|
|
ක්‍රිකට් – චිත්‍රපට ආයේ බඳී
දැනටමත් මේ දෙදෙනාගේ විවාහ ඇරයුම්පත අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරලා තියෙන්නේ එහි නිර්මාතෘ ඒ. ඩී. සිං විසින්. තිස්පස් හැවිරිදි හර්බජාන් සහ තිස්එක් හැවිරිදි ගීතාගේ ආදර කතාව අවුරුදු තුනකටක් එහා ගිය කතාවක්. හර්බජාන් – ගීතා විවාහ මංගල උත්සවය දින හතරක් පුරා පැවැත්වෙනවා. සුභ නැකැත් අනුව ඔක්තොබර් 27 වැනිදා සංගීත් උත්සවයත්, 28 වැනිදා මෙහෙන්දි උත්සවයත්, 29 වැනිදා විවාහ මංගලෝත්සවයත්, නොවැම්බර් 01 වැනිදා පිළිගැනීමේ උත්සවයත් පවත්වන්න සූදානම්. |



හැමදාම ප්‍රීතිමත් උත්සව වලින් පිරි බොලිවුඩයේ තවත් උත්කර්ශවත් මංගල උලෙළක්
පවත්වන්න සූදානම්. එහිදී බොලිවුඩ් තරුවක විවාහ ගිවිස ගන්නේ ජනප්‍රිය ක්‍රිකට්
තරුවක් සමඟින්. මේ අනුව ලබන 29 වැනිදා බොලිවුඩ් නිළි ගීතා බස්රා සහ ක්‍රිකට්
ක්‍රීඩක හර්බජාන් සිං අතර විවාහය පන්ජාබ් චාරිත්‍රානුකූලව පවත්වන්න නියමිතයි.