|
ඕනෑම සුන්දර ගැහැනියක් තුළ යකින්නක් ඉන්න පුළුවන්ජනකාන්ත, උදයකාන්ත ‘ගින්දරී’ සමඟ ප්‍රේක්ෂකයන් හමුවට...
මගේ දේශපාලන මතවාදත් මේ චිත්‍රපටයේ ගැබ්වෙලා තියෙනවා
යුගයේ ජනකාන්තම සිනමාවේදියා කවුරුන්දැයි යමෙකු මගෙන් විමසුවහොත් එයට මගේ පිළිතුර වන්නේ උදයකාන්ත වර්ණසූරිය යන්නයි. ඒ ඔහුගේ චිත්‍රපට සඳහා ලැබෙන අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර මුඛ්‍ය සාධකය කොට ගනිමිනි. එහි ආසන්නතම උදාහරණය වන්නේ ඉකුත් වසරේ ඉහළම ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වූ ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ චිත්‍රපටයයි. මින් දොළොස් වසකට පෙරාතුව ‘බහුබූතයෝ’ තැනූ උදය එහි දෙවැන්න ‘ගින්දරී’ නමින් දැන් ප්‍රේක්ෂකයන් හමුවට රැගෙන විත් තිබේ. එය මේ දිනවල රීගල් ඇතුළු සිනමාහල් රැසක සාර්ථකව තිරගත වේ. ‘ගින්දරී’ ප්‍රමුඛ කොට ගනිමින් උදයකාන්ත සමඟ මේ සංවාදය දිග හැරෙන්නේ ඔහුගේ සිනමාත්මක දැක්ම පිළිබඳවද වෙසෙස් අවධානයක් යොමු කරමිනි. වසර දොළහකට පසු ඔබ ඇයි ‘බහුබූතයෝ’ දෙවැනි කොටස ‘ගින්දරී’ නමින් ප්‍රේක්ෂකයන් වෙත ගෙන එන්න අදහස් කළේ? ‘බහුබූතයෝ’ පළමුවැනි චිත්‍රපටය අතිශයින්ම ජනප්‍රිය වුණානේ. එහෙම ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වූ චිත්‍රපටයක ෙදැවැනි කොටස කරන්න ඉබේම හොඳ වටපිටාවක් නිර්මාණය වෙනවා. චිත්‍රපට නිෂ්පාදනයේදී අද තිබෙන අවදානමත් මේ නිසා අඩුවීම විශේෂත්වයක්. මොකද පළමුවැනි චිත්‍රපටය වටා යම් ප්‍රේක්ෂක පිරිසක් හිටියානේ. එයින් අඩක් නැරැඹුවත් අලුත් පේ‍්‍රක්ෂකයොත් එක්ක දෙවැනි චිත්‍රපටය අපට ගොඩ දාගන්න පුළුවන්. ඒ විශ්වාසය පදනම් කරගෙනයි ඔබ අතින් ‘ගින්දරී’ නිර්මාණය වෙන්නේ? ඔව්. එය එක් තීරණාත්මක සාධකයක් වුණා. ඒ වගේම මුල ඉඳලම මගේ බලාපොරොත්තුවක් තිබුණා ‘බහුබූතයෝ’ දෙවැනි කොටසත් නිර්මාණය කළ යුතුයි කියලා. ඒකට කාලයක් ගත වුණා. ඒ ප්‍රමාදයට හේතුව සුදුසු කතාවක් මට නොතිබූ නිසයි. පස්සේ ඉබේම මගේ හිතේ මේ කතාව ගොඩ නැගුණා. ‘ගින්දරී’ කරන්න සුදුසුම කාලය තමයි මේ කියලා හිතුණා. ඉතින් චිත්‍රපටය කළා. ඔබ බලාපොරොත්තු වූ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් දැන් ඊට ලැබෙනවා? ඇත්තටම ‘බහු බූතයෝ 01’ චිත්‍රපටයට වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් මේ මොහොතේ ‘ගින්දරී’ වටා ගොනු වෙමින් ඉන්නවා. රොඩ්නි වර්ණකුල, මහේන්ද්‍ර පෙරේරා, පබෝධා සංදීපනී, රිචඩ් මානමුදලි කියන හතර දෙනා තමයි මම මුල් චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා යොදා ගත්තේ. මේ චිත්‍රපටයටත් ඔවුන්ම ප්‍රධාන චරිත සඳහා යොදාගන්න මට පුළුවන් වුණා. වසර දොළහකට පස්සේ වුණත් ඔවුන්ගේ පෙනුම සහ රංගනය එදා වගේම තිබුණා. විශේෂයෙන්ම පබෝධාගේ පෙනුම. මුල් චිත්‍රපටයේ ඇය යුවතියක්. මෙදා මවක්? ‘බහුබූතයෝ 01’ චිත්‍රපටයේ රඟපාන කොට පබෝධා අවුරුදු දාහතක, දහ අටක යුවතියක්. අද ඇය මාතාවක්. මේ චිත්‍රපටයේ හරි වැදගත් දෙයක්නේ ‘ටිකිරි’ ගේ නැතිනම් ‘ගින්දරී’ගේ හැඩරුව. මෙයා යකින්නක් වුණාට මනුස්ස වේශයෙන් ඉන්නකොට ඉතාමත් සුන්දර සුරූපිනියක්. ඇයට කවුරු හරි අතවරයක් කරන්න ආවොත් එක පාරටම බයංකාර යක්ෂණියක් බවට පත් වෙනවා. ඒ යක්ෂණිය අප නිර්මාණය කළේ තාක්ෂණයෙන්. ඒත් අර සුන්දර රූ සපුව එහෙම හදන්න බෑ. කොහොම වුණත් පබෝධා ලොකු පරිශ්‍රමයක් දරලා ඒ අවශ්‍ය විදිහට එයාගේ සිරුර සකස් කර ගත්තාලු? ඔව්. මුලදී ඇගේ සිරුරේ පෙනුම මේ චරිතයට හරියටම ගැළපුණේ නෑ. මේ චරිතයට සූදානම් වෙන්න පබෝධට තිබුණේ මාස දෙකක විතර කාලයක්. ඇය පුළුවන් තරම් මහන්සි වෙලා, කැප වෙලා තමන්ගේ සිරුර ඒ අවශ්‍ය ප්‍රමාණයට හදා ගත්තා සහ හැඩ කර ගත්තා. ඇය විශාල වශයෙන් කැපවීමක් කළා ඒකට. ඇතැමුන් කියනවා ‘බහුබූතයෝ 01’ චිත්‍රපටය ‘ගින්දරී’ට වඩා සාර්ථකයි කියලා. අධ්‍යක්ෂවරයා විදිහට ඔබ ඊට දෙන පිළිතුර? මෙහෙමයි, ‘බහුබූතයෝ 01’ චිත්‍රපටයේ මීට වඩා නිර්මාණාත්මක වේෂයක් තිබුණා. මොකද ජන කතාවක් ඇසුරු කරගෙන මම කළ නිර්මාණයක් ඒ. මමත් පිළිගන්නවා ඒ මුල් චිත්‍රපටය දෙවැන්නට වඩා ඉදිරියෙන් තිබුණා කියලා. යකුන් බැඳගෙන වැඩ ගන්නවා කියන සංකල්පයත් එක්කනේ මම ඒ චිත්‍රපටය නිර්මාණය කළේ. නමුත් ‘ගින්දරී’ චිත්‍රපටයේ එහෙම නැවුම්, සුන්දර කතා