|
|
කටකතා ගැන ඇයි කතා
පසුගිය කාලයේ නිහඬව සිටියත් මෑතකදී කත්‍රිනා සල්මන් ගැන යමක් ප්‍රකාශ කළා. “සල්මන් මගේ ජීවිතයේ විශේෂ පුද්ගලයෙක්” කත්‍රිනා පවසනවා. ඒ වගේම රන්බීර් සමග හැදුනු කටකතා ද ඇය ප්‍රතික්ෂේක කළා. “ඔවුන්ගේ නම්වලට මගේ නම සම්බන්ධ කරමින් කතා කිරීම ගැන ඇත්තටම මට දුකයි. ඒත් මම ඒ කිසිම දෙයකට ප්‍රතිචාර දැක්වූයේ නැහැ. මං හිතන්නේ එක තමයි හොඳම දේ. සමහර අවස්ථාවල දීපිකා ගැනත් මගෙන් අහනවා. මට මගේ පුද්ගලික ජීවිතය වගේම ඔවුන්ට ඔවුන්ගේ පුද්ගලික ජීවිත වටිනවා. අපි හැමෝම එකම ක්ෂේත්‍රයේ එකට රඟපාන අය. විශේෂයෙන් ඔවුන්ගෙන් කිසිම කෙනෙක් ගැන ආදරයක් දැනිලා නැහැ”. කත්‍රිනා පවසනවා.
|



සල්මන් ඛාන්ගේ නමත් සමග පසුගිය කාලයේ සුරූපි නිළියන් කිහිප දෙනෙකුගේම නම්වලට
සම්බන්ධ කෙරුණා. මොන කරම් කතා හැදුනත් සල්මන් ඒ කතන්දර තේරුම් කරලා දෙන්න උත්සහ කළේ
නැහැ. සල්මන්ගේ නම සමඟ කත්‍රිකා කායිෆ්ගේ නමත් මේ විදියට සම්බන්ධ කෙරුණා.
කත්‍රිනාත් තමන්ට හැදෙන කටකතාවලට පිළිතුරු බඳින කෙනෙක් විදියට ප්‍රසිද්ධ නැහැ. මේ
දෙදෙනාම සම්බන්ධයෙන් වගේම රන්බීර්ගේ නම සමගින් හැදුනු කටකතාවලටත් කත්‍රිනා කළේ
නිහඬව සිටීමයි.