|
ගෙට ගෙවැදුණ දවසේ රූ ගැන් වූ රොමේෂ්ගේ අලුත් ගීතය
රොමේෂ් සුගතපාලගේ නවතම ගීතය මන්දාරමේ. ඉකුත් දිනවලදීත් ඔහුගේ ගීතයක් ඉතාම ජනප්රිය වුණා. ඒ මන්දාකිණි. ඉන් අනතුරුවයි රොමේෂ් මන්දාරමේ ගෙන ආවේ. රොමේෂ් මේ මන්දාකිනි ගීතයේ දෙවැනි වර්ෂන් එකද? ඔබ ඔහොම අහන්න ඇත්තේ මේකෙ වීඩියෝව නිසා. ඔව් . . . මන්දාරමේ වීඩියෝව ආරම්භ වන්නේ මන්දාකිණි වීඩියෝව නිම වූ තැනින්. කෙනකුට මේක මන්දාකිනි දෙවැනි කොටස විදිහට දැනෙන්නත් පුළුවන්. නැත්නම් අලුත්ම ගීතයක් විදිහට දැනෙන්නත් පුළුවන්. බලන කෙනා අනුව ඒක තීරණය වේවි. මන්දාරමේ ගීතයේ අන්තර්ගතය? මේක තනිකරම ආදර ගීතයක්. අඬෝවැඬියාවක් නෙවෙයි. කවුද මේක ලිව්වේ? සංගීතවත් කළේ? පද සජිත් අක්මීමනගේ. සංගීතය සහ මියුසික් වීඩියෝවේ අධ්යක්ෂණය ගයාන් රැන්ඩිගෙ. කොයි ප්රදේ්ශයේද ගීතයේ රූප රචනාව නිම කළේ? හලාවත. එදින ඔබට අමතක නොවන දවසක්? ඔව්. එදා තමයි මං මගේ අලුත් නිවහනට පය තැබුවේ. ඒ වගේම එදින ඔබට අදාළ දර්ශන තලයේ රූගත කරගන්න බැරි වෙනවා? ඒක තමයි ගීතය රූගත කරද්දී වෙච්ච අමතකම නොවන සිදුවීම. ෂූට් කරන්නට හිටපු හෝටලයේ අදාළ ස්ථානය අපට හදිසියේම දෙන්න බැහැ කිව්වා. සියලු දේ ප්ලෑන් කරගෙන ඉන්න කොට ඒ වගේ දෙයක් වුණාම උද්ගත වන තත්ත්වෙ කොහොමද කියලා හිතාගන්නකො. මේ හේතුවෙන් බහින්බස්වීමක් පවා සිදු වුණා. නමුත් අපට වෙන දර්ශන තලයක් ලැබුණා. ඒක පෙර තැනට වඩා හැඩයි. හැම දේම වෙන්නේ හොඳටයි කියන්නා වගේ පෙරළුණ පිට හොඳයි කියලා රූපගත කිරීම් කළා. වීඩියෝවේ රඟපාන පිරිවර ගැන මතක් කළොත් නටාෂා, රොෂෙල්, රැන්ඩි සෙනෙවිරත්න, රසිකරාජ්, ක්රිෂාන් කුමාර, අශේන්, අස්මින් චිත්මි. කොහොමද මන්දාරමේ ගීතයට ලැබෙන ප්රතිචාර? ඉතාම ඉහළයි. වෙන කවරදාකටත් වැඩිය හිතපු නැති පිරිසකගෙන් මට කමෙන්ට් ලැබුණා. වැඩි දෙනෙකු කිව්වේ කාලෙකට පසු විඳින්න පුළුවන් ගීතයක් ඇහැව්වා කියලා. මන්දාරම් ගීතයේ පදමාලාව:
පාවෙන්න කියා දෙන්න - ඔබ එක්ක මට දුර යන්න සන්සුන්වේ පෙම්වත්වේ මන බැඳුණේ ප්ර්රිය ළඳුනේ
|