පුවතක් නෑ. ඒ කියන්නේ පෙර තරම් අපූර්වත්වයක් නෑ? ඔව්. අර තරම්ම අපූර්වත්වයක් තිබුණේ නෑ. ඇයි එහෙම වෙන්නේ. ඔබ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙක්, තිර කතා රචකයෙක්? නමුත් මට හිතෙනවා, මේ චිත්‍රපටයේ නිර්මාණාත්මක සංකල්පයකට වඩා කිසියම් අන්දමක සමාජ, දේශපාලන පැතිකඩක් විවරණය කිරිමේ උත්සාහයක් තිබුණා. පසුගිය කාලේ අපේ දේශපාලන ලෝකයේ දැකපු හාස්‍යජනක සිදුවීම්, අර පරණ කතාවත් එක්ක එකතු කරගෙන මම කොහොම හරි මේ චිත්‍රපටය කළා. ප්‍රේක්ෂකයන්ට කම්මැලිකමක් නැතුව නරඹන්න පුළුවන් චිත්‍රපටයක් මම නිර්මාණය කළා. එතනදි මම අසාර්ථක වුණේ නෑ. මුල සිට අග දක්වාම කුතුහලයකින්, ආසාවකින් යුතුව චිත්‍රපටය නැරැඹීමට මම ප්‍රේක්ෂකයා නැඹුරු කර ගත්තා. ඒක කළේ වත්මන් දේශපාලන ප්‍රහසනය සහ අර පැරැණි කතාවට නැවුම් දේවල් එකතු කරලා. ‘ගින්දරී’ චිත්‍රපටයේ ඔබ ඉස්මතු කරන දේශපාලන ප්‍රහසනය හරහා ඔබේ දේශපාලන දර්ශනයත් යම් තරමකට හෝ පිළිබිිඹු වෙනවා කියා මට හිතෙනවා? මමත් කිසියම් දේශපාලන මතවාදයක් දරන කලාකරුවෙක්. මම ඒක ප්‍රසිද්ධියේ හැම තැනම වේදිකාවල ප්‍රකාශ කරන්නේ නැහැ. ඔබ කිව්වා වගේ මගේ දේශපාලන මතවාදත් මේ චිත්‍රපටයේ ගැබ් වෙලා තියෙනවා. ඊට අමතරව පහුගිය කාලේ අපේ රටේ තිබුණ දේශපාලන විකාරරූපී ස්වභාවයත් මේ චිත්‍රපටයේ තිබෙනවා. රංගනයෙන් වගේම දෙබස්වලිනුත් ඔබ නිරතුරුවම හාස්‍යය ඉස්මතු කරන්නට උත්සාහ දැරූ වග පෙනෙනවා? ඔව්. හැබැයි මේ සමහර දේවල් අපි හොඳින් අසා පුරුදු විහිළු. දැන් මේ හාස්‍ය ප්‍රති නිර්මාණය කරන්න දරන උත්සාහයම අධ්‍යක්ෂවරයකුට ලොකු අභියෝගයක්නේ. මේ චිත්‍රපටය හරහා ඔබට පුළුවන් වුණා ද සැබෑ හාස්‍ය රසය ප්‍රේක්ෂකයාට ලබා දෙන්න? දේශපාලන ලෝකයේ මේ වගේ විහිළු අපි මින් පෙර අසා තිබුණා වෙන්න පුළුවන්. නමුත් සිනමා මාධ්‍යයට මේක ගෙන ඒමත් යම් කිසි නිර්මාණාත්මක කටයුත්තක්. රංගනයෙන්, රූප සකස් කිරීමෙන් අපි කිසියම් අපූර්වත්වයක් ඇති කරන්න ඕනෑ. එහෙම අපූර්වත්වයක් ඇති කළේ නැතිනම් ඒක කිසිම වැදගම්මකට නැති සිද්ධි දාමයක් බවට පත්වෙනවා. මගේ නිර්මාණාත්මක දැනුමෙන් මම ඒ අසා පුරුදු විහිළු