හංසයාටයි යන ගීතය මොරිස් දහනායක සහ සුජාතා අත්තනායක තනු දෙකකට ගැයුවා නේද?එය එසේ සිදුවූයේ කෙසේද?

මොරිස් දහනායක ගයන ගීතය ආරම්භ වනුයේ ඒ ආකාරයෙන් වුවත් සුජාතා ගයන ගොපළු හඬ චිත්‍රපටයේ එන ගංතීරේ ගංගාවේ ගීතයේ මුල් අන්තරා කොටසට එම වදන් පෙළම ඇතුළත් ව තිබෙනවා.මේ වදන් පෙළ හැර ගීතවල කිසිසේත් සමාන කමක් ඇත්තේ නැහැ.

කඩවත සුජාතා ගුණවර්ධන

සමහර නාළිකාවල පෙන්වන අඩ නිරුවත් ජවනිකා එම ආයතන මගින් පෙන්වන තරග වල ස්වභාවයද?

අපොයි නැහැ. සුජාතා. ඒ නාලිකා වල ස්වභාවය.

අම්බලන්ගොඩ වතුගෙදර එම්.සුමිත්

2009 වසරේ තිර ගත වූ රන්ජන් රාමනායකගේ ලීඩර් චිත්‍රපටයේ පිටපත් පනහක් එකවර මුදා හැරියා නේද?

පනහක් කිව්වාට පනහක් තිබුණෙ නැහැ.හතලිස් අටයි.

දොම්පෙ එස්.චන්ද්‍රසිරි

ලංකාවේ වෙසෙන හැකියාවෙන් පරිපූර්ණ කඩවසම් අයට බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වීමට හැකියාවක් නැද්ද? එසේ අවස්ථාවක් ලබා ගැනීමට කළ යුත්තේ කුමක්ද?

මේ ලෝකයේ කිසිම දෙයක් බැහැයි කියා ඇතැයි මා සිතන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය උත්සාහයත් කැපවීමත් සමග යම් ප්‍රමාණයක් වාසනා ගුණයකුත් එයට ඇතුළත් විය යුතුයි.

හැබැයි බොලිවුඩ් සිනමාව යනු විශාල ව්‍යාපාරයක්.එයට ඇතුළත් වීමට සිතීම කෝටි ගනනක ඉන්දියානුවන්ටවත් පහසු දෙයක් නොවෙන වග ඔබට පෙනෙනවා ඇති.

කොහොම වුවත් ඉන්දිය සිනමාවේ කිසිවකුගේ අවධානයට පාත්‍ර වීම අත්‍යාවශ්‍යය කරුණක්. ඒ සඳහා තරග වදින සෙසු ලෝකයේ පිරිස අතර අන් අය අබිබවා යා හැකි කුමක් හෝ වටිනාකමක් ඔබ සතු විය යුතුයි.මේ වටිනාකම යනු මිළ මුදල් ම නොවේ. හැබැයි මේ ගමන දුෂ්කරයි.

ගම්පොළ විජය ඉලංගකෝන්

ලංකාවේ රූ ගැන්වූ කහ බළල්ලු චිත්‍රපටයේ පිටපත් තිබේද?එය නැවත නැරඹිය හැකිවේද?

පළමු ප්‍රශ්ණයට උත්තරය නැහැ.දෙවන්නට උත්තරය බැහැ

කුරුණෑගල කුෂාල් විදාන ආරච්චි

විජය කුමාරතුංගයන් ගීත ගායනයට කළින් එතුමා ට පසුබිම් ගී ගැයූ ගායකයක් කවුරුන්ද?

එච්.ආර්.ජෝතිපාල,මිල්ටන් පෙරේරා,ආචාර්ය වික්ටර් රත්නායක, මිල්ටන් මල්ලවආරච්චි,සංගීත් නිපුන් සනත් නන්දසිරි,සුනිල් සිරිවර්ධන,ටී.එම්.ජයරත්න,නිහාල් නෙල්සන්,එම්.එස් ප්‍රනාන්දු,හරූන් ලන්ත්‍රා,මොරිස් විජේසිංහ, රවීීන්ද්‍ර රණ්දෙනිය

මීටියාගොඩ මරදානවත්තේ තිලකසිරි ද සිල්වා

පුණ්‍යා හීන්දෙණිය මුලින්ම රඟගපෑ චිත්‍රපටය කුමක්ද?

අසෝකා

මීගමුව කට්ටුව අජිත් ලක්මාල්

ඉන්දිය මහා නළු රාජ් කපූර් ෆිල්ම් ෆෙයාර් සම්මානයට පාත්‍ර වී තිබේද ?එසේ නම් ඒ සම්මාන මොනවාද?

ඔහු හොඳම නළුවා ලෙස අවාරා,ජීශ් දේශ් මෛන් ගංගා බේති හෛ චිත්‍රපටය සඳහා ද අධ්‍යක්ෂ ලෙස සංගම්,මේරා නාම් ජෝකර්,ෆෙ‍්‍ර්රම් රෝග්,රාම් තේර් ගංගා මෛලි සඳහා ද නිෂ්පාදක ලෙස සංගම්,ෆෙ‍්‍ර්රම් රොග් සහ රාම් තේරි ගංගා මෛලි සඳහා ද සම්මානයට පාත්‍ර වුණා. ඒ වගේම ජග්තේ රහෝ,පීර් සුබා හොත්, චලියා, සංගම්, මේරා නාම් ජෝකර් සඳහා හොඳම නළු සම්මානයටත් අබ්දුල්ලා චිත්‍රපටය සඳහා සහාය නළු ලෙසත් බොබී සහ සත්‍යම් ශිවම් සුන්දරම් සඳහා අධ්‍යක්ෂණයටත් මේරා නාම් ජෝකර් සහ බොබී සඳහා නිෂ්පාදනයටත් නිර්දේශයට පත් වුණා.

වෙන්නප්පුව වියානි ගුණවර්ධන

දේව් ආනන්ද් රඟ පෑ අවසාන චිත්‍රපටය කුමක්ද?

චාර්ජ් ශීට් .එය ඔහුගේ අධ්‍යක්ෂණයෙන් යුතුව තැනුණ චිත්‍රපටයක් මිය යාමට මාස දෙකකට මත්තෙන් තිර ගත වුණා.
 

උතුරු මූදුකටුව මිල්ටන් ප්‍රනාන්දු

ප්‍රවීණ සිනමා ශිල්පී ෆ්‍රෙඩී සිල්වා මුල් වරට රඟග පෑ චිත්‍රපටය කුමක්ද?

තරුණ විය නම් වාර්තා චිත්‍රපටයේ .පසුව සුහද සොහොයුරෝ චිත්‍රපටයේ

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