|
|
ඔටුනු සටනේ ම්ලේච්ඡත්වය කියන Game of Thrones
රොබට් බැරතන් රාජධානි හතක රාජ්‍යත්වය දරයි. රැජින සුරූපී සර්සි ලැනිස්ටර් තම නිවුන් සහෝදරයා සමඟ තහනම් ආදරයකය. ජොෆ්‍රි බැරතන් ඒ අනිසි ප්‍රේමයෙන් හටගත් නරක් වූ ඵලයයි. රාජධානි හතක ඊළඟ උරුමක්කාරයා ඔහුය. නෙඩ් ස්ටාක් රජුගේ පැරැණි සටන් සඟයායි. රජුගේ විස්වාසවන්තයා හෙවත් 'හෑන්ඩ් ඔෆ් ද කින්ග්' පදවිය ලැබීමට නෙඩ් සුදුසුකම් ලබන්නේ කලින් විස්වාසවන්තයාව සිටි පුද්ගලයාගේ මරණයත් සමඟය. අනාගතයේ දවසක ඇවිළී යන්නට නියමිත සටන් රාශියක මුදුන් මුල ඇදුණේ මෙන්න මෙතැනිනි. මෙතෙක් උප ප්‍රාන්තයක්ව පාලනයට යටත්ව තිබූ වින්ටර්ෆෙල් අධිපති නෙඩ් ස්ටාක් ස්වකීය පවුලෙන් වෙන්ව රජු සමඟ ප්‍රධාන නගරයට යාමට නියමිත වේ. අනාගත ඔටුන්න හිමි කුමරු ජොෆ්‍රි බැරතන් සමඟ බෙඩ් ස්ටාක්ගේ වැඩිමහලු දියණිය විවාපත් කර දීමේ අනාගත පොරොන්දුව සමඟ නෙඩ් සන්සා ස්ටාක් සහ ආර්යා ස්ටාක් දූවරු දෙපොළ සමඟ පිටත් වේ. එතැන් පටන් ඇරඹෙන්නේ සිහසුන සඳහා කෙරෙන අවිනීත වූත්,ම්ලේච්ඡ වූත් මහා සටනයි. සර්සි ලැනිස්ටර් නම් රැජින ඇතුළු ඇගේ වර්ගයා රාජ්‍යත්වය උදුරා ගැනීමේ නොනැසෙන කුමන්ත්‍රණයේ යෙදී සිටින අතර කලින් රජ වූ,රාජ්‍යත්වයට තමන්ට උරුමය ඇතැයි අදහන වුන් අත පෙවිය හැකි මානයේ නැති රජ පුටුවට සටන් වදී. මේ ම්ලේච්ඡ සටන් මැද ජීවිත අහිමි වෙනවුන් මෙන්ම සාර්ථක වන්නවුන් බොහෝය. රාජ්‍යත්වයේ මූලිකම අවදිය සිහිපත් කෙරෙන 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' ප්‍රකට රූපවාහිනී කතා මාලාවකි.
ප්‍රකට අයි.එම්.ඩී.බී ඇගයුමේ 9.4ක ඉතාමත් ඉහළ අගයක් දිනා ගත් 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' අධ්‍යක්ෂණය කර ඇත්තේ ඩේවිඩ් බෙනිඕෆ් සහ ඩී.බී වෙයිස් විසිනි. එසේම එච්.බී.ඕ නාලිකාව හරහා මේ රූපවාහිනී කතා මාලාව පළමුව විකාශය වූ දින පමණක් කෝටි දෙකකට ආසන්න නරඹන්නන් ප්‍රමාණයක් මෙය නරඹා තිබේ. සතියෙන්,සතිය මේ අගය ඉහළ ගොස් ඇති අතර අන්තර්ජාලය හරහා බාගත කරගත් ප්‍රමාණයත් සුළුපටු නැත. ඉතාමත් ඈත අතීතයේ මන:කල්පිත මහාද්වීප ද්විත්වයක් පදනම් කරගෙන නිර්මාණය වුණ මේ කතා මාලාව සත්‍යයෙන් තොර වූවක් ලෙස හඳුන්වා දීමටත් අපහසුය. මන්දයත් මේ මන:කල්පිත වීර කාව්‍යයේ සත්‍ය හා සමගාමී බොහෝ දේ වෙනත් ආකාරයකින් පෙනී සිටින බැවිනි. වෙස්ටරොස් නමින් හඳුන්වන මහාද්වීපයට දිගු ගිම්හානයෙන් ඉක්බිතිව උදාවෙන ශීත කාලය පිළිබද නොයෙකුත් අර්ථකථන මෙන්ම අනාවැකි පවසමින් ප්‍රාන්ත රාජ්‍යයක් බඳු වින්ටර්ෆෙල් හරහා දිග හැරෙන ඔටුණු යුද්ධය මේ කතාවේ කොඳු නාරටියයි.
