|
ෂාරුක්ට මෝටර් සයිකලයක්
මේ රෝහිත් සහ ශාරුක් එක්ව වැඩ කරන දෙවැනි අවස්ථාවයි. මීට පෙර 2013 වසරේදී රෝහිත් අධ්‍යක්ෂණය කළ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයට ශාරුක් දායක වුණා. මේ දිනවල රූගත කරන චිත්‍රපටයත් බොලිවුඩ් රසික රසිකාවන්ට විශේෂ චිත්‍රපටයක්. ශාරුක් සහ කාජල්ට ප්‍රිය කරන අයට විශේෂයි. 2010 වසරේ මයි නේම් ඊස් ඛාන් චිත්‍රපටයෙන් පසුව ශාරුක් – කාජල් සුසංයෝගය ආයෙමත් දකින්න ලැබෙන්නේ දිල්වාලේ චිත්‍රපටයෙන්. බොලිවුඩ් රසික ඔබට ඒ වෙනුවෙන් ලබන දෙසැම්බර් 18 වැනිදා වෙනකල් ඉවසන්න සිදු වෙනවා. දිල්වාලේ චිත්‍රපටයේ ශාරුක් සහ කාජල් සමඟින් වරුන් ධවාන්, ක්‍රීටි ෂැනෝන් රංගනයෙන් දායක වෙනවා. |