වුණත් නැවුම් බවකින්, නවතාවයකින් යුතුව ඉදිරිපත් කළා. මේ හාස්‍ය නැත්නම් ප්‍රහසනය එක් එක් නිර්මාණාකරුවා අර්ථ දක්වන්නේ එක් එක් විදිහට. දැන් හාස්‍ය පිළිබඳ ඔබේ මතය? හාස්‍ය කියන්නේ ලෙහෙසියෙන් මිනිස්සු ආකර්ෂණය කර ගන්න පුළුවන් වගේම ඔවුන්ගේ ජීවිතවලට සතුටක්, විනීදයක් ලබා දෙන එක්තරා අන්දමක මානුෂික ක්‍රියාවලියක්. ඉතින් මේ හාස්‍ය ‘ගින්දරී’ චිත්‍රපටයෙන් සරල හිනාවක් විතරක් බවට පත් නොකර එයින් කිසියම් අරුත්බර වින්දනයක් ලබා දෙන්නට මම උත්සාහ කළා. ‘ගින්දරී’ චිත්‍රපටය හරහා අපේ කාන්තාවගේ ඇතැම් ක්‍රියා කලාපයන් උපහාසාත්මකව විවරණය කරන්න ඔබ උත්සාහ දරා තිබෙනවා? ඔව්. එය සැබෑ උපහාසයක් මිසක කිසි විටෙකත් අපහාසයක් නෙවේ. චිත්‍රපටයේ ඇතැම් තැනක ඔබ කියන්න උත්සාහ දරනවා ගැහැනියට වඩා යකින්නක හොඳයි කියලා? සාමාන්‍යයෙන් කෙනෙකුට මේ චිත්‍රපටය නරඹද්දී එහෙම දෙයක් හැඟෙන්නට පුළුවන්. ඇත්තම කිව්වොත් ගැහැනුන්ගේ යක්ෂාවේෂයකුත් තියෙනවානේ. සියුම් විදිහට ඒකත් මේ චිත්‍රපටයේ නිරූපණය වෙනවා. ඒ කියන්නේ හැම ගැහැනියක් තුළම ‘ගින්දරි’ කෙනෙක් ඉන්නවා? ඔව්. එහෙම වෙන්න පුළුවන් කියන අදහස තමයි තියෙන්නේ. ඕනෑම සුන්දර ගෑනියක් තුළ යක්ෂ ගතිගුණ තියෙන්න පුළුවන්. ඒවා ඉස්මතු වන්නේ හෝ නොවන්නේ පිරිමියාගේ හැසිරීම් රටාව තුළ? ඇත්තෙන්ම. පිරිමි වශයෙන් අපි හැම තිස්සෙම බලාපොරොත්තු වෙනවා ගෑනු උපරිමයෙන් ගෙදර වැඩ කරන්න ඕනෑ කියලා. අපි කිසිම දේකට සම්බන්ධ වෙන්නෙත් නෑ. ඒකත් වැරැදියිනේ. ඒකෙම අනෙක් පැත්ත තමයි මල්කාන්තිගේ චරිතය හරහා මම කියන්න උත්සාහ කළේ. ඒ චරිතය ලෝචනා ඉමාෂි හරි අපූරුවට රඟපෑවා. ඔබ මේ චිත්‍රපටයට තාක්ෂණය බහුලව යොදාගෙන තිබුණා. උදයකාන්ත කෙමෙන්, කෙමෙන් තාක්ෂණය දෙසට වැඩි නැඹුරුවක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා? සාමාන්‍යයෙන් මේ වගේ මනඞකල්පිත චරිත නිර්මාණය කරද්දී අපිට ග්‍රැෆික් තාක්ෂණය බහුලව යොදා ගන්න සිදු වෙනවා. විශේෂයෙන්ම මේ ත්‍රිමාන තාක්ෂණය වගේ දේවල් අද බහුලව භාවිතා කරනවා හොලිවුඩ් සහ බොලිවුඩ් සිනමාවේ. ඒ තුළින් ඔවුන් නැවුම් අත්දැකීමක් ලබා දෙනවා