|
Rusiru fm ගෙනෙන රුසිරු දිසානායක
රුසිරු අපට කියන්නකෝ ඔබේ අන්තර්ජාල ගුවන් විදුලි නාළිකාව ගැන විස්තර ටිකක්? rusirufm.com ඔස්සේ අන්තර්ජාලයෙන් මේ නාළිකාවට සවන් දෙන්න පුළුවන්. ‘දශමවලට කරකවන්නේ නැති ලංකාවේ ජනප්‍රියම අන්තර්ජාල රේඩියෝව’ තේමාව යටතේ ගීත විතරමයි ප්‍රචාරය කෙරෙන්නේ. ඊට අමතරව ගීත ඩවුන්ලෝඩ් කරන්නත්, කලා තොරතුරුත් වෙබ් අඩවිය ඔස්සේ දැනගන්නට අවස්ථාව තියෙනවා.
කොහොමද මේ වගේ දෙයක් පටන් ගන්න අදහස ඇති වුණේ? සංගීතයට ආසා නිසාම තමයි පටන් ගත්තේ. අප්‍රේල් මාසයට අවුරුදු හතරක් සපිරුණා.
ගුවන් විදුලි නාළිකාවක් කියන්නේ බොහෝ දෙනෙකුගේ එකතුවක්. rusirufm.com ක්‍රියාත්මක වෙන්නෙත් ඒ ආකාරයෙන්මද? මෙය පවත්වාගෙන යන්න ලොකු වියදමක් යනවා. ඒ සඳහා මගේ තාත්තා විමල් දිසානායක තමයි උදව් කරන්නේ. ක්‍රියාත්මක කරගෙන යන්නේ මම තනිවමයි. සාමාන්‍ය අනෙකුත් ගුවන් විදුලි නාළිකා වගේම පැය 24 ම මෙය ක්‍රියාත්මකයි.
rusirufm.com අන්තර්ජාල ගුවන් විදුලි නාළිකාවේ ඉදිරිය ගැනත් විස්තර ටිකක් කියමුද? විකාශය පටන් අරගෙන තුන්වැනි අවුරුද්දේ අසන්නන්ට ඵඬරනඥ හරහා ගීත ඉල්ල ගන්න අවස්ථාව ලබා දුන්නා. මේ අවුරුද්දේ තවත් වෙනස්කම් රැසක් කරන්න සූදානම් වෙලා සිටිනවා. ඒ වගේම ඉදිරියේදී දැන්වීම් සඳහා ඉඩ ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා.
රුසිරු ඔයාට ඔයාගේ අසන්නන්ට කියන්න විශේෂ පණිවිඩයක් එහෙම තියනවද? විශේෂයෙන් ෆේස්බුක් යාළුවන්ට ස්තුති කරන්න ඕනෑ. ඔවුන්ගෙනුත් මට විශාල ශක්තියක් ලැබුණා. මගේ පවුලේ අය, නෑදෑයෝ, යාළුවෝ මේ හැමෝටම ස්තුති කරන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම අලුත් අයට තැන දෙන්න මම කැමැතියි. එයාලාගේ අලුත් ගීත තියෙනවා නම් එවන්න කියලා කියන්න කැමැතියි. රුසිරු දිසානායක - 0775565760 |