|
එදා ලේක්හවුසියේ නතර වුණා නම්...
වයස අවුරුදු නවයක පමණ වූ දැරියක් තම මව විසින් උපකාර පන්තියකට ඇරලනු ලබනවා. හැබැයි එදින පන්තිය පැවැත් වෙන්නේ නැති බව දැරිය දන්නේ පන්තියට ගියාමයි. ඒ වන විට අම්මා ද දියණිය පන්තියට දමා ආපසු ගිහින්. කලබල වූ දැරිය දුවගෙන විත් බස් එකකට නගිනවා ගෙදර යන්න හිතාගෙන. කොන්දොස්තර අහනවා කොහෙටද යන්නෙ කියලා. ඇයට එක පාරටම මතක් වන්නේ ලේක්හවුස් නම. ඒ ඇගේ පියා නිතරම පවසන තැනක් නිසා. ලේක්හවුස්, ලේක්හවුස්. ඇය එහෙම කියනවා. බසය ලේක්හවුසිය ළඟට ළඟා වෙනවා. ලේක්හවුස් බහින්න . . . කොන්දොස්තරගේ හඬ ඇයට ඇසුණා. දනිපනි ගාලා ඇය ලේක්හවුස් ළඟිින් බැස්සා. වටපිට බැලුවා බයත් හිතුණා. හොඳටම අඬන්න පටන් ගත්තා. ලේක්හවුසිය ළඟ හිටපු කරුණාවන්ත තැනැත්තෙක් දැරියව ලේක්හවුස් එකට එක්කගෙන ආවා. විස්තර කතා කරද්දී ඇය ඇගේ පියාණන් ගැන පැවසුවා. ටික වේලාවකින් ඇය දන්න හඳුනන තෙකෙත් ආවා. ඇවිත් දැරියව වඩාගෙන තමන්ගේ මෝටර් රථයෙන් ඇගේ පියාගේ කාර්යාලයට රැගෙන ගියා. මේ තාත්තා රටම හඳුනන මහා පුවත්පත් කලාවේදී ගුණදාස ලියනගේ. ලේක්හවුස් ආයතනයේ සිට ඇය රැගෙන යන්නේ අලුත් පරපුරට පියෙකු වූ මහා පත්‍ර කලාවේදී ධර්මසිරි ගමගේය. මේ දැරිය අද ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාවක්. නම චේතනා ලියනගේ. එදා බැරි වෙලාවත් චේතනා ලේක්හවුසියේ නතර වුණා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ ඇගේ බස් වහර ඉතාම අලංකෘත නිසා. චේතනාගේ නොකියූ ප්‍රවෘත්ති ග්‍රන්ථයෙන් තමයි මේ කතාව අප සොයා ගත්තේ ඒක හරි රසවත් සිදුවීමක් නිසා. ඒ වගේම ඇය රචනා කොට ඇත්තේ ඉතාම සිත් ගන්නා අයුරින්. ඒකයි එදා චේතනා ලේක්හවුසියේ නතර වුණා නම් හොඳයි කිව්වේ. එහෙනම් ඇය අද වන විට ප්‍රවෘත්ති නිවේදිකාවක් නෙවෙයි, පුවත්පත් කලාවේදිනියක්.
|