ප්‍රේක්ෂකයන්ට. බොහෝ රටවල එහෙම දේවල් වෙනවා. ඒත් අපේ රටේ එහෙම නෑ. ඔය 3ච් තාක්ෂණය නියම විදිහට අපේ චිත්‍රපටයකට මුලින්ම ඇතුළත් කළේ මමනේ ‘බහුබූතයෝ 01’ චිත්‍රපටයෙන්. මට අවශ්‍ය වුණේ ඒ තාක්ෂණය හැකි අයුරින් හෝ යොදාගෙන අපේ සිනමාව නැවුම් කරන්න. ප්‍රේක්ෂකයාට ඒ නැවුම් අත්දැකීම ලබා දෙන්න. පසුගිය කාලේ අපේ සිනමාවෙත් විශේෂ ප්‍රයෝග සහ තාක්ෂණය යොදා ගත් චිත්‍රපට නිර්මාණය වුණා. ඒත් මේ තාක්ෂණික දුර්වලකම් අපේ සාමාන්‍යය ප්‍රේක්ෂකයාට පවා වැටහුණා.? විදෙස් සිනමාවට නැතිනම් ජාත්‍යන්තර සිනමාවේ තාක්ෂණයට අපිට කිට්ටු කරන්න බෑ. ඔවුන් ඊට වැය කරන අති විශාල ධනය අපට ගැටලුවක්. ඔබ කිව්වා වගේ අපේ චිත්‍රපටවල ඒ තාක්ෂණික දුර්වලතා තියෙන්න පුළුවන්. මගේ චිත්‍රපටවලත් එවැනි අඩුපාඩු ඇති. නමුත් අපි ඒවායින් සැලෙන්න හොඳ නෑ. පුළුවන් තරම් ඉතින් ඒ අභියෝග ජය අරගෙන මේ සිනමා තාක්ෂණය අපේ සිනමාවට ඇතුළු කර ගත්තොත් තමයි කර්මාන්තයක් විදිහට අපට ඉදිරියට යන්න පුළුවන්. ඔබ කියන්නේ අපේ සිනමාවත් තාක්ෂණයෙන් වඩ වඩා ඉදිරියට යා යුතු බවයි? අනිවාර්යයෙන්ම. අද වෙන කොට සිනමා ප්‍රක්ෂේපනය පවා අලුත් තාක්ෂණයට යොමු වෙලානේ. ඒ නිසා සිනමාවේ ඉදිරි ගමනක් යන්න අපට අවශ්‍ය නම් ඒ තාක්ෂණය අනිවාර්යයෙන්ම අපට බහුල වශයෙන් යොදාගන්න සිදු වෙනවා. එහි පියවරක් හැටියට තමයි මම ‘බහුබූතයෝ’ සහ ‘රන් කෙවිට’ චිත්‍රපට හඳුන්වන්නේ. එක්තරා මාධ්‍යවේදියකු ‘ගින්දරී’ චිත්‍රපටය නිර්දය විචාරයට ලක් කර තිබුණා. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වශයෙන් ඊට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ‘ගින්දරී’ මහා ආශ්චර්යයක් හැටියට මම සලකන්නේ නෑ. එය මා අතින් නිර්මාණය වූ තවත් එක් චිත්‍රපටයක් පමණයි. ලෝකේ කොයි සිනමාකරුවා ගත්තත් කලින් චිත්‍රපටයට වඩා ඊළඟ චිත්‍රපටය ඉහලයි කියලා එහෙම සිද්ධාන්තයක් නෑ. ඒ කියන්නේ නිර්මාණකරුවාගේ නවතම චිත්‍රපටය ඔහුගේ හොඳම චිත්‍රපටය වන්නේ නෑ. නමුත් ඉතින් ‘ගින්දරී’ වගේ චිත්‍රපටයක් හැදුවා කියලා මම කිසිසේත්ම කනගාටු වෙන්නේ නෑ, පසුතැවිලි වෙන්නෙත් නෑ. සිනමාත්මක බව ආරක්ෂා