|
හෝ ගානා පොකුණට දායකවීම මා ලද භාග්යයක්යසෝදරා සරච්චන්ද්‍ර
පුදුම හතෙන් අද තම සිත් ගත් සිනමා නිර්මාණ ගැන කතා කරන්නේ අපේ රටේ මහා කලාකරුවෙකුගේ දියණියක්. උපතින් ලද සහජ හැකියාවත් තම පියාගෙන් මෙන්ම මවගෙන්ද උරුම වූ කලා පසුබිමත් එක්ව ඇයද කලා ක්ෂේත්‍රයට නොමැකෙන මතක සටහන් එක් කළා වූ නිර්මාණකාරිණියක්. ළමා වියේදී වෙස්සන්තර ගීත නාටකයේ ක්‍රිෂ්ණජිනා වූ ඇය පසුව සිංහ සීවලී මෙන්ම මනමේ කුමරියගේ චරිතවලින් වේදිකාවේ සිට රංග ප්‍රතිභාව ගෙනහැර දැක් වූවාය. ඇය මෙරට වේදිකාවේ මහා නාට්‍යකරුවෙකු මෙන්ම සාහිත්‍යධරයෙකු වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බාල දියණිය යසෝදරා සරච්චන්ද්‍ර. යසෝදරා අද පුදුම හතට පවසන්නේ ඇය නැරඹු සිනමා නිර්මාණ අතුරින් වඩාත් සිත් ගත් චිත්‍රපට හතක් පිළිබඳවයි.
හෝ ගානා පොකුණ මා මෙතෙක් නැරඹු සිනමා නිර්මාණ අතුරෙන් මගේ සිතට වඩාත්ම ළං වූ මෙන්ම වඩාත් සිත් ගත් චිත්‍රපටය බවට පත්වෙන්නේ ඉන්දික ෆර්ඩිනැන්ඩු අධ්‍යක්ෂණය කළ හෝගානා පොකුණ චිත්‍රපටය යි. මගේද නිෂ්පාදන දායකත්වය ලද මේ චිත්‍රපටයට මා දරුවෙකුට සේ ආදරය කරනවා. එය මේ දක්වා මා නැරඹු චිත්‍රපට අතරේ දැන් සුවිශේෂිම චිත්‍රපටය බවට පත් වෙලා. මෙහිදී සමාජයේ සිදුවන අත්දැකීමක් සුන්දර ලෙසින් රූප ගත වෙලා තියෙනවා. එවැනි නිර්මාණයකට දායකත්වය ලබා දෙන්න ලැබීමත් කලාකාරිණියක් විදියට මා ලද භාග්‍යයක් සේ සළකනවා. එහිදී මෙරට ප්‍රවීණ රංගන ශිල්පීන් සමගින් අනුසුයා සුබසිංහ සහ ළමුන් දහඅට දෙනාගේ රංගනයන් ඉතා ප්‍රශංසනීය යි. ඒ වගේම පවුල් සංස්ථාව එකට එක් කරන සුන්දර චිත්‍රපටයක් මෙන්ම අපේ රටට අභිමානයක් වන ලෙසින් හෝ ගානා පොකුණ චිත්‍රපටය මට සුවිශේෂ වෙනවා.
නිධානය නිධානය චිත්‍රපටය මා කුඩා වියේදී දුටු සිනමා නිර්මාණයක් ලෙසින් මගේ මතකයේ සනිටුහන් වෙනවා. ඒ කාලයේ මගේ වයසට චිත්‍රපටය ගැන විග්‍රහ කරන්නට නොහැකි වුවත් ඒ චිත්‍රපටය තුළින් ලොකු ගාම්භීරත්වයක් මට දැණුනා. සිංහල සිනමා වංශ කතාවේ හැත්තෑව දශකයේ නිර්මාණය වූ විශිෂ්ට චිත්‍රපටයක් ලෙසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ නිධානය චිත්‍රපටය සුවිශේෂ වෙන විටදී මා නැරඹු චිත්‍රපට අතර එය විශේෂ වෙන්නේ මා කුඩා කල මතක සටහන්ද සමගයි. ඒ කාලයේ අපේ තාත්තා ගොඩක්ම චිත්‍රපට බලන්න අපට කාලය වෙන් කළේ නැහැ. මට මතකයි එදා නිධානය මම නැරඹුවේ හොරෙන්. එහිදී සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා විලී අබේනායක සහ නිළි රැජන මාලිනි ෆොන්සේකා අයිරින් ලෙසන් කළ රංගනයන් මතකයේ සදා රැඳෙන රංගනයන් ඉදිරිපත් කළා.
