|
දීපිකාත් හොලිවුඩයට
ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් කි‍්‍රියාදාම චිත්‍රපටයක් වන ‘XXX: The Return of Xander Cage’හි ජනපි‍්‍රය හොලිවු නළු වින් ඩීසල් සමඟ රඟපෑමට යන බවට ආරංචියක් බොලිවුඩය පුරා පැතිරුණා. එය තවදුරටත් කටකතාවක් නොවෙයි. ඒ ගැන දීපිකා මෙලෙස අදහස් පළ කරනවා.
වින් ඩීසල් සහ සමුරායි එල්. ජැක්සන් රඟන ‘XXX: The Return of Xander Cage’ චිත්‍රපටය යඔය චිත්‍රපට මාලාවේ තෙවැන්න වනවා. පසුගිය ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම නිළිය සම්මානය ඇයට හිමි වුණේ ‘පීකු’ චිත්‍රපටය වෙනුවෙන්. ඒ වගේම මෙවර වැඩිම ෆිල්ම් ෆෙයාර් සම්මාන සංඛ්‍යාවකට හිමිකම් කියූ ‘බජිරාඕ මස්තානි’ චිත්‍රපටයේ ඇය ප්‍රධාන නිළි චරිතයට පණ දුන්නා. පසුගිය වසර කිහිපයම අතිශය කාර්යබහුල වූ දීපිකා මේ වසර ආරම්භය නම් විවේකීව ගත කරන බවත් ආරංචියි. විවේක කාලය නිදා ගැනීමට වගේම පොත් කියවීමටත් වැඩි උනන්දුවක් දක්වන ඇය මේ දිනවල එළිසබෙත් ටේලර්ගේ චරිතාපදානය කියවන්න වෙන් කරලා.
|