|
|
මා නිළියක කළේ මාලිනිය ගේ රංගනයයි
නිල්මිණි තෙන්නකෝන් නොලැබුණු චරිත ගැන කතා කරයි
එහි මාලිනී අක්කා හීන් මැණිකා ලෙස කළ රංගනය මගේ මතකය ආදරයෙන් වැලඳ ගත් චරිතයක්. එහි කටුක බව සමඟින් චරිතවලට ලබා දුන් ජීවය ඇත්තටම විශිෂ්ටයි. ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා ඒ චරිත හරිම අපූරුවට නිරූපණය කළා. මා නිළියක වීමට තිබූ ආසාව වඩාත් තීව්‍ර කරන්න එය හේතුවක් වුණා. ඒ මගේම මං තවත් බොහෝ සෙයින් ඇලුම් කරන නිළියක් තමයි මධුරි ඩික්සිත්. මට මතකයි ඒ කාලෙදි මගේ නංගි කිව්වා ‘ඉන්දියාවේ අලුත් නිළියක් ඉන්නවා. ඔයත් ටිකක් එයා වගේ. එයා ඉන්න ෆිල්ම් එකක් තියෙනවා. අපි කොහොම හරි ඒක බලමු’ කියලා. ඒ කාලේ දැන් වගේ චිත්‍රපට ලෙහෙසියෙන් බලන්න බැහැනේ. අපි මධුරිගේ අලුත් ෆිල්ම් එක හොයාගෙන බැලුවා. ඒ ෆිල්ම් එක තමයි ‘සාජන්’. සාජන් චිත්‍රපටයේ මධුරිගේ රංගනය දැකලා ‘අනේ මටත් ඒ වගේ චරිතයක් ලැබුණා නම් කියලා හිතුණා.’ මම මධුරි රංගනයෙන් දායක වුණු හැම චිත්‍රපටයක්ම වගේ නරඹලා තියෙනවා. ඇයගේ හිනාව, නර්තනය ඇයටම ආවේණිකයි. හරිම සුන්දරයි. මේ මඟින් මම බොහෝ අවස්ථාවලදී මගේ රංගන ජීවිතයට කුමන හෝ දෙයක් එකතුකර ගන්නවා.
බොම්බේ චිත්‍රපටය මම විසි වතාවක් විතර බලලා තියෙනවා. ඇත්තටම ගොඩක් කනගාටුයි අපට හැකියාව තිබුණත් මෙරට කලා නිර්මාණ වෙනුවෙන් එය උපරිමයෙන් යොදා ගන්න අවස්ථාව නෙැලැබීම ගැන. ඉතාමත් හොඳ නිර්මාණ අතළොස්සක් බිහි වුණත් ඒ හැම එකකටම දායක වෙන්න හැමෝටම අවස්ථාව නැහැ.
ඔහු එහිදී ආදරයෙන් පැරදිලා එහි වේදනාව හිතට දැනුණ අවස්ථාවේදී ළිං ගැට්ටක සිට නර්තනයේ යෙදෙන දර්ශනයක් තියෙනවා. එය මගේ හිත දැඩි ලෙස ග්‍රහණය කර ගත්තා. මෙම චිත්‍රපටය පුරාවටම ඔහුගේ නර්තනය සමඟ මුහුණේ ඉරියව් දැක්වීම හරිම විශිෂ්ටයි. මේ චිත්‍රපටයත් මම නැවත නැවත බලපු චිත්‍රපටයක්. විශේෂයෙන් මාලිනී අක්කා රංගනයෙන් දායක වූ චරිත අතරේ නිධානය චිත්‍රපටයේ ඇය නිරූපණය කළ චරිතයට මං ගොඩක් ප්‍රිය කරනවා. එහිදී ගාමිණී ෆොන්සේකා සමඟින් ඇය කළ රංගනය විශිෂ්ට ලෙස මා දකිනවා. අදටත් ගෙදර විවේකීව ඉන්න වෙලාවට මම එය නරඹනවා. එහිදී නළු නිළියන්ගෙන් අධ්‍යක්ෂවරයා උපරිම රංගනයක් ලබාගෙන තියෙනවා. ඇත්තටම එය තමයි වැදගත්ම කරුණ වෙන්නේ.
