|
අහිංසක කාන්තාවක් ගොදුරක් වන හැටි මා දුටුවේ අයිරින් ගෙන්
නිළි රැජන මාලිනී ෆොන්සේකා ගේ රංගනය ගැන සේමිණි ඉද්දමල්ගොඩ කියයි
රන්මලී - දඩයම
වසන්ත ඔබේසේකර අධ්‍යක්‍ෂණය කළ ‘දඩයම’ චිත්‍රපටයේ රන්මලී ගේ චරිතය මම වඩාත්ම පි‍්‍රය
කරන චරිතයක්. 1984 වසරේදි එය තිරගත වූ මුල්ම කාලවකවානුවේදි නැරඹුවා මට මතකයි. ඒ
කාලයේ සිනමාව ගැනවත් රංගනය ගැනවත් එතරම් අවබෝධයක් නැති වුණත් රන්මලී ගේ චරිතය මගේ
හිතේ දැඩිව තැන්පත් වුණා. ස්වර්ණා මල්ලවාරච්චි එදා රන්මලී ගේ චරිතය හරිම අපූරුවට
නිරූපණය කළා. ඒ වගේම රන්මලී ගේ චරිතය තුළින් මම දුටුවේ දැඩි අසාධාරණයකට ලක් වුණත්
පසුබට නොවන කාන්තාවකුයි. ඇය සතු වූ ධෛර්යය මා එම චරිතය කෙරෙහි වඩාත් ඇලුම් කරවීමට
සමත් වූ විශේෂ හේතුවයි.
අයිරින් – නිධානය
‘නිධානය’ චිත්‍රපටය අපේ සිංහල සිනමාවේ විශේෂිත සිනමා නිර්මාණයක්. ආචාර්ය ලෙස්ටර්
ජේම්ස් පීරිස් මහතා ‘නිධානය’ චිත්‍රපටය තුළ අයිරින් ගේ චරිතය සුවිශේෂ අන්දමින්
ගොඩනංවා තිබුණා. අහිංසක කාන්තාවක් ගොදුරක් බවට පත්වෙන අන්දම තමයි අයිරින් ගේ
චරිතයෙන් කියවෙන්නේ. මට මතකයි පුංචි කාලයේ මම තාත්තයි අම්මයි එක්ක ගිහින් නිධානය
චිත්‍රපටය නැරැඹුවා. ඒ කාලෙයේ එතරම් අවබෝධයක් නැති වුණත් ඊට පසුව යළිත් නරඹන විටදී
අයිරින් ගේ චරිතයෙන් දෙන උපදෙස් වටහා ගන්නට පුළුවන් වුණා. නිළි රැජන මාලිනී
ෆොන්සේකා එදා අයිරින් ගේ චරිතයට හරි අපූරුලෙසින්
එච්. ඩී. ප්‍රේමරත්නයන් අධ්‍යක්‍ෂණය කළ ‘පාලමයට’ චිත්‍රපටයේ ගීතා කුමාරසිංහ රංගනයෙන් දායක වූ ඩොටීගේ චරිතයත් මා පි‍්‍රය කරන චරිත අතර සුවිශේෂයි. ඩොටී සෑම අතින්ම පීඩාවට පත් වූ කාන්තාවක්. කාන්තාව සියුමැලි චරිතයක් වුණත් පුරුෂ පාර්ශවයෙන් එල්ලවන අසාධාරණකම් හමුවේ නැගී සිටීම මම එහිදී අගය කර සිටිනවා. නමුත් මෙහිදී සියුමැලි කාන්තා චරිතයට ඉස්මතු වීමට අවස්ථාවක් උදා වෙන්නෙ නැහැ. පාලමයට කතාන්දරය තුළදී ඩොටී සෑම දෙයකින්ම පීඩාවට පත්වන කාන්තාවක්. නමුත් එහිදී ඇයගේ නැඟී සිටීම හරිම වැදගත්. ඩොටී කියන්නේ දරුවකු සමඟින් ජීවිතය ජය ගැනීමට ගන්නා එඩිතර කාන්තා චරිතයක්. මටත් එවැනි චරිතයකට දායක වීමේ භාග්‍යය ලැබුණා නම් කියා සිතුණු වාර අනන්තයි.