Sunflowerඉතාලි සිනමා නිර්මාණයක් වූ Sunflower චිත්‍රපටයත් මා ඉතා ආසාවෙන් නැරඹූ මගේ හිතට වඩාත් ළං වූ චිත්‍රපටයක්. 1970 වසරේ තිරගත වූ මෙම චිත්‍රපටය නරඹන්න ලැබුණේ ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියගෙන්. ස්වර්ණා නැන්දා දවසක් අපේ ගෙදර පැමිණි වෙලාවක මට මේ චිත්‍රපටය ගැන විස්තර පවසලා ඒක බලන්නත් ගෙනවිත් දුන්නා. ඒ මීට අවුරුදු විසි පහකට පමණ පෙරදීයි. සුන්දර කතා තේමාවක් ගෙන එන Sunflower චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ විටෝරියේ ඩිසිකා විසින්. මා නැරඹු අනෙකුත් චිත්‍රපටවලට වඩා එහි රංගනයන් මට ඉතා සුවිශේෂව දැනුනා. ඒ අතුරින් වඩාත්ම සිතට දැණුනේ ඉතාලි ජාතික රංගන ශිල්පිනී සොෆියා ලෝරේන්ගේ රංගනය යි. ඇයගේ ඒ රංගනය වේදිකා නාට්‍ය නිළියක ලෙසින් සියයට එකක් හෝ කරන්නට මටත් අවස්ථාව ලැබෙනවා නම් කියන ආසාව දැඩි ලෙසින් හිතට දැනුනා. මම මේ නිර්මාණයට කෙතරම් ඇලුම් කරනවා දැයි කියනවා නම් වසර විසි පහක් ගත වුණත් එහි මුල සිට අවසානය දක්වාම කතාව මගේ සිතේ රැඳී තියෙනවා.
RudhaliRudhali චිත්‍රපටයත් මම ඉතා ආසාවෙන් නැරඹු හින්දි චිත්‍රපටයක්. මම එය නැරඹුවේ 90 දශකයේ මුල් කාලයේදී ඉන්දියාවේ නවදිල්ලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේදීයි. මම ඒ කාලයේ සාමජ විද්‍යාඥවරියක් වීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කළ කාලයයි. චිත්‍රපට හරහා සමාජය දකින්නේ කොහොමද කියන දෙය අධ්‍යයනය කරමින් සිටි සමය යි. මේ හරහා මම සමාජ විද්‍යාවට එනවා කියන එක තහවුරු වෙන්නත් Rudhali චිත්‍රපටය හේතු වුණා කිව්වොත් නිවැරදියි. එහි තේමාව වුණේ කුලියට හඬන කාන්තාවන්. එහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ ඩිම්පල් කපාඩියා. ඇයගේ සාමාන්‍ය රංගනයෙන් වෙනස්ව කළ විශිෂ්ට රංගනයක් එහි ඇතුළත් වෙනවා. ඒ වගේම පර්යේෂණ ග්‍රන්ථ සියයක් අධ්‍යයනය කිරීමෙන් ලබා ගන්නා දැනුටම වඩා වැඩි සමාජ විද්‍යා දැනුමක් මට මේ චිත්‍රපටයෙන් ලබා ගන්න හැකි වුණා. විවිධ අධ්‍යාපන මට්ටම්වල ප්‍රේක්ෂකයන්ටත් ලබා ගන්න හැකි දැනුම මෙහි ඇතුළත් වෙනවා.
