සරසවිය: රට නොගිහින් කොරියාවේදී අනතුරක . . .?: Sarasaviya e edition - Lake House - Sri Lanka
රට නොගිහින්
කොරියාවේදී අනතුරක . . .?
ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී පිළිබඳ අසුබ ආරංචියක් පසුගිය දිනවල ක්ෂේත්‍රය පුරා
පැතිර ගියේ ලැව් ගින්නක් වගේ. ඒ තමයි ඈ කොරියාවේදී දරුණු රිය අනතුරකට මුහුණ පෑ වග.
ඒ ආරංචියේ ඇත්ත, නැත්ත දැනගන්න නිරෝෂාගේ ආදරණීය රසික, රසිකාවන් ‘සරසවිය’ට කතා කළේ
තරමක නොසන්සුන් බවකින්. අපිත් මේ ගැන හොයා බලන්න නිරෝෂාටම දුරකථනයෙන් කතා කළා.
අවස්ථා කිහිපයකම අප ඇගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා ගත්තත් ඇයව සම්බන්ධ කර ගැනීමට
නොහැකි වූ නිසා අපටත් ඇති වුණේ තරමක දෙගිඩියාවක්.
කොහොම හරි අවසානයේ අපට පුළුවන් වුණා නිරෝෂාව අමතන්න.
හලෝ නිරෝෂා . . .?
ඔව් . . . කතා කරනවා.
රිදී සීනු පරයන හඩින් ඈ දුරකතන ඇමතුමට පිළිතුරු දුන්නේ හරිම සැහැල්ලුවෙන්.
නරක ආරංචියක් ලැබුණා. ඒකයි කතා කළේ.
අනේ ඔව් . . . අයියේ . . . මම දන්නේ නෑ කොහොම මේ වගේ ආරංචියක් පැතුරුණා ද කියලා.
ක්ෂේත්‍රයේ මගේ හිතවතුන්, හිතවතියන් වගේම මගේ රසික රසිකාවොත් මට ඛ්චතත කරලා ඒ ගැන
ඇහුවා.
එතකොට කොරියාවට ගියෙත් නැද්ද?
නැහැ. මාසයක විතර ඉඳලා මම කිසිම විදෙස් සංචාරයකට සහභාගි වුණේ නෑ. මම ලංකාවේමයි
හිටියේ.
එක අතකට හොඳයි එහෙම ආරංචියක් පැතිරුණ එකත්. ආයුෂ වැඩි වෙනවාලු නේද?
මමත් එහෙම අහලා තියෙනවා. එහෙනම් ඒකත් හොදයි නේ . . .
ඡායා - ටෙනී
|