නැඟෙනහිර ඊසොස් මහාද්වීපයේ සිටින ටාගේරියන්වරු තම මකර උරුමයෙන් රාජ්‍යත්වය දිනා ගැනීමට හුදෙකලා සටනක නිරත වේ. සුරූපී ඩැනිරස් ටාගේරියන් කුමරිය හා ඩොත්‍රාකි පරපුරේ කාල් ඩ්‍රෝගෝ සමඟ සරණ බන්ධනයට පත් කර ඔහුගේ සහෝදරයා බලාපොරොත්තු වන්නේ ග්‍රෝගෝගේ උපකාරයෙන් යකඩ සිහසුනට පත් වීමය.
උක්ත ප්‍රාකාරය බ්‍රිතාන්‍ය හරහා ඉදිකර තිබූ හේඩ්‍රියන්ගේ ප්‍රාකාරය ඇසුරින් ප්‍රති නිර්මාණය කරන ලද්දකි. මෙහි නටබුන් වර්තමානයේදීත් දැකගත හැකිය. එමෙන්ම මෙහි ප්‍රධාන වරිතයක් රඟන සාර්සි ලැනිස්ටර් සිහිපත් කරන්නේ ප්‍රංශයේ වෘක කාන්තාව ලෙස ප්‍රකට එසෙබලා රැජිනවය. වර්ෂ 1337 සිට 1453 තෙක් ඇවිළී ගිය වසර සියයේ යුද්ධයද සිහිපත් කරවන මේ ඔටුනු යුද්ධය මන:කල්පිත වීර කාව්‍යයක් ගණයේ ලා සැලකීම නොවටී. රාජ්‍යත්වය උදෙසා සහෝදරයන්ගේ පවා උගුරු දණ්ඩ කැපීමට නොපසුබට වන බලලෝභය එකල වඩාත් ම්ලේච්ඡව පැවති බව පමණක් කිව නොහැකිය. වර්තමානය එහි ක්‍රමික විකාශනයකි. රාජ්‍යයන් සතක් එක්සේසත් කිරීම සුළුපටු නොවන බව මොහොතකටදු නොසිතූ මේ පාලකයෝ බලය ඉදිරියේ ස්වල්ප උන්මන්තකභාවයකින් කටයුතු කිරීම ස්වාභාවිකය. එකල සමාජයේ පැවති අසීමාන්තික ලිංගික නිදහස මෙන්ම අසාමාන්‍ය නීති පද්ධතිය විෂයෙහි වැඩි අවධානයක් යොමු නොවුණත් අතීතයෙන් කදිම පෙත්තක් කපා පෙන්විය හැකි බවට විවාදයක් නැත.
|



රාජ්‍යත්වය උදෙසා සහෝදරයන්ගේ පවා උගුරු දණ්ඩ කැපීමට නොපසුබට වන බලලෝභය එකල වඩාත්
ම්ලේච්ඡව පැවති බව පමණක් කිව නොහැකිය.
මිත්‍යා රාජ්‍යයක් වටා ගෙතුණු වීර කාව්‍යයක් වන ගේම් ඔෆ් ත්‍රෝන්ස් මෑත කාලීනව
රූපවාහිනී කතා මාලා නරඹන ප්‍රේක්ෂකයා උමතුවට පත් කරවූවකි. එමෙන්ම 'ගේම් ඔෆ්
ත්‍රෝන්ස්' යනු වැඩිම වියදමක් දරා නිපදවූ රූපවාහිනී කතා මාලාවක්ද වේ. වෙළුම් තුනක්
යටතේ මේ වන විට විකාශය වී අවසන් මෙහි පළමු වෙළුම උදෙසා පමණක් අමෙරිකානු ඩොලර්
මිලියන 60ක් වැය කොට තිබේ.
බැරතන් රජුගේ විස්වාසවන්තයා වූ ජෝන් ඇරන්ගේ හදිසි මරණයෙන් ආරම්භ වූ කුතුහලාත්මක
ආරම්භය ක්‍රම ක්‍රමයෙන් අනෙකුත් ප්‍රාන්ත රාජ්‍යයන්ගේ පාලයන්ව හඳුන්වා දෙමින්,ඔටුනු
යුද්ධයේ බරපතළ බව පසක් කරනු ලබනවා.
රිවර්ලෑන්ඩ්
හි සාර්සි ලැනිස්ටර්ගේ පියා වන ටයිරින් ලැනිස්ටර් සිහසුන පතන අනෙකායි. උතුරු
ප්‍රදේශයේ ආරක්ෂාව පිණිස අයිස් කුට්ටිවලින් සකසා ඇති ප්‍රාකාරයත් කතා මාලාව තුළ
විශේෂ තැනක් හිමිකර ගනී. එය රැකවලට යොදා ඇති සෙබළුන් මෙන්ම එහි පාලකයා වන ජෝ
මෝමන්ට් විසින් අදෘශ්‍යමාන ම්ලේච්ඡයන් පිරිසක් සොයා යෑමත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා
මාලාවේ අධි කුතුහලය රඳවා ගැනීමට කරනු ලබන උපක්‍රමයක් වැනිය.