|
මේ ප්‍රතිචාර තීරයට ලැබුණු එස්. එම්. එස්.
ගායක උදය ශ්‍රී වික්‍රමසිංහ පිය පදවිය ලැබූ බව දැනගන්නට ලැබුණා. ඔහුට සහ බබාට සුබ
පතනවා. ෆාතිමා වැලිගම
ඔහුගේ ගීතවල අයිතියට දැන් දැන් බොහෝ අය සිටිති. මොකක්ද මේ අසාධාරණ කරුණ. ක්ලැරන්ස්
නිර්මාණය කළ ගී මීට පෙර ගැයූ නිර්මාණ ශිල්පීන්ට ආයෙත් අයිතිය දෙන්න. සපුමල් සේනාරත්න කළුතර
සිංහල සිනමාව නිර්මාණ නෙමැතිව තිබූ ඉඩෝරය නිමයි. ඒ නිකිණි වස්ස ඇද හැලුන බැවිනි.
විශිෂ්ටත්වයෙන් යුතු එම සිනමා කෘතිය ඔස්සේ දක්ෂයන් රැසක් එළියට ආව හෙයින් සිංහල
සිනමාව තවත් ශක්තිමත් වූවා සේ දැනේ. සංඛ පානදුර
යූ. ජී. පාලිත කුමාරසිංහ ගඩලාදෙණිය
ලොව හොඳම නළුවා ලෙස සම්මාන දිනූ ජගත් චමිල මෙරටට ආඩම්බරයකි. එමෙන්ම පසුගිය සාක්
සිනමා උළෙලේ හොඳම නළුවා වූ තිසල් තුල්නෙත් පුංචි පුතා ද අපට මහත් වූ සම්පතකි. කරු මන්දාවල නාත්තන්ඩිය
අභීත දියණි ආදර්ශ සහිත කතාවකි. අතුල රන්සිරිලාල් මාමේ ඒකට එන බොරු විවේචන පිළිගන්න
එපා. අපි කවදත් අතුල මාමාත් එක්ක ඉන්නවා. නිශාන් අම්බලන්තොට
අතුල අධිකාරිට, අමල්, බණ්ඩාර, දිල්හානි, හිරාන්, කපිල, මුතු, සීතා හලාවත
අංගනා ටෙලි සිතුවමේ බ්‍රයන් ලෙස රඟන විශ්ව ලංකා සැබෑම දක්ෂ කඩවසම් නළුවෙකි. නිලූකා
අවිස්සාවේල්ල
මම නිකිණි වැස්සට තෙමුනෙමි. ‘කර්ම’වලින් පසුව මා නැරැඹූ හොඳම සිනමා නිර්මාණය නිකිණි වැස්සයි.
එහි නිෂ්පාදක වෛද්‍ය කුසුම්සිරි සිල්වාටත් අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනටත් මගේ හදපිරි
ප්‍රණාමය. මහින්ද නානායක්කාර මොරටුව
තූර්යා ටෙලි සිතුවමේ ධනුක දිල්ශාන්ගේ රංගනය හොඳයි. නිලුකා ප්‍රියදර්ශනී නාත්තන්ඩිය
මීට කාලෙකට ඉහතදී ටෙලිවිෂනයෙන් විකාශය වූ ටාසන්, රොබින් හුඩ්, ගලිවර් චාරිකා,
රොබින්සන් අන්දරය, නයිට් රයිඩර්, කුන්ෆු වැනි වැඩසටහන් යළිත් විකාශය කරනවා නම් අගය
කියා නිම කළ නොහැකිය. සංජීව අලව්ව
අද බිහිවන ටෙලි ඩ්‍රාමාවල සාහිත්‍ය රසය සහ තාත්ත්වික බව හරිම අඩුයි. දිලිප් ප්‍රසන්න විරාජ් දුෂ්මන්ත ආරච්චිකට්ටුව හලාවත
ඔයා තමයි සිංහල සිනමාවේ සුපිරි තරුව. සිනෙත් මාතර
අප රට සිටින දක්ෂ ගායකයකු වන අසංග ප්‍රියමන්ත පීරිස්ගේ ගීත ඉතාම ලස්සනයි. සරත්ම මද්දුමආරච්චි සමන්තිකා මද්දුමආරච්චි වෑත්තෑව
ගායන ශිල්පී සුරේන්ද්‍ර පෙරේරා, ජෝතිපාල, විජය කුමාරතුංග, මිල්ටන් පෙරේරා, මිල්ටන්
මල්ලවආරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන වැනි අයගේ ගීත ඔහුගේ ගීත අතරට එකතු කරගෙන ඇත.
