|
ජැක්සන් ඇන්තනි ගේ අයියා තමා ‘ඒ වුණාට මං සේනක ටයිටස්’
ජැක්සන් ඇන්තනි මගේ මල්ලි. එයා මට වැඩිය ගොඩක් ජනපි‍්‍රයයි. ඒත් මං ආසා නැහැ මාව ජැකාගෙ අයියා හැටියට හඳුන්වනවට. ඔහුත් එක්ක තියෙන තරහකට නෙවෙයි මං එහෙම කියන්නේ. තව බොහෝ කාලයක් එහෙම හැඳීන්නුවොත් සේනක ටයිටස් කියන මගේ නම යටපත් වෙලා යාවි. මට ඕන ඒ නමින්ම සමාජයට යන්නයි. සේනක ඒ අපූරු ඉල්ලීම කරන ගමන් මා ඉදිරියේ වාඩිවුණා. පුවත්පත් කලාව හරහා වඩාත් අප හඳුනාගත් ඔහු වර්තමානය වනවිට පූර්ණකාලීනව රංගන ශිල්පියකු ලෙස ජීවන ගමන් මඟ වෙනස් කරගෙන සිටිනවා.
ඇයි සේනක අයියෙ පුවත්පත් කලාව අතහැරියේ? නොයෙක් ප්‍රශ්න මල්ලි. ඒත් මං සිතින් කවදාවත් පුවත්පත් කලාව අතහරින්නේ නැහැ. අළුයට ගිනි වගේ සිත ඇතුළේ ඒක තියෙනවා. පුවත්පතක් ආරම්භ කරන්නත් අදහස් කරගෙන ඉන්නවා. කෙසේ නමුත් දැන් මගේ වෘත්තිය නම් රංගනයයි.
ඔබ නම් දරාපු ළමා පවත්පත් සංස්කාරකවරයෙක්. මල්ලි රංගනයෙන් ඉදිරියට යද්දි ඇයි ඔබ පුවත්පත් කලාව තෝරගත්තේ? මං ආසා කළේ ලියන කියන කටයුතුවලට. මල්ලි රංගනයට, ගායනයට දක්‍ෂයා. ඔහු ඒ මාවත තෝරා ගනිද්දි මා ආශීර්වාද කළා. මගේ දක්‍ෂකම හඳුනාගෙන මං පුවත්පත් කලාවෙන්ම ඉදිරියට ගියා.
කවුද ඔබට අතහිත දුන්නේ? මල්ටි ෆැක්ස් ආයතනයයි මගේ පුවත්පත් කලාවේ තිඹිරිගෙය. ගුණදාස ලියනගේ, ආතර් යූ. අමරසේන, චන්ද්‍රසේන කිරිවත්තුඩුව, ඇයි ඔබ ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර, චන්ද්‍රරත්න මාපිටිගම වැනි මහත්වරු මගේ දක්‍ෂතාවන් හඳුනාගෙන ඉදිරියට යන්න පාර කැපුවා. ඔවුන් එළිපෙහෙළි කළ මඟෙහි මං සාර්ථකව ඉදිරියට ගියා.
ඒ අතරේ ඔබ වරින්වර රංගනයටත් එනවා? මලයා තමයි මාව නළුවකු කරන්නේ. ඒ ඔහුගෙ ‘ඇසළ කළුවර’ ටෙලි නාට්‍යයෙන්. ඊට පසුව ‘අපූරු සහෝදරයා, හතර දෙනෙක් සෙන්පතියෝ’ වගේ නාට්‍යවල රඟපෑවා.
පුවත්පත් කලාව නිසා ඔබට වැඩිය රංගන කටයුතුවල නියැළෙන්නට නොහැකි වන්නට ඇති? ඒක නම් එහෙම වුණා තමයි. මට රංගනයට ලැබුණු අවස්ථාවන් ගොඩක් මඟ හැරුණා පුවත්පත් කලාව නිසා. මං මගේ වෘත්තියටයි මූලිකත්වය දුන්නේ. ඒ ගැන පුංචි කනස්සල්ලකුත් නැතුවාම නෙවෙයි.
ඒත් අද ඔබේ වෘත්තීය රංගනය? ඒක සිදධ වුණේ මෙහෙමයි. සියලු වෘත්තීන් අතැර හිටපු යුගයක මට මලයා කතා කළා. එයාගෙ අලුත්ම චිත්‍රපටය වන ‘ඇඩ්‍රස් නෑ’ සඳහා.
