සළ රූ ගී සර

සීතල වතුර

ගැ - මංගල දිනයේ රස මධු පානේ
පි – ඉවතල කොමලිය කුලගෙට එනවා

පි - ඇගේ සිනහවේ හඬට අතු පුරා
කිකිනි සැලේ මුළු ගම්මානේ
කුසුම් වැසි වසී ගම්මානේ

ගැ - මිහිර ලබා පෙම් රහස් කිය කියා
හඬ ද නැගේ දිය වැල් ගීයේ

පි - සීතල වතුරේ කුමුදාකාරයේ
ඇයගේ දිගු නෙත් පිළිබිඹු වෙනවා

ගැ - තුරුළු වුණාවේ වලාකුළු එතී
ඈත පෙනෙන මහ කඳු ගානේ

පි - සිහින් තරග ජල තලා මත නැගී
ඇගේ සෙනෙහෙ රසයට යාවේ

පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය – ලතා වල්්පොල සමඟ
ධර්මදාස වල්පොල
අධ්‍යක්ෂණය – ධර්ම ශ්‍රී කල්දේරා

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