|
අමරදේව නමින්
අසපුවකට මුල පිරෙයි
හෙළයේ මහා ගාන්ධර්වයාණෝ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ නමින් සංගීත අසපුවක් ඉදි කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි. ඒ සඳහා හොරණ ඇලකන්ද වත්ත ප්‍රදේයේ අක්කර අටක ඉඩමක් මේ වන විට තෝරා ගෙන තිබේ. අමරදේව සංගීත අසපුව ඉන්දියාවේ ශාන්ති නිකේතනය වැනි පරිපූර්ණ සෞන්දර්ය විශ්ව විද්‍යාලයක් ලෙස ඉදි කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය. ළඟදීම මෙහි වැඩ කටයුතු ආරම්භවීමට නියමිතය.
දේදුනු ආකාසේ වැඩ ඇරැඹේ ස්වර්ණවාහිනිය චිත්‍රපට නිෂ්පාදනයට එක්වෙයි
හේමාල් සමඟ සුරූපිනියන් දෙදෙනෙක් පි‍්‍රයන්ත කොළඹගේගෙන් තවත් ආදර කතාවක්
දේදුනු ආකාසෙහි කැමරා අධක්ෂණය රංග එස්. බණ්ඩාරගෙනි. මේඝ කාවින්ද කොළඹගේ සමඟ ඩිරාන් විජයසිංහ සංස්කරණ ශිල්පීන්ය. චිත්‍රාල් සෝමපාලගේ සංගීත අධ්‍යක්ෂණයකි. ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය. මංගල ප්‍රනාන්දුගේ කලා අධ්‍යක්ෂණයකි. නලීන් පේ‍්‍රමතිලක අංග රචනා ශිල්පියාය. අශෝක ආරියරත්නගේ නිෂ්පාදන කළමනාකරණයකි. උදෙනි අල්විස් නිශ්චල ඡායාරූපකරණයෙන් ද උපුල් ශාන්ත සන්නස්ගල, නන්දන වික්‍රමගේ, වජිර මහකනුමුල්ල සහ පි‍්‍රයන්ත කොළඹගේ ගීත රචනයෙන් ද, ජනක උල්ලදුපිටිය ඇඳුම් නිර්මාණයෙන් ද, පාලිත තෙන්නකෝන් සහ රුවින් මාලිංග රේඛිය නිෂ්පාදනයෙන් ද මෙයට දායක වේ.
රෝයි, සුමනාට චිත්‍රපට සංස්ථාවෙන් උපහාර
සිංහල සිනමාව වෙනුවෙන් කරන ලද අනුපමේය මෙහෙවර උදෙසා රෝයි ද සිල්වා සහ සුමනා අමරසිංහ ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් උපහාර තිළිණ පුද කරයි. එමන්ම 1972 ජනවාරි 21 දින ජාතික චිත්‍රපට සංස්ථාව බිහි කිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කිරීම ද මේ සඳහා සලකා බැලිණ. එදා චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරීමට උරදුන් කලාකරුවන් අතර වර්තමානයේදී ජීවතුන් අතර සිටිනුයේ රෝයි සුමන යුවල පමණි. එහෙයින් ඔවුන් එදින සම්මානයෙන් අගයා රෝයි 'ශ්‍රී ජනරංජන ලංකා පුත්‍ර දේශබන්ධු' ගෞරව නාමයෙන් හා සුමනා 'දේශාභිමානි දේශ කීර්ති රූපලාවන්‍ය විශාරද' ගෞරව නාමයෙන් පිදුම් ලැබීය. ඔවුන් මෙම සම්මාන ලැබුවේ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 44 ක් සහ සිංහල සිනමාවට වසර 69 ක් සපිරීම වෙනුවෙන් චිත්‍රපට සංස්ථාවේදී පැවති උත්සවයේදීය.
ටෙලිනිස සන්දේශය ජනමාධ්‍ය ඇමතිතුමාට
දේශීය ටෙලි නාට්‍ය කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වර්තමානයේ එම ක්ෂේත්‍රයේ මතු වී ඇති ගැටලුකාරී තත්ත්වය පෙන්වා දෙමින් ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ විධායක සභා නිලධාරීහු පසුගියදා ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමු වී කරුණු 16 කින් යුතු සන්දේශයක් බාර දුන්හ. ප්‍රසිද්ධ රැිඟුම් පාලක මණ්ඩලයට ටෙලි නාට්‍ය විෂය ඇතුළත් කර එහිදී ටෙලි නාට්‍ය අනුමත කිරීම, ටෙලි නාට්‍ය විකාශනයේදී විනිවිදභාවයක් ඇති කිරිම, පෙර විකාශය වූ ටෙලි නාට්‍ය ප්‍රමුඛ කාලවලදී නැවත විකාශය කිරීමෙන් වැළකීම ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සැදි කරුණු ඊට ඇතුළත්ය.