එයටද ඔබේ ස්වරූපය වෙනස් කරගත්තේ? ඔව්, මේ ස්වරූපය මාව වෘත්තීය නළුවකු කළා කිව්වොත් නිවැරැදියි. ඇඩ්‍රස් නෑ එකෙන් පස්සේ මගේ මූණ දැකලා ආනන්ද අබේනායක මාව ඔහුගේ ‘චෙස්’ නාට්‍යයට ගත්තා. සුජීව ගුණරත්නගේ ‘කාල’ නාට්‍යයේ මස්වැද්දෙකුගේ චරිතයට ගත්තෙත් මේ ස්වරූපය නිසා. එහි මේ දවස්වල ෂූටිං. සුගත් සමරකෝන් ගේ ‘ඇහැලේපොළ කුමාරිහාමි’ සිනමාපටයේ කපුවත්ත නිලමෙගෙ චරිතයත් ලැබුණෙ මේ මූණ හින්දයි.
වෘත්තීය නළුවකු වන්න ඇයි පමා වුණේ? කිසිම පමාවක් නෑ. මේ තමයි සුදුසුම කාලෙ.
ජැක්සන් ඇන්තනි ඔබට වඩා හුඟක් ජනපි‍්‍රයයි. ඔහුගේ ඒ ජනපි‍්‍රයකම ඔබට නැති නිසා දුකක් එහෙම නැද්ද? ඔහුගේ ජනපි‍්‍රයකම ඔහුට උරුම වෙච්ච එකක්. ඒක මට දුකක් නෙමෙයි සන්තෝෂයක්. මලයා මට වඩා රංගනය ගැන හැදෑරුවා. ඔහු මූලිකත්වය දුන්නේ රංගනයට. ඒ ලද ජයග්‍රහණ මට ලබන්න බැහැ. ඔහුගේ වාසනාව තමයි ඒක.
ඔබ සහ ජැක්සන්ව එකම නිර්මාණයක දකින්න ප්‍රේක්‍ෂකයො ආසාවෙන් ඇති? ඒක මගෙත් ආසාවක්. ජෝ මහත්තයා දවසක් මටයි මලයටයි කිව්වා ‘උඹලා දෙන්නව අයියටයි මල්ලිටයි දාලා මට බයිස්කෝප් එකක් කරන්න ඕන’ කියලා. අවාසනාවට ඒක කෙරුණෙ නෑ.
ඔබවයි ජැක්සන්වයි මාරුවී වෙච්ච අලකලංචියක් ගැන මතකයක් නැද්ද? තියෙනවා, ඒක අලකලංචියක්ම නෙවෙයි. කාල නාට්‍යය කරද්දි මාව දැකපු කෙනෙක් අධ්‍යක්‍ෂවරයාගෙන් අහලා තියෙනවා අර ඉන්නේ ජැක්සන් ඇන්තනි නේද කියලා. අධ්‍යක්‍ෂවරයාත් ඔව් කිව්වලු. ටික වෙලාවකට පසු අර මනුස්සයා කියව කියවා යනවලු ‘මොන පිස්සුද මේ ඉන්නෙ ජැක්සන් ඇන්තනි වගේ වෙන්න හදන කෙනෙක්’ කියලා.
ඔබ අධ්‍යක්‍ෂණයට පිවිසේවිද ඉදිරියේදී? කොහෙත්ම නෑ. මං අර කලින් කිව්වා වගේ මගෙ ශක්තිය තියෙන්නෙ පෑනෙ. මට ලියන්නයි ඕනෙ. ඒක නිසා තිර පිටපතක් ලියන්න හිතාගෙන ඉන්නවා.
අපට යළි සේනක ටයිටස් කියන පුවත්පත් කලාවේදියාව හමුනොවේවිද? කොයි වෙලාවක හරි අළුයට ගිනි මතුවෙනවා. මට පුළුවන් වෙලාවක් ආවොත් අධ්‍යාපනික ළමා සඟරාවක් අරඹනවා. ඒ වගේම පුවත්පතකුත් පටන්ගන්නවා. එතකොට නැවතත් මගෙ වෘත්තිය මාරුවේවි. මගෙ මලයා ජැක්සන්, ජයන්ත චන්ද්‍රසිරි, හේමශ්‍රී අමරසිංහ, තිලක් සේනාසිංහ ඇතුළු පිරිවරත් මේ වෙලාවෙ මතක් කරන්න ඕනා.
ඔබේ පවුලෙ විස්තරයක් සඳහන් කරමු? මගෙ බිරිය ශාන්ති උදය කුමාරි. ඇය ගෘහණියක්. පුතා කවිඳු ඇන්තනි. ඔහු ඡායාරූපකරණයෙන් ඉදිරිය දකින්නයි උත්සාහ කරන්නේ.
|