ලීලා - සිරි මැදුර
බොහොමයක් අවශ්‍ය දේ අතර අද මුදල් අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට අද සමාජයේ බොහෝ දෙනා පෙළඹී සිටිනවා. චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්‍ෂණය කළ ‘සුරබිදෙන’ චිත්‍රපටයේ සෝමා හටත් සිදුවන්නේ එවැනි වූ ඉරණමකට මුහුණ දීමටයි. එහිදී ඇයට මුදල් වෙනුවෙන් ලබාදීමට සිදුවන්නේ තම මාතෘත්වයයි. මාස නමයක් පුරා තම කුස දරා සිටි දරුවා පවුලේ අගහිඟකම් වෙනුවෙන් මුදලට වෙනත් අයකුහට ලබා දෙන්නට සූදානම් වුවත් මවු සෙනෙහස හමුවේ මුදලට වටිනා කමක් නොමැති බව මෙහි අපූරුවට කියා දෙනවා. ඒ වෙනුවෙන් අනෝජා වීරසිංහ කළ රංගනය මගේ හිතේ තදින්ම සටහන් වුණා. ලොව කිසිම දෙයක් හමුවේ මවු සෙනෙසහ දෙවැනි නොවන බවයි සුරබිදෙන හි සෝමා ගේ චරිතයෙන් කියන්නේ. එය සෝමා ගේ චරිතය තුළින් මනාව ගෙනහැර දැක්වුවා. ඒ නිසාම අනෙකුත් චරිත අතරේ සෝමා ගේ චරිතයත් මට සුවිශේෂ ලෙසින් දැණුනා.
නිලූපා සුරවීර – දුහුලු ම විජය ධර්ම ශ්‍රී මහතා අධ්‍යක්‍ෂණය කළ ‘දුහුලු මලක්’ චිත්‍රපටයේ නීටා ප්‍රනාන්දු නිලූපා සුරවීර ලෙසින් කළ චරිතයත් මා සිත් ගත් චරිත අතරේ ඉදිරියෙන් සිටින චරිතයක්. එහිදී මා දකින්නේ අතිශය මානුෂික සිදුවීමක් ලෙසයි. සාමාන්‍ය කාන්තාවක් ලෙස හැඟීම් දැනීම් සමඟින් ඇය මුහුණපාන සිදුවීම් සමඟ ඇය අනියම් ප්‍රේමයක පැටලුනද එය මානුෂික සිදුවීමක් ලෙස මා දකිනවා. එහිදී නීටා ප්‍රනාන්දු නිලූපා ලෙසින් කළා වූ රංගනයත් සුවිශේෂයි. එහිදී ඇය ඉතා සංවේදී අයුරින් නිලූපාගේ චරිතයට ජීවය දුන්නා.
රිදී තිරයේ මා සිත් ගත් චරිත අතරේ තවත් එක් විශේෂ චරිතයක් වන්නේ මනුජා. මනූජා හමුවන්නේ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්‍ෂණය කළ ‘යකඩ පිහාටු’ චිත්‍රපටයෙන්. ඇයත් සමාජයේ සිදුවන අසාධාරණකම්වලට එරෙහිව නොසැලී නැගී සිටින කාන්තාවක්. මනූජා ගේ චරිතයත් මවිසින් ද රංගනයට වඩාත් පි‍්‍රය කරන චරිතයක්. ප්‍රශ්න හමුවේ එඩිතරව මුහුණ දීමයි එම කැමැත්තට වඩාත්ම හේතු වූයේ. කාන්තාවක් වුණත් සුකොමළ, බොළඳ ලෙසින් ජීවත් නොවී එඩිතරව නැගී සිටිය යුතුයි. එය අද සමාජයට වඩාත් වැදගත් ලෙසින් මා දකිනවා. කුමන ආකාරයේ බැරෑරුම් තත්ත්වයක් පැමිණුන ද ධෛර්යවන්තව ජීවිතයට මුහුණදීම මනූජා තුළින් මා දකිනා විශේෂත්වය යි.
|