|
පැරැණි සිංහල චිත්‍රපට රසික අපට අහිමි වී ගිය සෝබර කතාව
වර්තමානයේ ඇති තාක්ෂණයේ දියුණුවේ මහිමයෙන් අතීතයේ අප ඉතා ආශාවෙන් නැරැඹූ ඉපැරැණි බොහෝ කළු සුදු හෝ වෛවර්ණ ඉංග්‍රීසි, දෙමළ, හින්දි චිත්‍රපට නැතිනම් ඉතා මෑතක නවීන තාක්ෂණයෙන් නිම වූ අති දැවැන්ත චිත්‍රපට වීඩියෝ හලකින් පහසු මිලකට මිලදී ගෙන නැරැඹීමට අවස්ථාව උදා වී තිබේ. අන්තර්ජාලයේ සැරිසරා තමන් කැමැති චිත්‍රපටයක් ඒ මොහොතේ හෝ නැතිනම් තැටිගත කොට ගෙන තමන්ට සුවපහසු වෙලාවක නරඹා රස විඳීමට හැකිය. එම පහසුකම නොමැති අයට පැරැණි ඉංග්‍රීසි, දෙමළ, හින්දි චිත්‍රපට කීපයක් මිල දී ගෙන නැරැඹීමට අවස්ථාව උදා විය. අඩු මුදලක් වුවත් එම චිත්‍රපටවල ප්‍රමිතිය උසස් තලයක තිබීම මිල හා සසඳන විට විටෙක පුදුම සිතුණි. අනෙක ඉතා පැහැදිලි රූප රාමු සමඟින් චිත්‍රපටය ගලාගෙන යෑමයි. මට ඇති විවේකී අවස්ථාවල එම චිත්‍රපට නරඹා රස විඳීමෙන් පසු කාරණා දෙකක් ගැන මගේ අවධානය යොමු විය. පළමු කරුණ නම් එම චිත්‍රපටවල රූප රාමු හා ශබ්දපටවලට හානිවීමට ඉඩ නොදී ඉතා හොඳින් ආරක්ෂා කොට සංරක්ෂණය කර තිබීමයි. දෙවැන්න නම් ඉතා සුරැකිව ආරක්ෂා කොට සංරක්ෂණය කරගත් ජාතික වස්තූන් බඳු එම චිත්‍රපට තම රටේ පුරවැසියන්ට පමණක් නොව ලොව සිටින විවිධ රටවල විවිධ ජාතීන්ට අයත් සිනමා ලෝලයින්ට ද කිසිදු තහංචියකින් තොරව චිත්‍රපට නරඹා රස විඳීමට අවස්ථාව සලසාදීමයි. විදේශීය චිත්‍රපට හා සසඳන විට ශ්‍රී ලංකාවේ නිපදවන ලද අතිශය ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපට ද සිංහල සිනමා වංශ කතාවේ කඩඉම් ලෙසට පිළිගැනෙන මෙරට මෙන්ම විදේශීය රටවල ද සම්මානයට පාත්‍ර වූ සම්භාව්‍ය සිනමා සිත්තම්වලට ද අත් වූ සහ අත්ව ඇති ඉරණම ඉතා කනගාටුදායකය. ජන හදවත්වල සදා මතකයේ රැඳුණු එම චිත්‍රපට ආරක්ෂා කොට සංරක්ෂණය කිරීමට වගකිව යුත්තන් අපොහොසත් වූ හේතුවෙන් ඉතා අගනා වටිනා චිත්‍රපට විශාල සංඛ්‍යාවක් විනාශ මුඛයට පත් විය. අනිත් අභාග්‍ය නම් එකල අප රටේ චිත්‍රපට නිෂ්පාදනය කොට බෙදා හැරීම් කළ චිත්‍රපට සමාගම් කීපයක් සතුව ඔවුන්ගේම චිත්‍රාගාරවල ඉතා හොඳින් සංරක්ෂණය කළ ශ්‍රී ලාංකීක සිනමා ලෝලයින්ගේ අමන්දානන්දයට පාත්‍ර වූ චිත්‍රපට තවත් විශාල ගොන්නක් වර්ෂ 1983 දී ඇති වූ ජාතිවාදී කෝලහාලයේදී චිත්‍රපට ගිනි තබා විනාශ කිරීමයි. ඉතිරි වූ චිත්‍රපට සියල්ල හෝ එක් තැනකට ගොනු කොට