|
ගුවන් මඟීන් පුදුම කළ ගීතය
ගුවන් ගත වන්න සූදානමින් සිටි ඔවුන්ට මෙය අදහා ගන්න බැරි වෙලා. ඒ වුණත් හඩ නම් සුපුරුදුයි. ඒ වෙන කවුරුවත් නොවෙයි ‘වීර් සාරා’ චිත්‍රපටයට ‘දෝපල් රුඛා’ ගීතය ගායනා කළ සෝනු නිගම්. සෝනුත් එදා මේ ගුවන් යානයෙන් යාමට පැමිණි අතරේ මඟීන් පුදුම කරවන්න හිතාගෙනයි මේ ගීතය ගායනා කරලා තියෙන්නේ. මේ නිසා ඒ ගුවන් ගමන සාමාන්‍ය ගුවන් ගමනකින් බොහෝ වෙනස්ව ඔල්වරසන් පී‍්‍රති ඝෝෂා මැද ගුවන්ගත වූවක් වුණා. |