|
දෝනිගේ කතාව සිනමාවට
සුෂාන්ත් චරිතය රඟපෑමට මහත් කැමැත්තෙන් බලා සිටියි. දැන් ඔහුගේ කාලය ගත වෙන්නේ දෝනිගේ තරග නැරැඹීමට, ඔහුගේ හැසිරීම්, පෞද්ගලික ස්වභාවය අධ්‍යයනය කිරීමටයි. ඔහු මහේන්ද්‍රගේ උපන් නගරයට ගොස් ක්‍රිකට් තරුව ඇසුරු කරන්නන්ගෙන් ද ඔහු පිළිබඳ තොරතුරු සොයා ගෙන තිබේ. ආරංචි මාර්ගවලට අනුව, නවසීලන්ත සංචාරයට පිටත් වීමට පෙර මහේන්ද්‍ර සිං දෝනි, සුෂාන්ත්ව හමු වී ඇත. ඉන්දියාවේ කුඩා නගරයකින් පැමිණ අවසානයේ රටේ ක්‍රිකට් නායකයා වූ අන්දම වාගේම ඔහුගේ පෞද්ගලික ජීවිතයත් මෙහිදී පෙන්නුම් කරයි. ක්‍රීඩකයාගේ බිරිය, සක්ෂිගේ චරිතය බොහෝ විට නිරූපණය කරනු ඇත්තේ දීපිකා පදුකෝන් හෝ ශ්‍රද්ධා කපූර්ය. 2015 ආරම්භයේදී සිනමාපටය තිරගත කිරීමට නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වෙයි. සිනමාපටය විදෙස් රටවලදීත් රූගත කිරීමට බලාපරොත්තුªවෙන නිසා ඉන්දියානු රුපියල් කෝටි 95 කට වැඩි මුදලක් වැයවෙනු ඇති බවට ගණන් බලා ඇත. |