|
සුසිලාට උපකාරයට ඔබට පුතේ හෙටක් ඇතේ වේදිකාවේ
ඒ පිළිබඳව එහි අධ්‍යක්ෂිකාව දැක් වූ කෙටි අදහස් කිහිපයකි මේ. මේක මගේ දෙවැනි වේදිකා නාට්‍යය. පළමුවැන්න තමයි ගුරුගරු. මං කවදා හරි හිතාගෙන හිටියා මගේ වේදිකා නාට්‍යයකින් උපයන මුදල්වලින් උදව් අවශ්‍ය කලාකරුවකුට ආධාරයක් දෙන්න. ඒකට දැන් හොඳම කාලේ. මං තෝර ගත්තා සුසිලා අක්කව. ඇය මගේ කලින් නාට්‍යයේ රඟපෑවා. සුසිලා අක්කා ඉන්න තැන පාලු නැහැ. එවන් අයකු නිවසට කොටු වී සිටීම දුකක්. එදාට සුසිලා අක්කා පැමිණෙනවා. අපි ඇයව අගයනවා. මං හිතනවා මේ අවස්ථාව ඇයට ඉතාමත් සතුටුදායක එකක් වේවි.
සුසිලා අක්කාට ආධාර පිණිස මෙවන් වැඩක් කරනවා කිව්වම ඇතැම් අය හිනා වුණා. පොඩ්ඩක්වත් උදව් කළේ නැහැ. අපි නාට්‍යයේ ටිකට් විකුණන්න ගියාම වපර ඇසින් බැලුවේ. ඒත් උදව් කරපු අය බොහොමයි. මං මේ වෙලාවෙ සුසිලා අක්කට ළැදි ප්‍රේක්ෂකයින්ට කියනවා එදාට එන්න කියලා. ඒ වගේම අපේ නාට්‍යයේ ගුණ දොස් කියනනත් එදාට පුළුවන්. |