වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




බන්දු වගේම තවත් කෙනෙක් බන්දු නඩු දමයි

බන්දු වගේම තවත් කෙනෙක් බන්දු නඩු දමයි

තමාගේ නමට සමාන නමකින් පෙනී සිටිමින් විකට චරිත රඟ පෑ බව කියන පුද්ගලයෙකුට චෝදනා කරමින් ජනප්‍රිය නළු බන්දු සමරසිංහ විසින් පසුගියදා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

බන්දු සමරසිංහගේ නමට හා රූපයට බෙහෙවින් සමාන එම පුද්ගලයා බන්දු රඟ පෑ විකට චරිතවලට සමාන චරිත නිරූපණය කරන බවත් ඒවා අඩංගු සංයුක්ත තැටි ද නිකුත් කර ඇති බවත් මාධ්‍යවල පළ විය. මේ පිළිබඳ ‘සරසවිය’ බන්දු සමරසිංහගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදු කෙරෙන බැවින් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.