අනාගතයේදී ජෝතිපාල කෙනෙකු අප අතරේ නැතිවනු ඇත. තමන්ගේ හරවත් ගීත කිහිපයක් කියන්න.
එමගින් ඔබටම වෙන් වූ රසික පිරිසක් බිහිවේවි. දමයන්ති කුමාරි හොරණ
හිරු ගුවන් විදුලියට වසර 15 යි. පසුගිය ජූලි පළමු වැනිදා 15 වැනි වියට පා තැබූ හිරු
නාළිකාවටත් එහි සිටින අප හිතාදර සුදේව, අරවින්ද ප්‍රසාද්, බුද්ධික, නිදර්ශි, රංග
සමීර, ධනුෂ්ක, මහේෂ්, මධුශාන්, සාගර, දිස්නා, නිසලි ඇතුළු හිරු කණ්ඩායමටත් තව දිගු
කාලයක් අපව පිනවන්න හැකිවේවා යැයි ආසිරි පතමි. ලක්මාලි වරකපොළ
ආර්. එෆ්. එම්. සුහෙල් නුවරඑළිය
හොලිවුඩ් බොලිවුඩ්වලටත් වඩා දක්ෂ විකට නළුවන් සිටින අප රටෙහි ඒ විකට නළුවන්ට සම්මාන නොදීම ඇත්තටම විහිළුවකි. නමුත් හොලිවුඩ බොලිවුඩ් සිනමාවන්හි විකට නළුවන් අගැයීමකට ලක් කරයි.
අප විකට නළුවන්ව පහත් තත්ත්වයට නොදමන්න යැයි ඉල්ලීමක් කරමි. මංජුල ගාමිණී දිසානායක කුරුණෑගල
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සිද්ධාර්ථ කුමරු ලෙස රඟපෑ ගගන් මලික් අයිති අපේ
රටටයි. චලනි අවිස්සාවේල්ල
ගීතා කුලියාපිටිය
ක්ලීටස් මෙන්ඩිස්, විල්සන් කරූ, සුමිත් මුදන්නායක, ටෙඩී විද්‍යාලංකාර, මාක්
සැම්සන්, සරත් සිල්වා වැනි දක්ෂ සටන් නළුවන් එකතුකර, දිනේෂ් ප්‍රියසාද් මහත්මයාණෙනි
චිත්‍රපටයක් කරන්නකෝ. නාමල් අකුරැස්ස
සිරස නාලිකාවේ විකාශය වන තූර්යා ටෙලි සිතුවමේ හැම චරිතයක්ම හොඳට තියෙනවා. ඉන්දික මුණසිංහ කෙහෙල්ඇල්ල බඩල්ගම
හැට හතරේ සිට ලැබුණේ මෙහෙමයි සම්මානේ
සරසවිය සම්මාන ලද සිතුවම් පට කිහිපයක නම් එකතු කොට නිකවැරටියේ හර්ෂනාථ බණ්ඩාර ලියා එවූ පැදි පෙළකි මේ.
හැට හතරේ ගම්පෙරළියටයි සරසවිය සම්මානේ
සත් සමුදුර සරසවිය සම්මානිත විය හැට අට වසරේ
ගඟ අද්දර අගැයුම් ලැබුවා අසූව නව වසර සුබයි
දිනෙන් දින වැඩිවන කෙටි පණිවුඩ ප්‍රතිචාරයන්ට වැඩි ඉඩක් ලබා දීමට අප තීරණය කළෙමු. ඒ අතර අප වෙත ලැබුණු අනගි සිතුවමකින් ද ප්‍රතිචාර අද සමන්විතය. 0752805047 යන අංකයට කෙටි පණිවුඩ ප්‍රතිචාර එවීමට පුළුවන.
ප්‍රතිචාර ‘සරසවිය’ මේ ලිපිනය ඔබේ තැපැල්පත් වෙනුවෙනි. |