|
වේදිකා නාට්‍යයක රඟපාන්න උපතින් ගේන හැකියාවක් ඕනෑ
මගේ ගම නුවර. ඉගෙන ගත්තේ නුවර ශාන්ත අන්තෝනි බාලිකාවෙන්. පාසලේදී වේදිකා නාට්‍ය කළා. ඔය අතරේ ටවර් හෝල් පදනම මඟින් නාට්‍ය තරඟයක් සංවිධානය කරපු වෙලාවක අපිත් ඊට අයැදුම් කෙරුවා. ඒ නාට්‍ය තමයි දික්විජය. එහි අශෝක මහ සෙන්පති කියන පිරිමි චරිතය කළේ මම. අපේ විද්‍යාලය බාලිකාවක් නිසා පිරිමි චරිත කළෙත් අපිමයි. කොහොම හරි ඒ තරඟයෙන් පළාත් මට්මේ හොඳම නළුවා හැටියටත් මම සම්මාන ගත්තා. ඉන් පසුව මම ටවර් හෝල් එකේම කෝස් එකක් කළා. 2001 වසරේ ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාගේ ට්‍රෝජන් කාන්තාවෝ හරහා තමයි මම ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්නේ. * අනතුරුව ඔබ රඟපෑව වේදිකා නාට්‍ය මොනවාද? ආයෙත් එන්නේ නැහැ, කපුටු බෝ, කකුල් හතරෙ ඉලන්දරියා, කැලණි පාලම, බල්ලොත් එක්ක බෑ වගේ ඒවා. මේ දිනවල මම ඉන්න වේදිකා නාට්‍ය දෙකක් වේදිකා ගත වෙනවා. ඒ ‘හොරු හොඳායි’ සහ ‘කොට කලිසංකාරයා’. * ඔබ වැඩිපුරම ජනප්‍රිය වුණේ බල්ලොත් එක්ක බෑ වේදිකා නාට්‍යයෙන් කියලා මම කිව්වොත්? ඔව්, ඒක හරි. * නමුත් ඔබ දැන් ඒකෙ නැහැ? අපි ඒ ගැන කතා නොකරනවා නම් මම කැමැතියි. * ඇයි ඒ? මම බල්ලොත් එක්ක බෑ නාට්‍යයේ දර්ශන වාර හාරසිය පණහකටත් අධික ප්‍රමාණයක රඟපෑවා. නමුත් එහි පන්සිය වැනි දර්ශනයට මට ඇරැයුම් පතක්වත් නැහැ. ඕවා ඔහොම තමයි. මාව වැඩිපුරම ජනප්‍රිය කළ නාට්‍යය ඒක හින්දා මම එය සහ එහි පිරිසව විවේචනය කරන්නේ නැහැ. * ඇයි ඔබ වේදිකාවට මේ තරම්ම රුචිකත්වයක් දක්වන්නේ? මම කලාවට එන්නේ වේදිකාවෙන්. ඒ හින්දා මට වේදිකාව අමතක කරන්නට අමාරුයි.
ඔව්. කිඳුරංගනා, සිහින පියාපත්, රිදී තාරකාවි වගේ නාට්‍යවල රඟපෑවා. * අනූෂා ඔබ වේදිකාවේ හොඳ නමක් හදාගත්ත නිළියක්. එහෙව් තත්ත්වයක් මත මෙගාවලට ගියේ ඇයි? වේදිකාවේ මොන දේවල් කළත් මිනිස්සු මාව හඳුන ගත්තේ ටෙලි නාට්‍ය හරහා. මට ලැබුණු ටෙලි නාට්‍ය මම බාර ගත්තා. ඒවා මෙගා ද කොට ද කියලා බැලුුවේ නැහැ. * නමුත් ඒවා හරහා ඔබ ඔබේ ප්‍රතිරූපයට හානි කරගත්තා කියලා හිතෙන්නේ නැතිද? මගේ නමට හානියක් වුණා කියලා 100% ක්ම පිළිගන්න අමාරුයි. නම කැත කර ගන්න හිතාගෙන නෙවෙයි මම ටෙලිවලට ගියේ. * ඔබේ හැකියාව ටෙලි නාට්‍ය රංගනයෙන් නිසියාකාරව එළියට ආවේ නැහැ කියලා කිව්වොත් පිළිගන්නවාද? මට ඔය කතාව ගොඩක් අය කියලා තියෙනවා. ‘අනූෂා ඔයා ඇයි වේදිකා නාට්‍යවල