|
|
නාට්‍ය කලාකරුවන්ගේ ආරම්භක රැස්වීම 28
ශ්‍රී ලංකා නාට්‍ය කලාකරුවන්ගේ ජාතික සංසදයේ ආරම්භක මහ සභා රැස්වීම මේ මස 28 වැනි සෙනසුරාදා පෙරවරු 9.30 ට හැව්ලොක්ටවුන් හි ලුම්බිණි රඟහලේදී පැවැත්වෙයි.
පරාක්‍රම නිරිඇල්ල, ලූෂන් බුලත්සිංහල, කේ. බී. හේරත්, සෞම්‍ය ලියනගේ, රුවන්ති ද
චිකේරා, එම්. සෆීර්, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රභාත් වරුසමාන්න, උදේනි අල්විස් යන
කලාකරුවන් මේ ඒ සඳහා නාට්‍ය රචකයන්, අධ්‍යක්ෂවරුන්, රංගන ශිල්පිීන්, රංගාලෝක ශිල්පීන්, අංග රචනා ශිල්පීන්, සැලසුම් ශිල්පීන්, නාට්‍ය හා රංග කලා ගුරුවරුන්, විචාරකයන් ඇතුළු නාට්‍ය කලාවේ අනෙකුත් සියලුම අංශවල කටයුතු කරන අයට මේ ආරම්භක මහ සභා රැස්වීමට සහභාගි වන ලෙස කැඳවුම්කාර මණ්ඩලය ආරාධනා කරයි. |



සංවිධානය පිහිටුවීමේ කැඳවුම්කාර මණ්ඩලය ලෙස කටයුතු කරන අතර, ඔවුන්ගේ
මෙයෙවීමෙන් මෙම කටයුත්ත සිදු වෙයි. දිගු කලක් තිස්සේ නාට්‍ය ක්ෂේත්‍රයේ නොවිසඳී
පවතින ප්‍රශ්න විසඳා ගැනීමත්, නාට්‍ය කලාකරුවන්ගේ ස්වාධීනත්වයත්, නිර්මාණකරණයේ
නිදහස සහ අයිතිය ආරක්ෂා කර ගනිමින් නාට්‍ය කලාවේ තිර පැවැත්ම සහ ප්‍රවර්ධනය සහතික
වන වැඩ පිළිවෙළක් මෙහෙයවීම මෙම සංසදයේ ප්‍රධාන අරමුණ වී ඇත. කිසිදු දේශපාලන පක්ෂයකට
හෝ බලයකට ගැති නොවී මේ රටේ සියලුම ජන වර්ගයකටම අයත් නාට්‍යකරුවන් ඒකාරාශී කිරීම
බලගතු කණ්ඩායමක් ලෙස ඒකරාශීව කටයුතු කිරීම මෙමඟින් බලාපොරොත්තු වෙයි.