|
කුඩම්මයි පුතයි එකම චිත්‍රපටයේ
වසර පහළොවකට පමණ පසුව ඇය යළින් සිනමාවට පැමිණියේ කාන්තා චරිතයක් මූලික කරගත් ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ් චිත්‍රපටයෙන්. ලොව පුරා බොලිවුඩ් රසික ජනතාව එය පිළිගත්තේ පෙර සේම ඉතාමත් ආදරයෙන්. එයින් පසුව ශ්‍රී වෙනත් චිත්‍රපට සඳහා දායක වුණේ නම් නැහැ. ඒ වුණත් දැන් ආරංචිය නම් ඇය යළිත් සිනමා නිර්මාණයක් වෙනුවෙන් දායක වීමේ සූදානමෙන් සිටින බවයි. ඒ වෙනත් කිසිවෙකුගේ නිර්මාණයක් නොව සිය සැමියා බොනී විසින් නිර්මාණ කරන්න කටයුතු යොදා තියෙන අලුත්ම චිත්‍රපටය සඳහායි. ශ්‍රී මීට පෙර බොනීගේ චිත්‍රපට වූ Mr. India, Roop Ki Rani Choran Ka Raja, Judaai වැනි චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වුණා. බොනීගේ අලුත් චිත්‍රපටයේ ශ්‍රී දේවි සමගින් බොනීගේ කලින් විවාහයේ පුතු වූ අර්ජුන් කපූර්ද රංගනයෙන් දායක වෙන්න නියමිතයි. ශ්‍රී දේවි සහ අර්ජුන් අතර හොඳ හිතවත් කමක් නැතත් දෙදෙනා එකිනෙකා සමග එකට වැඩ කිරීමට අකමැත්තකුත් නැති බවත් ආරංචියි.
|