චීන චිත්‍රපට උළෙල හෙට ඇරැඹේ
සම්මානනීය චිත්‍රපට රැසක් මෙවරත්
චීන තානාපති කාර්යාලය සමඟ ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කරනු ලැබූ චීන සිනමා උළෙල මෙම මස 29 සිට පෙබරවාරි 03 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙයි. උළෙලෙහි චිත්‍රපට තිරගත වන පිළිවල මෙසේය. ජනවාරි 29 සවස 6.30 ට සෝ යන්ග් - අධ්‍යක්ෂණය - ෂාඕ වේයි - (2013) ජනවාරි 30 සවස 2.30 ට ද ග්‍රෑන්ඩ්මාස්ටර් - අධ්‍යක්ෂණය - වොං කා වයි (2014) සවස 6.30 ට ලොස්ට් ඔන් ජර්නි - අධ්‍යක්ෂණය - යේ වෙයිමිං - (2010) ජනවාරි 31 සවස 2.30 ට වොරියස් ඔෆ් හෙවන් ඇන්ඩ් අර්ත්, අධ්‍යක්ෂණය - හී පිං - 2003 - සවස 6.30 ට අමරිකන් ඩ්‍රීම්ස් ඉන් චයිනා - අධ්‍යක්ෂණය - චෙන් කෙසින් - (2013) පෙබරවාරි 01 වැනිදා සවස 6.30 ට බීජිං බිලුස් - අධ්‍යක්ෂණය - ගාඕ ක්වුන්චු - (2013) පෙබරවාරි 02 වැනිදා සවස 6.30 ට ලව් ඩිපොසිට් - අධ්‍යක්ෂණය - කිව් ජියන්තෝ - (2013) පෙබරවාරි 03 වැනිදා සවස 6.30 ට කොන්ෆියුසස් - අධ්‍යක්ෂණය - හු වේයි - 2010
අහසින් පොළොවට ලියූ අයිලින් සිරිවර්ධන මියයයි
ප්‍රවීණ ගත්කතුවරියක වන අයිලින් සිරිවර්ධන පසුගියදා මියගියාය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'අහසින් පොළවට' චිත්‍රපටයට පාදක කරගනු ලැබුවේ ඇගේ ඒ නමින්ම වූ නවකතාවයි. 'වෙරළින් සයුරට' හා 'කතරින් එතෙරට' ඇගේ අනෙක් නවකතා කිහිපයකි. බම්බලපිටිය විශාඛා විද්‍යාලය සහ නුගේගොඩ සමුද්‍ර දේවී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කළ ඇය ක්‍රියාකාරී, දක්ෂ කාන්තාවකි. පේ‍්‍රමය නම් 8 වන බැංගලුරු අන්තර්ජාතික සිනමා උලෙළේ තරගකාරී අංශයට
කල්පන ආරියවංශ, වින්දන ආරියවංශ දෙසොහොයුරන්ගේ කුලුදුල් සිනමා නිර්මාණ පේ‍්‍රමය නම් (අද) 28දා සිට ඇරැඹෙන ඉන්දියාවේ 8 වන බැංගලුරු අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම ආසියානු චිත්‍රපටය සඳහා වන තරගකාරී අංශයට තරග වැදීම සඳහා තෝරා ගෙන ඇත. ඉන්දියාවේ ප්‍රධානතම උලෙළක් වන මෙහි මේ වසරේ තෝරා ගෙන ඇති එකම ශ්‍රී ලාංකික චිත්‍රපටය පේ‍්‍රමය නම් වීම සූවිශේෂත්වයකි. පේ‍්‍රමය නම් මීට ප්‍රථම බිජිං අන්තර්ජාතික සිනමා උලෙළ, ෂැංහායි අන්තර්ජාතික සිනමා උලෙළ, ගෝවා හී ඉන්දියානු අන්තර්ජාතික සම්මාන උලෙළ සහ කේරල අන්තර්ජාතික සම්මාන උලෙළ ඇතුළුව සිනමා උලෙළ 7 කට ගිය වසරේ තෝරා ගැනිණ.
|