|
කට්ටඩියයි, ඇබිත්තයයි මාව ගොඩක් ජනපි‍්‍රය කළා...
රජරටින් නළුකමට ආ ජයතිස්ස අතුලසිරි
ජයතිස්ස රංගනයට පිවිසෙන්නේ අසූව දශකයේය. ඒ විජය ධර්ම ශ්‍රී ගේ මඟ පෙන්වීම යටතේ ඔහුගේ සූරියකාන්ත සිනමාපටයෙනි. ඔහු මේ වනවිට සිනමාපට හැටකට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායකවී තිබේ. පසුව ජයතිස්ස ටෙලිනාට්‍ය රංගනයට ද ප්‍රවිශ්ඨ විය. දියවඩනමළුව, රිදී ඉට්ටංකරය, සිල්, යශෝධරා, පවර මෙනුවර ඉන් කිහිපයකි. අනුරාධපුර පොත්තේගම ඔහුගේ උපන් ග්‍රාමයයි. එහි සිට රංගනය වෙනුවෙන්ම ඔහු කොළඹ යාම් ඊම් කරනු ලබයි. ඒ ජීවිතය තරමක් හෝ දුෂ්කර වූවද රංගනයෙන් ලබන තෘප්තිය නිසා ඒවා අමතක කරන බව ඔහු පැවසීය. මේ ක්ෂේත්‍රය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. රඟපාන්න එන්න කියලා දවසක් මගෙන් එක දිගට සීන් ගොඩක් ගත්තා. අවසානයේ අතට බොහොම පොඩි ගාණක් දෙනවා. ඒක බස් එකටත් මදි. ඉතින් හිතට දුකයි. ඒත් ඒ නිර්මාණය ගියාට පස්සේ මිනිස්සු කතා කරලා කියන දේවල්වලට හරිම සතුටුයි. පුංචි තිරයයි. රිදී තිරයයි ජයතිස්සට දැන් හොඳට හුරුයි. එපමණක් ද නොව වේදිකාව ඔහුට නිවෙසෙ මෙන් වූවා. ජයතිස්ස සිඟන්නන් ගැන පර්යේෂණයක් පවත්වමින් බලුවන් රජවෙයි නමින් වේදිකා නාට්‍යයක් කළා. එය වෙනුවෙන් උපන් ගමෙන් ඔහු ලද ගරු බුහුමන් බොහොයි. ඔහු මේ දිනවල සුළඟ මත මොහොතක්, උඩු සුළඟ, වීදි පහන්, මෙගා, තාත්තෙ අපි ආවා වැනි ටෙලි නාට්‍ය බොහොමයක චරිත මවනවා. ඒ අතරින් වීදි පහන්හි කට්ටඩියා සහ තාත්තෙ අපි ආවා හි ඇබිත්තයා ඔහුව වඩාත් ජනපි‍්‍රය කරලා. ඒ විතරක් නොවෙයි ඉදිරියේ දී තිරගතවීමට නියමිත ප්‍රවේගය, පරාවර්ථන, සිරි දළදා ගමනය, අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ වැනි සිනමාපට ඔස්සේ ද ජයතිස්සගේ රංගන හැකියාව දැක බලාගත හැකියි. මේතාක් තමන්ට උදව් කළ හැමෝටම බෙහෙවින් තුති පුදන බව අවසන්කොට අපට දැන්නුවා. 0715788889 මේ ජයතිස්සගේ දුරකතන අංකයයි.
|