|
සම්මාන දිනූ ළාබාලම නිවේදකයා වූ හැම්ලට් කුමාරයා
තිළිණ නිවේදනයට පෙම් බඳින්නේ හය හතර තේරෙන කාලයේ පටන්මය. තම පියා වූ ප්‍රියන්ත උදයරත්න ද එම ක්ෂේත්‍රයේම නියැළුණ බැවින් තිළිණ ද ඒ අංශයට යොමු වුණේ නිරායාසයෙන්ය. ප්‍රියන්ත මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා විස්තර විචාරකයෙකි. තාත්තගේ නිවේදන කටයුතු කරන ස්ටයිල් එකට මං හරි ආසයි. මං බොහොම ආසාවෙනුයි ඔහුගේ විස්තර විචාරක නැරැඹුවේ. මං හිතනවා නිවේදකයකු වීමට පාර කැපෙන්නේ මගේ තාත්තා කියලා. හැබැයි ඔහු වගේ ක්‍රීඩා විස්තර විචාරකයෙක් වෙන්න මට හැකියාව ලැබුණේ නැහැ. මං වඩාත් ප්‍රිය කළේ ප්‍රවෘත්ති නිවේදනයට. * එහෙත් ඔබ පාසලේදී වඩාත් කැපී පෙනුණේ නළුවකු හැටියට නේද? ඔව්. මගේ පාසල කොළඹ ආනන්ද විදුහල. එහි නාට්‍ය කවයට සම්බන්ධ වෙලා හිටියා. ශේක්ෂ්පියර් නාට්‍යවලට වැඩිපුරම රංගන දායකත්වය සැපයුවේ. හැම්ලට් නාට්‍යය ඉන් විශේෂයි. පසුව මං ඉස්කෝලේ ප්‍රවෘත්ති විකාශන ඒකකයට බැඳුණා. එහි ප්‍රධාන නිවේදකයා වුණා. දිගින් දිගටම නිවේදන කටයුතු තමයි ඊට පස්සේ කළේ. පසුව නාට්‍යවලට ඉන්න හිතුණේ නැහැ.
පාසලෙන් ඉවත් වුණු ගමන්ම වගේ මට චැනල් අයි එකට එන්න වාසනාව උදා වුණා. මං හා හා පුරා කියලා මුලින්ම ඉදිරිපත් කළේ උදේ වැඩ සටහනක්. ඒකෙ නම රයිස් ඇන්ඩ් ෂයින්. ඔය අතරේ මට දැනගන්නට ලැබුණා ඒ නාළිකාවේ ප්‍රවෘත්ති අංශයට පිරිස බඳවා ගන්නවා කියලා. මමත් ඊට ඇප්ලයි කළා. සම්මුඛ පරීක්ෂණයකින් මම ඇතුළු හය දෙනකුව තේරුණා. අපට මාස ගණනාවක ට්‍රේනිං එකක් තිබුණා. ඒකෙන් අනතුරුව දෙදහස් දහසයේ ඔක්තෝබර් හය වැනිදා බයෙන් බයෙන් පළමු ප්‍රවෘත්තිය මං කිව්වා. * කොහොමද ඉංග්‍රීසි බසින් ප්‍රවෘත්ති නිවේදනයට යොමු වුණේ? හය වසරේ පටන් මං ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. මං කවදා හරි හිතාගත්තා ආනන්දියකු හැටියට පාසලේ නම බබලවනවා කියන එක. ඒ සඳහා ඉංග්‍රීසියෙන් ප්‍රවෘත්ති කීමට යොමු වුණා. මේ කරුණු කාරණා මත මං ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදනයට යොමු වුණා. * ප්‍රවෘත්ති නිවේදනයේදී සිදුවන වැරැදීම් බොහෝය. තිළිණටත් එම කාරණා වලංගුය. ඔහු තමන්ට සිදු වූ එවැනි අකරතැබ්බයක් දෙකක් මෙලෙස විස්තර කළේය. මට මතකයි එක දවසක් ප්‍රවෘත්ති දර්ශනය වන මොනිටරයට අපබ්‍රංශ වචනයක් වැටුණා. ක්ෂණිකව මට හිතාගන්න බැරි වුණා ඒ මොකක්ද කියලා. මම එහෙම ඉංග්‍රීසි වචනයක් අහලාවත් නැහැ. පසුව මොනිටරයේ වචන උඩට යද්දී තමයි දැක්කෙ ඒ වචනයේ ඊළඟ අකුරු ටික. ඒක දිග වචනයක්. දිග වැඩිකමට දෙකට වෙන් වෙලා මට දර්ශනය වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි ප්‍රවෘත්ති කියවද්දී හදිසි නිවුස් එකක් ආවාම එවලෙම අපට ඒක ගෙනත් දෙනවා. එහෙම නිවුස් එකක් මට ගෙනත් දුන්නා. ඒ කොලය නිෂ්පාදකවරයා තැබුවේ මං කියවන ප්‍රවෘත්ති පත්‍රය උඩට. මාව හොල්මන් වුණා. ෂේප් එකේ කාටත් නොතේරෙන්න මං එය ටිකක් එහාට කරලා ප්‍රවෘත්ත කිව්වා. * තිළිණ අවසන් වතාවට කතා කළේ තමන් ලැබූ සම්මානය ගැන? බොරු කියන්නේ මොකටද, මට සම්මානයක් ගැන බලාපොරොත්තු තිබුණා. ඒ අරමුණත් මගේ ප්‍රබලයි. මං මෙතුවක් කල් කටයුතු කළේ ඒ වෙනුවෙන් තමයි. මේ වෙලාවේ මගේ අම්මටයි තාත්තටයි තුති පුදනවා. ඔවුන් තමයි මට ඉදිරියට යන්න දිරිමත් කළේ.
|