රඟපාන විදිහට ටෙලිවල රඟපාන්නේ නැත්තේ’ කියලා. ඉතින් මම එහෙම කරන්නේ කොහොමද. වේදිකාව එක් මාධ්‍යයක්, ටෙලි නාට්‍ය තව මාධ්‍යයක්. * කොහොමද වේදිකා නාට්‍යවල තියෙන දිග දෙබස් මතක තියා ගන්නේ? වේදිකා නාට්‍යයක රඟපාන්න උත්පත්තියෙන්ම ගේන හැකියාවක් තියෙන්න ඕනෑ. එහෙම නැතුව බැහැ. අපිට ලැබෙන පිටපතත් එක්කම ජීවත් වුණාම චරිතය අවබෝධ වෙනවා. ඊට පසුව හොඳට පුහුණු වෙනවා. එතකොට ඉබේම දෙබස් මතක තියෙනවා. * ලබන සතියේ තියෙන නාට්‍යයකට අද කතා කළොත් ඔබ යනවාද? මම ඔය පැනයට අත්දැකීමක් එක්ක පිළිතුරක් දෙන්නම්. දවසක් ජූඩ් ශ්‍රීමාල් අයියා මට කෝල් කළා. පහුවෙනිදා නුවර සංවිධානය කරලා තියෙන සුබ සහ යස නාට්‍යයෙහි දාසි කියලා චරිතයක් තියෙනවා කරමුද කියලා ඒ නාට්‍යයේ ඉන්න කෙනා එදා රඟපාන්න එන්නේ නැතුව. බැහැ කියන්න හදලා ටිකක් කල්පනා කරලා හා කිව්වා. ජූඩ් අයියා මට දුරකතනයෙන් දෙබස් ටික දුන්නා. මම ඒවා එවලේම ලියාගෙන බස් එකේ නුවරට යන ගමන් ශ්‍රියන්ත අයියලත් එක්ක ප්‍රැක්ටිස් කළා. අන්තිමේ මම ඒ චරිතෙට අසාධාරණයක් නොවන්න රඟපෑවා. මං එවලේ ඒ චරිතය කරන්න අකැමැති වුණා නම් ෂෝ එක අවලංගු වෙලා බොහෝ දෙනෙකු අමාරුවේ වැටෙනවා. අන්න ඒ වගේ වෙලාවන්වල විතරක් චරිත හදිස්සියේ බාර ගන්නවා.
ආයෙත් එන්නේ නැහැ මංගල දර්ශනයට දින දෙකක් තියෙද්දී මගේ කකුල කැඩුණා. ඒක වුණේ මෙහෙමයි. නාට්‍ය ඇතුළේ එක්තරා තැනක මම සිය දිවි නසා ගන්න ගඟකට පනිනවා. එයට අදාල වටපිටාව සකසලයි තිබුණේ. මගේ පය ලිස්සලා වේදිකාවේ වැටුණා. කකුලෙන් තද වේදනාවක් ආවා. පස්සෙයි දන්නේ මගේ කකුල කැඩිලා කියලා. අන්තිමේ මට එහි මංගල දර්ශනයට එකතු වන්නට බැරි වුණා. හරිම දුකයි. * වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න හිතක් නැතිද? ආසයි. නමුත් ඒක හරිම බරපතල රාජකාරියක්. මගේ සැමියා මේ වන විට වේදිකා නාට්‍ය සංවිධානය පැත්තට යොමු වෙලා තියෙන්නේ. ඔහුගේ අනුදැනුම යටතේයි කවදා හරි නාට්‍යයක් කරනවා නම් කරන්නේ. මගේ නාට්‍ය ලියන්නේ මමමයි. එතකොට ලෙහෙසියි. * අනූෂගේ පවුලේ විස්තර කියමු? සැමියාගේ නම එහෙම? එයා සනත් දිසානායක. වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. අපිට පුතෙක් ඉන්නවා. එයාට අවුරුදු දහයයි. * මොනවද අනූෂාගේ ඉදිරි බලාපොරොත්තු? මම රංගනයට අමතරව හඬ කැවීමේ කටයුතු ද කරනවා. සිරස, හිරු, ස්වර්ණවාහිනියේ වැඩසටහන් රැසකම හඬ කවනවා. ඒ වැඩ කටයුතු සමඟින් ඉදිරියට යන්නයි එකම බලාපොරොත්තුව.
|