Rang De Basanti Rang De Basanti චිත්‍රපටයට මා වඩාත් ඇලුම් කරන්න විශේෂ වූ හේතු කිහිපයක්ම වෙනවා. බොලිවුඩ් නළු අමීර් ඛාන් රංගනයෙන් දායක වන චිත්‍රපටවලට මා වැඩි ඇල්මක් දක්වනවා. ඒ අතරේ ඔහු රඟ පෑ චරිතවලින් ඩල්ජිත් හෙවත් ඩීජේ ලෙසින් කළ රංගනය කැපී පෙනෙනවා. ඒ වගේමයි ඒ. ආර්. රහ්මාන්ගේ සංගීතයත් සුවිශේෂයි. රාකේෂ් ඕම්ප්‍රකාශ් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට පසුබිම් වන්නේ දිල්ලි විශ්වවිද්‍යාලය යි. මමත් එහි අධ්‍යාපනය ලද සිසුවියක් වීම ඒ විශේෂත්වයට තවත් එක හේතුවක්. 2006 වසරේදී මම Rang De Basanti චිත්‍රපටය නැරඹුවේ ඔස්ට්‍රේලියාවේදීයි. මගේ සිත් ගත් මේ චිත්‍රපටය මම මගේ දරුවන්ටත් නරඹන්න අවස්ථාව ලබා දුන්නෙත් ඒ වෙනුවෙන් වූ ඇල්ම නිසාවෙන්.
Starbuck කැනේඩියානු චිත්‍රපටයක් වූ Starbuck චිත්‍රපටයත් මා කැමතිම චිත්‍රපට හතට ඇතුළත් වෙන චිත්‍රපටයක්. කේන් ස්කොට් අධ්‍යක්ෂණය කළ එයට තේමා කතා පුවතක් විශේෂිතයි. කේන් ස්කොට් විසින් මෙහි දෙවැන්න ලෙසින් Dilivery Man චිත්‍රපටය නිර්මාණය කළද Starbuck තරමටම මට එය සුවිශේෂ වුණේ නැහැ. මුල් නිර්මාණයේ කතා තේමාව මෙන්ම ඒ සඳහා තෝරා ගත් රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ඒ සාර්ථකත්වයට විශාල සාධකයක් වු බව මගේ හැඟීමයි. ඒ වගේම එහි හාස්‍යය ගෙන එන්නේ හරිම සුන්දර ආකාරයට යි. හිනා වෙන්න වගේම ප්‍රේක්ෂකයා හඬවන්නත් සමත් වූ චිත්‍රපටයක් ලෙසින් ඉබචපඡභජඬ චිත්‍රපටය මම දකිනවා.
The Hundred - Foot JourneyThe Hundred - Foot Journey චිත්‍රපටය මම නැරඹුවේ මෙවර ලංකාවට එන ගමනේදීයි. හෙලන් මිරෙන්, ඔම් පූරි රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටයේ බටහිර පරිසරයයි ඉන්දීය සංස්කෘතිය යි මනා ලෙසින් සංකලනය කර තිබීම නිසා මගේ හිතට එය විශේෂ වුණා. ඇත්තටම අපිත් චිත්‍රපටයක් කරන්න හිතාගෙන සිටින අවස්ථාවකදී එය අපූරු පරිසරයක් මවන්න හේතුවක් වුණා. එහි රූප රාමු වල තිබූ සුන්දරත්වය සදාකාලික මතක අතරට ගෙන යන්නට සමත් වෙනවා. බිහිසුණු කතා තේමා රූපයට නැඟුණු පසුගිය කාලයේ එක් කුඩා සිදුවීමකින් සරළ කතාවකින් නිර්මාණය කළ අලංකාර චිත්‍රපටයක් ලෙසින් The Hundred - Foot Journey චිත්‍රපටය මා දකිනවා. අපි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් නැරඹීමේදි එහි විනෝදාස්වාදය කියන සාධකය වැදගත් වෙන සේම මෙම චිත්‍රපටය විනෝදාස්වාදයෙන් පිරි අලංකාර රුප රාමු ගෙන එන චිත්‍රපටයක් බවට පත් වුණා. ඒ වගේම හැමදාම දකින මුහුණු වලින් වෙනස්ව දක්ෂ රංගනයන් ද නරඹන්න අවස්ථාව ද එයින් ලැබුණා. |