ඇයගේ
රංගනය මට රංගන පාසලක් වගේ. ඒ වගේම තවත් සාර්ථකම නිළියක් ලෙස මම
එය මට සුවිශේෂ විදියට දැනුණේ හැන්දෑව ටෙලි වෘත්තාන්තයේ පිටපත මගේ අතට ලැබුණ මොහොතේදීයි. පිටපත කියවගෙන යන විට ඒ තුළින් මම දැක්කේ ස්වර්ණා අක්කා. මෙහිදී ඇයගේ රංගනයෙන් බොහෝ දේ ගන්න පුළුවන් කියලා මම විශ්වාස කළා. ඇත්තටම දඩයම චිත්‍රපටය රංගනය අධ්‍යයනයට බොහෝ සෙයින් වටිනා චිත්‍රපටයක්. ස්වර්ණා මල්ලවආරච්චි එහි ඉතාමත් දක්ෂ අයුරින් ඒ රංගනයේ නිරත වෙලා තියෙනවා. අපේ පරපුර එයින් යමක් ලබාගත්තා වගේම අනාගතයටත් එය ඉතාමත් වැදගත් වේවි. සමහර චිත්‍රපට බලන විට මට හිතෙනවා ඇයි අපට මේ වගේ චරිත ලැබෙන්නේ නැත්තේ කියලා. ඇත්තටම හැකියාව අපට තියෙනවා. දක්ෂ නිර්මාණකරුවන් අප සතු වුණත් විශිෂ්ට නිර්මාණ බිහිවීම අඩු වෙලා තියෙන එක ගැන ලොකු දුකක් තියෙනවා. මට මේ දක්වා ලැබුණ චරිත ගැන මම තෘප්තිමත්. දැන් පරම්පරාවේ අය නිතරම කියනවා ‘අක්කේ ඔයා නිරූපණය කළ චරිත අපටත් කරන්න හරම ආසයි. අපි ඒවා ගොඩක් ආසවෙන් නරඹලා තියෙනවා’ කියලා. ඒ වගේම තමයි මගේ රංගන ජීවිතේදිත් මට නොලැබුණු මා බොහෝ සෙයින් ඇලුම් කරන චරිත තියෙනවා. නොලැබුණු දේ පිළිබඳ කනගාටු නොවී ඒ තුළින් රංගන ජීවිතයට අලුත් දෙයක් එකතු කර ගැනීමයි වැදගත් වෙන්නේ.’
|



අපේ ජීවිත කාලයේදී අපි ඇලුම් කරන බොහෝ දේ තියෙනවා. ඒ අතරේ ඉටුවන බලාපොරොත්තු වගේම
ඉටු නොවන බලාපොරොත්තුත් තියෙනවා. අපි ආසාවෙන් බලාපොරොත්තු වන සමහර දේ අපට නොහිතන
මොහොතක හමුවනවා. නමුත් එහෙම නොවෙන අවස්ථාත් තියෙනවා. ඒ වගේම තමයි කලා ලොවේ දිදුලන
තරුත්. ඒ තරුවලටත් තමා ආසා කරන දේවල් තියෙනවා. ඒ අතර තමා බෙහෙවින් ප්‍රිය කරන එහෙත්
තමන්ට නිරූපණය කරන්න නොලැබුණු චරිතත් ඇති. මේ ඒ ගැන අහන්න වෙලාවයි. අද අපි නොලැබුණු
චරිත ගැන අහන්නේ රංගන ශිල්පිනී නිල්මිණි තෙන්නකෝන් ගෙන්.
‘මම මට මතක ඇති කාලයේ පටන් බොහෝ චිත්‍රපට බලලා තියෙනනවා. ඒ වගේම පුංචි කාලේදී ලොකු
වුණාම දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, ගුරුවරියක් වෙනවා කියලා බලාපොරොත්තු තිබුණේ
නැහැ. ‘ආරාධනා’ චිත්‍රපටයේ අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ රංගනය ඇගේ ලස්සන දුටු
වෙලාවේ පටන් මමත් කවදා හරි නිළියක් වෙනවා කියලා තමයි හිතුවේ. මගේ ජීවිතේ මං ගොඩක්
ආස චිත්‍රපටයක් තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘බැද්දේගම’ චිත්‍රපටය.
බැද්දේගම චිත්‍රපටය බලන්න අම්මයි තාත්තයි පුංචි කාලේ මාව එක්කරගෙන ගියා.
මනිරත්නම්ගේ ‘බොම්බේ’ චිත්‍රපටයේ මනීෂා කොයිරාලගේ රංගනයත් මා කැමතිම චරිත අතර
සුවිශේෂ තැනක් හිමිකර ගෙන තියෙනවා. මේ වෙලාවෙදිත් මට එය මැවිලා පේනවා. ඒ තරමට ඒ
රංගනයට ඇලුම් කරනවා. එය කෙතරම් ද කිව්වොත් පසු කලෙක එහි ඇය ඇද පැලඳ සිටි අයුරින්ම
මමත් සැරසිලා ගීතයක රූප රාමුවකට පෙනී හිටියා.
මගේ ප්‍රියතම නළුවා තමයි කමල්හසන්. ඔහු රංගනයෙන් දායක වන හැම චිත්‍රපටයක්මත් මම
නොවරදවාම බලනවා. ඒ අතුරෙන් වඩාත්ම කැමති ‘සලංගෙයි ඔලේ’ චිත්‍රපටයයි. ඒක බලලා මම
ගොඩක් ඇඬුවා. එයින් අපේ රංගන ජීවිතයට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.
මම බොහොම ඇලුම් කරන තවත් නිළියක් තමයි ජුලියා රොබට්ස්. ඇගේ රංගනයත් මම ගොඩක්
උනන්දුවෙන් අධ්‍යයනය කරනවා. ඒ වගේම ඇය රංගනයෙන් දායක වන හැම චිත්‍රපටයක්මත් බලන්නත්
අමතක කරන්නේ නැහැ. ඒ තුළින් මම මගේ රංගන ජීවිතයට බොහෝ පාඩම් ඉගෙන ගන්නවා.
දකින්නේ ස්වර්ණා
මල්ලවආරච්චි. ඇය නිරූපිත චරිත අතුරෙන් දඩයම චිත්‍රපටයේ රංගනයට මම ගොඩක්ම කැමැතියි.
ඒ වගේමයි ස්වර්ණා අක්කා මට නිතරම කියනවා ‘මං නැති දවසට ක්ෂේත්‍රයේ මගේ අඩුව
පුරවන්නේ ඔයා’ කියලා.