සංරක්ෂණය කිරීමේ කිසිදු වැඩ පිළිවෙළක් නොතිබූ නිසා පුද්ගලයන් දෙතුන් දෙනෙක් මේ ඉතිරි වූ චිත්‍රපට සංරක්ෂණය කරන මුවාවෙන් එම චිත්‍රපට නිෂ්පාදනය කළ නිෂ්පාදකවරුන්ගෙන් හා එම චිත්‍රපටවල අයිතිය හිමි වූ පසුකාලීනයන්ගෙන් ඉතා අඩු මිලට චිත්‍රපට මිලදී ගෙන තමන්ගේ තනි අයිතියට පවරාගෙන අලුත් ව්‍යාපාරයක් එයින් ආරම්භ කරන ලදී. එනම් එම චිත්‍රපට රූපවාහිනී නාළිකාවල ප්‍රදර්ශනය කරමින් මුදල් හරි හම්බ කර ගැනීමයි. ඔවුන් සතු කරගෙන ඇති චිත්‍රපටයක් රූපවාහිනී නාළිකාවක ප්‍රදර්ශනය කරන අතරතුර පවා ඔවුන් සතු ඒකාධිකාරි අයිතිය පෙන්වමින් සමහර අවස්ථාවල රස වින්දනයට බාධා වන අයුරින් එම චිත්‍රපට පිටපත් කර ගැනීම, ළඟ තබා ගැනීම බුද්ධිමය දේපළ නීතියට අනුව දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බවට අනතුරු ඇඟවීමයි. කෙටියෙන් පවසතොත් එම චිත්‍රපට දැන් ඔවුන් සතු බූදල්ය. මොවුන් සිතන අයුරින් මා ඉහත සඳහන් කළ විදේශීය චිත්‍රපටවල අයිතිය සතු වූවන් මෙපරිද්දෙන් සිතුවා නම් රු. 80 ක් වැනි මිලකට 'දස පනත්, 'ගෝඩ් ෆාදර්', 'මදර් ඉන්ඩියා', 'මධුමතී' හ චාලි චැප්ලින්ගේ චිත්‍රපට වැනි සිය ගණන් අනගි චිත්‍රපට අප සතු කරගෙන නරඹා රස විඳින්නේ කෙසේද? විදේශීය චිත්‍රපට බොහෝමයක් තමන් සතු කරගෙන රැස් කර තබා ගැනීමට හැකි වුවත් අපට අපේ පැරැණි සිංහල චිත්‍රපට එකතුවක් ළඟ තබා ගැනීමට නොහැකි වීම ඉතා අවාසනා සහගත කරුණකි. එබැවින් අප ශ්‍රී ලාංකික සිනමා ලෝලයන් හැටියට එම පැරැණි සිංහල චිත්‍රපට අත්පත් කරගෙන සිටින චිත්‍රපට සංරක්ෂණ ව්‍යපාරික මහතුන්ගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ඔබලා අත්පත් කරගෙන සිටින පැරැණි සිංහල චිත්‍රපට සියල්ල සීඩී හෝ ඩීවීඩී තැටි බවට පත්කොට ශ්‍රී ලාංකික සිනමා රසික ජනතාවට ඉතා සාධාරණ මිලකට මිලදී ගැනීමට අවකාශ සලසා දෙන ලෙසයි.
අතීතය අනුස්මරණය කරමින් පැරැණි සිංහල චිත්‍රපටයක් මිලදී ගෙන තමන් කැමැති දිනක,
වේලාවක නරඹා රස විඳීමට ඇති අයිතිය ලබාදීම ඔබේ යුතුකමක් ලෙස සලකා කටයුතු කරන මෙන්
ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඊ. ජෝශප් ලක්සිරි ප්‍රනාන්දු - ජාඇල
ප්‍රියාදර දයා අල්විස්
රංගන පෙළහරින් ජීවන ගීය ගයා
මඩොල්දූව උතුමාණෙනි විරාගය
සුහද ගුණ සුවඳ මිනිසත්කමට හුරු
නිකවැරටිය
සිත ලද චිත්‍රපට
සිතක මහිම සමන් ගාල්ලගේ කැටපල, ගණේගොඩ
S.M.S.