කර ගනිමින් මම අවංකවම කරපු නිර්මාණයක් මේක. මගේ අනෙක් චිත්‍රපටවලට සාපේක්ෂව කෙනෙකුට මේ චිත්‍රපටය උසස් නිර්මාණයක් ද කියන ගැටලුව ඇති වෙන්න පුළුවන්. හැබැයි මේක මාසෙකින්, දෙකකින් හදපු තුට්ටු දෙකේ චිත්‍රපටයක් නෙවේ. ක්‍රමානුකූලව කතාව ගොඩ නඟලා, ඊට පස්සේ නවීන තාක්ෂණය යොමු කරලා, ඊට අමතරව එහි සිනමාරූපී බව ආරක්ෂා කරගෙන කරපු චිත්‍රපටයක් මේක. මම බය නැතිව ඒක කියනවා. නමුත් මේකෙ අන්තර්ගතය ගැන සමහරුන්ට ගැටලු තියෙන්න පුළුවන්.ඒත් ඒගොල්ල හිතන ඒවා මට අදාල නෑ. විවාරකයන්ගේ මතවාද සමඟ ඔබ එකහෙලා එකඟ නොවන බව ද ඔය කියන්නේ? නෑ, විචාරක මතය සමඟ එකඟ නොවන බව මා එතනින් ගම්‍ය කරන්නේ නෑ. විචාරකයෝ චිත්‍රපටයක වැඩියෙන්ම බලන්නේ එහි අන්තර්ගතයනේ. එතනදි ඔවුන්ට ගැටලු ඇති. නමුත් අන්තර්ගතය ගැන වුණත් මීට වඩා සාධාරණව හිතන්න පොඩ්ඩක්. ජන කතාවක් උපයෝගී කරගෙන ප්‍රේක්ෂක සිත් ඇඳ බැඳ ගන්නා අයුරින් හොඳ විනෝදාත්මක චිත්‍රපටයක් නිර්මාණය කර තිබෙනවා. එතන විතරක් ඉන්න. නැතිව මගේ ‘රන් දිය දහර’ චිත්‍රපටයත් එක්ක මේක සංසන්දනය කරන්න එපා. එහෙම නම් බලන්නකෝ මගේ ඊළඟ චිත්‍රපටය. මේ රටේ හරි හමන් විචාර කලාවක් නෑ කියන චෝදනාව කලාකරුවන්ගෙන්ම නැඟෙනවා. ඒක සිනමාවේ වෙන්න පුළුවන්, සාහිත්‍යයේ වෙන්න පුළුවන්. නැතිනම් සංගීත විචාර කලාවේ වෙන්න පුළුවන්. මේ ගැන ඔබ හිතන්නේ කොහොමද? මම සිනමාව පිළිබඳ කතා කරන්නම්. මොකද සිනමාකරුවෙක් නිසා. අපට විචාරකයෝ කිහිප දෙනෙක් ඉන්නවා. නමුත් අපේ සිනමාවෙ ගුණාත්මක වර්ධනයට රුකුලක් දෙන්න තරම් ඒ විචාර කලාව ප්‍රමාණවත් නැහැ. වැඩිපුර ඉන්නේ සිනමා අධ්‍යක්ෂවරු වෙන්න පෙරුම් පුරලා එතනට යන්න බැරිව ඊට පස්සේ අනුන්ගේ නිර්මාණ දිහා ද්වේශයෙන් බලන විචාරකයන්. විචාර නෙවේ ඒවා හුදු රචනා. ඔබේ සිනමා දිවියට විචාරකයන්ගෙන් හා විචාර කලාවෙන් කිසියම් මඟ පෙන්වීමක් සිදු වෙලා නැතිද? සමහර විචාර කියවනකොට හිනා යනවා ඇත්තටම. නමුත් අර හොඳ විචාර තුළින් මම යම් දෙයක් ඉගෙනගෙන තියෙනවා. එබඳු විචාරවලින් මගේ සිනමා ගමනට ශක්තියක් වගේම ආලෝකයකුත් ලැබී තියෙනවා. නමුත් වැඩපුර තියෙන්නේ කිසිම හැඟීමක් නැති පල්හෑලි නැතිනම් රචනා. ‘බහුබූතයෝ - 03’ චිත්‍රපටයක් කරන්න ඔබ බලාපොරොත්තු වෙනවා? පුංචි අදහසක් හිතේ තිබුණාට එහෙම කතාවක් තවම ගොඩ නැඟිලා නෑ. ‘සරසවිය’ පාඨකයන්ට අපි කියමු හොඳ කතාවක් නිර්මාණය කරලා එවන්න කියලා. හැකි ඉක්මනින් ඒ ගැන සලකලා බලන්න පුළුවන් එතකොට. ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ චිත්‍රපටයට දායක වූ ශිල්පීන්ට ඔබ බෝනස් මුදලක් පිරිනැමුවා. එය ඉතා හොඳ ආදර්ශමත් ක්‍රියාවක් බව එහි ප්‍රධාන නළුවා වූ මහේන්ද්‍ර පෙරේරා පැවසුවා? තමන් නිර්මාණයෙන් උපයන සල්ලි තනියම ගොඩ ගහ ගන්නවාට වඩා ඒ නිර්මාණයට දායක වූ අය එක්ක එය බෙදා හදා ගැනීම ලොකු දෙයක්. ආත්ම තෘප්තියක්. ඒ සතුට මම ලැබුවා. මේ චිත්‍රපටයෙනුත් ඒ සතුට මට ලබා ගන්න පුළුවන් වෙයි කියා හිතනවා. අද සිනමාවේ ‘තරු’ නෑ, වීරයා මැරිලා, එහෙම සිනමාවක් නඩත්තු කරන්නේ කොහොමද කියන එක අධ්‍යක්ෂවරයකු හැටියට ඔබට ලොකු ගැටලුවක් නේද? ගැටලුවක්, ඒ වගේම ලොකු අභියෝගයක්. අනිවාර්යයෙන්ම ඒක අපි තේරුම් ගන්න ඕනෑ. නැතිනම් පවතින්න අමාරුයි. ගොඩක් කට්ටිය සිනමාවෙන් ඉවත් වුණේ, එහෙම නැතිනම් ඉවත් වෙන්න සිදු වුණේ ඒ යථාර්ථය තේරුම් නොගත්ත නිසයි. මම අදටත් රැඳිලා ඉන්නේ සිනමාවේ හතර මායිම මේකේ අවබෝධ කර ගත්තු නිසා කියලා මම හිතනවා. මොකක්ද ඔබ ඔය කියන හතර මායිම? මේක මගේ පෞද්ගලික අදහසක්. නැතුව සිනමාවේ සිද්ධාන්තයක් නෙවේ. ඒ නිසා මේ හතර මායිම මගේ මතවාදයක් පමණයි. මම හිතන පළමුවැනි කාරණාව තමයි වර්තමාන සිනමා ප්‍රේක්ෂක රුචිකත්වය. ඊට පස්සේ චිත්‍රපටයේ ප්‍රමිතිය. අද අමෙරිකාවේ ප්‍රදර්ශනය අරඹන චිත්‍රපටයක් ඊට සමගාමීව අපට නරඹන්න පුළුවන්. සිනමාව අද ගෙදරට ඇවිත් තියෙන්නේ. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට බොරු කරන්න බෑ. අපට ඒ නිසා නිසි ප්‍රමිතියක් ඊට අවශ්‍යයි. ඊට පස්සේ චිත්‍රපටයක් සඳහා දැරිය යුතු මුදල. ඒ කියන්නේ බජට් එක? ඔව්. එය අවම අවදානමක් සඳහා දැරිය යුතු මුදලක් විය යුතුයි. මොකද චිත්‍රපටයක් දුවන්න එපායෑ නිෂ්පාදක ගොඩ එන්නනම්. ඒ නිසා අපේ සිනමා කර්මාන්තයට ගැළපෙන, ඔරොත්තු දෙන මුදලක් තමයි