|
කොමන් මෑන්ට ජාත්‍යන්තර සම්මාන
පසුගිය ත්‍රස්තවාදී සමය පාදක කර ගනිමින් තැනුණ අ කොමන් මෑන් චිත්‍රපටයේ මංගල දර්ශනය
පසුගිය මාර්තුවේ හොලිවුඩ් හි පැවැත්විණ. ඒෂියා ඩිජිටල් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් ආචාර්ය මනෝහන් නානායක්කාර, බී. එස්. රාධක්‍රිෂ්ණං හා චන්ද්‍රන් රත්නම් මෙහි නිෂ්පාදකවරුන්ය. බෙන් කිංස්ලි සමඟ මේ චිත්‍රපටයේ රඟපනා අනෙක් ප්‍රධාන නළුවා චැරියට්ස් ඔෆ් ෆයර් චිත්‍රපටයේ රඟපෑ බෙන් ක්‍රොස්ය. ජෙරම් ඩි සිල්වා, අශාන් ඩයස්, අමායා සිරිවර්ධන, විල්සන් ගුණරත්න, විල්මන් සිරිමාන්න, සැන්ඩෝ හැරිස්, මොහමඩ් ආදමලි සමඟ දුෂ්‍යන්ත වීරමන් ද මෙහි චරිත නිරූපණය කරති. |