ධනුක ඩිල්ෂාන්ගේ හොඳම රඟපෑම ඇත්තේ ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි නාට්‍යයේය. සුමිත් සුදර්ශන වතුරගම
අල්හාජ් මොහදීන් බෙග් නම් යුග පුරුෂයාගේ හඬ සදාකාලිකයි. සමීර - ගම්පහ
සඳුන් රාජකරුණාගේ සෑම ටෙලි නාට්‍යයක්ම අති සර්ථකව විකාශය වෙනවා. ඔහුගේ අනාගතයට
සුභපතමි. පී. ඩී. හර්ෂ විරාජ් මාකඳුර
අද ලංකාවේ සිටින හොඳම ජනප්‍රිය ගායිකාව නිරෝෂා විරාජිනී. ඔබේ ගී බෙහොමයක්
හැඟීම්බරයි. මතු අනාගතයේදී ඔබේ ගී හඬට කිට්ටු වෙන්නට කිසිම කෙනෙකුට වරම් නෑ. මම ඔබට
සුභපතමි. එස්. වීරසිංහ අනුරාධපුර
ඩිමන්ක වෙල්ලාලගේ අයියේ ඔයාගේ අවසාන ප්‍රේමයයි මගේ ගීතය ගොඩක් ලස්සනයි. මම ඒ ගීතයට
ගොඩක් කැමැතියි. ඇත්තටම මටම ඔයා හදපු සිංදුවක් වගේ මගේ හිතට ගොඩක් සමීප සිංදුවක්
ඒක. ඔයාට තව තවත් ඒ වගේ සිංදු කියන්න කියලා මගේ මුළු හදවතින්ම සුභ පතනවා. නිලූකා ප්‍රියදර්ශනී නාත්තණ්ඩිය
සංජානා සිනමාපටය ඉතා අගනේයි. මංජුලා කුමාරිගේ කුලුඳුල් සිනමාපටය ඉතාමත් හොඳට රඟපා
තිබෙනවා. ඔබේ රුව වඩාත් ගැළපෙන්නේ සිනමාවටයි. මංජුලාගේ අනාගතයට සුභපතමි. දිල් මාතර
ආධුනික ගීත රචකයන්ට අවස්ථාව ලබා දෙන රජරට සේවය අගය කරමි. නව ගී වැඩ සටහන සාර්ථක
වේවා. මනෝජ් වින්දන පානදුර
චන්දන ලියනආරච්චි තමයි යුගයේ හොඳම නිහතමානී ගායකයා. ප්‍රදීපා මොරගාන
සරසවිය පුවත්පතේ පසු කවරය ජීවරාණිගේ රුවින් සැරසුවාට, සරසවිය රසික කැල වෙනුවෙන් මගේ
ස්තුතිය. විමලසේන හපුතන්ත්‍රී අත්තනගල්ල
'සරසවිය' පැරැණි කලාකරුවන්ගේ රුව පසු කවරයේ දැමීම නිසා එදා අප හදවත් සමීපයේ සිටි
කලාකරුවන් මෙන්ම ඔවුන් රඟපෑ චිත්‍රපට අපට නැවත මතක් කර දෙන්නකි. මේ වෙනසට සරසවියට
මගේ සුභපැතුම්. මොනිකා කුමාරි දිසානායක අනුරාධපුරය
ගින්දරී චිත්‍රපටය නම් මාර ලස්සනයි. පබෝධා අක්කිගේ රංගනය නම් සුපිරි. නිලූකා අවිස්සාවේල්ල
අද බිහිවන සුපිරි තාරකාවෝ, සිහින තාරකාවෝ පෙර මෙන්ම අදටත් ජනප්‍රිය ශිල්පීන්
ශිල්පිනියන්ගේ ගීත ගයමින් ඔවුනට අවමන් කරනවා සේම තමන් ද අවමානයට ලක් වෙති. ඇත්තටම
මෙවැනි අයට වෙන හවුහරණක් නම් කාගෙන්ද? ප්‍රවීණ ශිල්පීන් චිත්ත පීඩාවට ලක් කිරීම හොඳ
නැහැ නේද? මේවා නතර කිරීමට බලධාරීන් නිදි ද? දමයන්ති විතානගේ හොරණ
ප්‍රතිචාර සඳහා අලුත් දුරකතන අංකයක් 0773042834 ඔබේ ප්‍රතිචාර sms මඟින් ඉහත අංකයට එවන්න. ප්‍රතිචාර තැපැල් හෝ සටහන්පත් මඟින් නම් ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය විවෘතය.
|