මා නිළියක කළේ මාලිනිය ගේ රංගනයයි
බලනවා නම් චිත්‍රපට
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට
අත්වැලක් වෙන්නයි මේ වෑයම.
A
Good Day to Die Hard
අ ගුඩ් ඩේ ටු ඩයි හාර්ඩ්’ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. ජෝන් මෝරේ විසින්
අධ්‍යක්ෂණය කළ මෙහි බෲස් විලිස්, ජායි කෝටෙන්සි, සිබස්ටෙන් කොච්, යුලියා ස්නිගර්,
රැඩිවොජ් බුක්වික්, කොලේ හසර් ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘අ ගුඩ් ඩේ ටු ඩයි
හාර්ඩ්’ මිනිත්තු 97 ක ධාවන කාලයකින් යුතු වේ.
Chinese Zodiac
‘චයිනිස් සෝඩියැක්’ හොංකොං - චීන ඒකාබද්ධ චිත්‍රපට නිෂ්පාදනයක්. ක්‍රියාදාම
චිත්‍රපටයක් වන මෙහි අධ්‍යක්ෂණය ජැකී චෑන් විසිනි. ජැකී චෑන්, වොන් සැන්ග් වෝ, ලියෝ
ෆෑන්, යෝ සින්ග් ටොන්ග්, සැන්ස් ලැන් සින්, ලෝරා වෙසිබෙකර් මෙහි චරිත නිරූපණය කරති.
මෙය මිනිත්තු 123 ක ධාවන කාලයකින් යුතු වේ.
Get
the Gringo
ඇඩ්රියන් ග්රුන්බර්ග් විසින් අධ්‍යක්ෂණය කළ ‘ගෙට් ද ග්‍රින්ගෝ’ හොලිවුඩ් ක්‍රියාදාම
චිත්‍රපටයක්. මෙල් ගිස්බන්, කෙවින් හර්නැන්ඩ්ස්, ඩැනියෙල් ගිමෙන්ස්, ජේස් ඔචොකා,
ඩොලොර්ස් හියර්ඩියා, පීටර් ග්‍රෙටි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. ගෙට් ද
ග්‍රින්ගෝ මිනිත්තු 96 ක ධාවන කාලයකින් යුතු වේ.
Snitch
‘ස්නිච්’ හොලිවුඩ් ත්‍රාසජනක, ක්‍රියාදාම චිත්‍රපටයක්. රික් රෝමන් වොග් විසින්
අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු එකසිය දොළහක ධාවන කාලයකින් යුතු වේ. ඩිවාන් ජොන්සන්,
සුසැන් සරන්ඩොත්, ජෝන් බ්‍රෙන්තාල්, බැරි පෙපර්, මයිකල් කිනීත් විලියම්ස් ස්නිච් හි
ප්‍රධාන චරිත වෙනුවෙන් පණ පොවති.
The
Best Exotic Marigold Hotel
‘ද බෙස්ට් එක්සොටික් මැරිගෝල්ඩ් හොටෙල්’ හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක්. ජෝන්
මැඩ්ඩෙන් අධ්‍යක්ෂණය කළ මෙහි ජූඩි ඩෙන්ච්, බිල් නයිග්හි, පෙනිලොප් විල්ටන්, මැගි
ස්මිත්, ටොම් විල්කින්සන්, රෝනල්ඩ් පික්අප්, ඩිලියා ලිම්රි, දේව් පටේල් ප්‍රධාන
චරිත සඳහා පණ පොවති. ‘ද බෙස්ට් එක්සොටික් මැරිගෝල්ඩ් හොටෙල්’ මිනිත්තු 124 ක ධාවන
කාලයකින් යුතු වේ.
Prometheus
‘ප්‍රොමෙතියස්’ හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. රයිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණය
කළ මෙය මිනිත්තු 124 ක ධාවන කාලයකින් යුතු වේ. නෝම් රැජෙස්, මයිකල් ෆැසෙබෙන්ඩර්,
ගයි පිරේස්, අයිඩ්‍රිස් එල්බා, ලොගාන් මාර්ෂල්, චාර්ල්ස් තෙරෝන්, ප්‍රොමිතියස් හි
ප්‍රධාන චරිත නිරූපණය කරති.
Love
You to Death
‘ලව් යූ ටු ඩෙත්’ හාස්‍යමය කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයක්. රෆීක් එලියාස්
අධ්‍යක්ෂණය කළ මෙහි යුකි එලියාස්, චන්දන් රෝයි සන්යාල්, ෂීබා චඩ්ඩා, කලෝල් බනර්ජී
ප්‍රධාන චරිත නිරූපණය කරති.
Maximum
‘මැක්සිමම්’ අපරාධයක සිදුවීමක් තේමා කරගත් ත්‍රාසජනක හින්දි චිත්‍රපටයක්. සෝනු
සෝඩ්, නසරුඩීන් ෂා, නේහා ධූපියා, විනේ පථාක් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.
මැක්සිමම් අධ්‍යක්ෂණය කබීර් කෞෂික් විසිනි.
යතේජා ඥානරත්න
|