වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




ජගත් සිනමා උළෙලක මනෝරත්න හොඳම නළුවා වෙලා අපේ සුබපැතුම්

ජගත් සිනමා උළෙලක මනෝරත්න හොඳම නළුවා වෙලා අපේ සුබපැතුම්

පසුගිය වසරේ දෙසැම්බර් 14 වැනිදා ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැති 'බයිස්කෝප් ගෝලීය සිනමා උළෙලේදී' රංගනවේදී ආචාර්ය ජයලත් මනෝරත්න හොඳම නළුවාට හිමි සම්මානයෙන් පුද ලැබීය.

ප්‍රථම වරට පැවැති මෙම සිනමා උළෙලේ වෘත්තාන්ත සිනමාපට කාණ්ඩය යටතේ සරත් ධර්මසිරි අධ්‍යක්ෂණය කළ 'සූවිසි විවරණ' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජයලත් මනෝරත්න සහ ම්රච ච්ඪතතඪ ම්රච ඹ්චඩධපඥ චිත්‍රපටයේ රඟපෑ ඉන්දීය නළු විජේ රාස් ද හොඳම නළුවාට හිමි සම සම්මානයෙන් පිදුම් ලැබූහ. මෙම සිනමා උළෙලේ අවසාන වටයට සූවිසි විවිරණ චිත්‍රපටය ඇතුළුව ඉන්දීය චිත්‍රපට 37 ක් සහ ප්‍රංශ චිත්‍රපට තුනක් සුදුසුකම් ලබා තිබුණි.

හැට අට වසරක ලාංකේය සිනමා ඉතිහාසයේ අන්තර් ජාතික සම්මානයකින් පුද ලබන අටවැනි ශිල්පියා බවට පත් වන්නේ ජයලත් මනෝරත්නයන්ය. නමුත් කණගාටුදායක කරුණ වන්නේ සම්මානය ලබා තෙමසක් ගත වන තුරුත් එය මාධ්‍ය හරහා ප්‍රසිද්ධ නොවීමයි. දියුණු තාක්ෂණය ඔස්සේ සම්මාන උළෙලක් පවත්වා හෝ පැවැත්වෙමින් තිබියදී එහි පුවත් සමාජගත වන කාලයක මෙම සිදුවීම පුදුමයකි. කෙසේ හෝ වේවා ලාංකේය සිනමාව වෙනුවෙන් ජයලත් මනෝරත්නයන් විශේෂිත සම්මානයක් දිනා දී අවසන්ය. ඔහුගේ රංග ප්‍රතිභාවට සහ සම්මානයට සරසවිය සුබපැතුම්.