|
|
රන්බීර්ට ලංකාවේ කෑම රහවැටිලා
මෑතකදී අලියා බාත් රැගූ ‘හයිවේ’ අතිශය ජනාදරයට පත් විය. රන්බීර් ඒ රැගුමන් දැක කෙතරම් සතුටට පත් වූවා ද කිවහොත් පෞද්ගලිකවම ඇය හමු වී සුබ පතන්නට සිටින බවට ද ආරංචියි. අලියා, රන්බීර්ගේ වෙනත් සිනමාපටයකට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය. රන්බීර්, අලියාගේ සිනමා වීරයායි. මේ නිසා ඇයත් බලාපොරොත්තුවෙන් සිටින්නේ කෙදිනක හෝ රන්බීර්ගේ සිනමා පෙම්වතිය වීමටයි. කෙසේ වුවත් ‘වින්ඩෝ සීට්’ අවසානයේදී දීපිකාගේම විය. දීපිකා සමඟ රඟද්දී රන්බීර්ට අපහසුතාවක් ඇති වුණොත් මේ අනුව එය පුදුමයක් නොවෙයි. කාජල් සහ ෂාරුක් සැබෑ පෙම්වතුන් නොවුණත්, තිරයේදී ෂාරුක්ට කාජල් තරම් ගැළපෙන වෙනත් පෙම්වතියක් නැත. එහෙත් කාජල් ද සිදු කළේ රන්බීර් කළ දෙයමයි. තිරයේ පෙම්වතා තෝරා ගැනීමට අවස්ථාවක් ලැබුණොත් රන්බීර් තෝරා ගන්නා බව වරක් කාජල් පැවසුවාය.
‘බොම්බේ වෙල්වට්’ රන්බීර්ගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී අත්දැකීමකි. ඔහු වීදියේ චණ්ඩි රජකු ලෙස රඟන මේ චරිතය තමන්ගේ වඩාත් ප්‍රේමණීයම චරිතය බව පවසන්නේ, එය ටයිටැනික්, ගෝන් විත් ද වින්ඩ් සිනමාපටවලට සමාන කරමිනි. පේ‍්‍රක්ෂකයන්ට ළඟදීම තිරයෙන් බොක්සිංකාරයකු සේම බොක්සිංකාරියන් දෙදෙනකු ද තිරයෙක් දැකීමට හැකිවනු ඇත. ඒ ප්‍රියංකා චොප්රා සහ සෝනක්ෂි සිංහය. පස් වරක්ම ලෝක ශූරතාව දිනාගත් මේරි කොම්ගේ චරිතයට තිරයේ පණ පොවන්නේ ප්‍රියංකා චොප්රායි. සෝනක්ෂි සිං, විපුල් ෂාගේ ‘හෙලිඩේ : අ සෝල්ජර් ඊස් නෙවර් ඕෆ් ඩියුටි’ හි බොක්සිං ශූරියයි. ඇය සිය චරිතයට පරමාදර්ශය කරගෙන සිටින්නේ මොහමඩ් අලි දියණිය, ලයිලා අලිගේ සටන් විලාසයයි. හොඳම බොක්සිං ක්‍රීඩකයා තේරීම භාර වන්නේ ප්‍රේක්ෂකයන්ටයි. |



තමන් දවසක් හෝ පෙම් කළ තැනැත්තා වෙනත් තැනැත්තියකට තමන්ට වඩා මනාපය දුන් විට ඇතිවන
හිත් වේදනාව කෙතරම් ද? දීපිකා පදුකෝන් පසුගිය දිනක මුහුණ පෑවේ එවන් අකරතැබ්බයකටයි.
‘ වින්ඩෝ සීට්’ සිනමාපටයේ කතා නායිකාවට, දීපිකා පදුකෝන් වෙනුවට අලියා බාත් තෝරා
ගන්නා ලෙස රන්බීර් කපූර් අධ්‍යක්ෂ ඉම්තියාස් අලිගෙන් ඉල්ලා සිටියේය. එහෙත් අලියා
බාත් රන්බීර් සමඟ ප්‍රධාන චරිතය රඟපෑමට ලාබාල වැඩි බව අධ්‍යක්ෂවරයා පැවසූ නිසා
ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
මේ අතර ශ්‍රී ලංකාවේ රූගත කිරීම්වල යෙදෙන රන්බීර් සිරුරේ පෙනුම පවත්වා ගැනීමට
නිවෙසේ කෝකියාට කියාම ආහාර පිස ගනියි. බොම්බේ වෙල්වට් හි ඔහු රඟන්නේ
බොක්සිංකරුවකුගේ චරිතයකි. රන්බීර් ශ්‍රී ලංකාවේ ආහාර නැතිවම බැරි තරමට ඒවාට ගිජුය.
එහෙත්් තුනපහ රස වැඩි නිසා පෝෂණවේදීන් ඒවා සීමා කරන ලෙසට උපදෙස් දී තිබේ. ඔවුන්ගේ
අණ නොකතා රන්බීර් හොර රහසේ අපේ ආහාර ඉඩක් ලද ඇසිල්ලේ ගන්නා බවට ද ආරංචිය.