අපි චිත්‍රපටයක් වෙනුවෙන් දැරිය යුත්තේ. අවසන් කාරණය තමයි සිනමා මණ්ඩලවල ඉල්ලුම. චිත්‍රපටයක් ප්‍රදර්ශනයේදී නිෂ්පාදකයා මුහුණ දෙන ලොකුම ගැටලුව තමන්ගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කර ගන්නේ මොන මණ්ඩලයේද කියන කාරණය. ලංකාවේ අද දවසේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරිමේදී ඒ ගැනත් හිතන්න වෙනවා. ඔය තමයි මම කියූ හතර මායිම. මේ රටේ එක්තරා ජනප්‍රියම සිනමා මණ්ඩලයක තමන්ගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න තමයි බොහෝ නිෂ්පාදක, අධ්‍යක්ෂවරු පෙළ ගැසී සිටින්නේ. නමුත් ඊට වෙනස් ප්‍රතිපත්තියක සිට ඔබ ‘කොස්තාපල් පුඤ්ඤාසෝම’ ප්‍රදර්ශනය කළා. දැන් ‘ගින්දරී’ත් එහෙමමයි. මෙය අභියෝගයක් ජය ගැනීමක් හැටියටයි මම දකින්නේ? මම අර කියපු හතර මායිමෙන් එකක්නේ මේ මණ්ඩල ගැන හිතලා චිත්‍රපට කරන එකත්. සාමාන්‍යයෙන් සිනමාකරුවකුට තියෙන ලොකුම ප්‍රශ්නයක්නේ මණ්ඩලයක් සොයා ගැනීම. මට ඒ ප්‍රශ්නය දැනට නෑ. දැන් මම චිත්‍රපටයක් කරද්දි මණ්ඩල මාව හොයාගෙන එනවා. නමුත් අර ජනප්‍රිය මණ්ඩලය වරක් ඔබේ චිත්‍රපටයක් ප්‍රතික්ෂේප කළා? නෑ, ප්‍රතික්ෂේප කළා නෙවෙයි. පස්සට දැම්මා. ඒ ඊට වඩා වාණිජ හැඩයක් තිබෙන චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්න. එතනදි ඇතිවුණ සිත් තැවුල මැද මම තාවකාලිකව ඒ මණ්ඩලයෙන් ඉවත් වුණා. නමුත් අර පස්සට දමපු ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ වෙනත් මණ්ඩලයක දින සියය ඉක්මවා සාර්ථකව ප්‍රදර්ශනය වුණා. එදා මගේ චිත්‍රපටය පස්සට දැමූ මණ්ඩලය අද ඒ ගැන පසුතැවිලි වෙනවා. ඒත් ඔවුන් සමඟ මගේ අමනාපයක් නෑ. ඔබේ මීළඟ චිත්‍රපටයේ වැඩ කටයුතු දැන් බොහෝ දුරට නිමයි. ඒ ගැන යමක් කිව්වොත්? ඔව්. ‘මධුර චාරිකා’ මගේ මීළඟ චිත්‍රපටය. එය කලාත්මක පැත්තට වැඩි නැඹුරුවක් තිබෙන චිත්‍රපටයක්. මෙය වාණිජ පරමාර්ථයන් මුදුන්පත් කර ගන්න හැදූ චිත්‍රපටයක් නෙවේ. මා මීට පෙර තැනූ ‘රාජ්‍ය සේවය පිණිසයි’, ‘රන් දිය දහර’, ‘දිය යට ගින්දර’, ලේ කිරි කඳුළු’ චිත්‍රපටලටත් වඩා එහා ගිය කලාත්මක සිනමා කෘතියක් එය.
|