|
රාජ් රණසිංහගේ අලුත් නිළියට අමෝජා වීරසිංහගෙන් රංගන පුහුණුවක් වරම ලබන නවක නිළිය ඔබද?
පෙරළිකාරයෝ, නොම්මර එකයි, හිත හොඳ පුතෙක්, චාන්දනී වැනි චිත්‍රපට නිෂ්පාදනය කළ රාජ් රණසිංහ මෙවර සිය නවතම චිත්‍රපටය සඳහා අලුත්ම නිළියක ලෙස තෝරා ගන්නේ එම පුහුණුව දුන් තැනැත්තියයි. ඔහු බලාපොරොත්තු වනුයේ උස අඩි 5.3 ට වැඩි පැහැපත් සිරුරකින් හෙබි යෞවනියකි. ඒ සඳහා මෑතක දී ලබා ගත් ඡායාරූප සමඟ රඟපෑමට වරම්, සරසවිය බාරේ, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට මෙම මස 28 වැනිදාට පෙර ලැබෙන ලෙස එවිය යුතුය. එහිදී සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තෝරා ගනු ලබන රංගන ශිල්පිනියට අනෝජා වීරසිංහ වෙතින් පුහුණුව ලැබෙනු ඇත.
බුද්ධික ‘අපි තමයි හොඳම’ සමඟ 14, 15 ලුම්බිණියට
බුද්ධික දමයන්ත අධ්‍යක්ෂණය කළ ‘අපි තමයි හොඳම’ වේදිකා නාට්‍යයේ මංගල දැක්ම මාර්තු 14 සහ 15 යන දෙදින තුළ කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති කේ. ජී. විමලසේන මහතාගේ සංකල්පයක් මත එම විද්‍යාලයීය නාට්‍ය සංගමයේ පූර්ණ අනුග්‍රහය හා ඉදිරිපත් කිරීම අනුව මෙය සිදු කෙරේ.
කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමිතිය චිත්‍රපට නිෂ්පාදනයට
සීමාසහිත ශ්‍රීී ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමුපකාර සමිතිය මඟින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේ වැඩ කටයුතු පසුගියදා ඇරැඹිණි. වරිග පොජ්ජ නමින් නම් කරන ලද එහි මුහුරත් උළෙල පසුගියදා එම සමිතියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ. එය මෙරට ආදිවාසී ජනතාව පාදක කොට ගෙන නන්දසිරි ගමගේ විසින් රචනා කරන ලද ‘වරිගය’ නම් වූ කෙටි කතාව ඇසුරෙන් නිර්මාණය වන්නකි. මෙරට ආදිවාදී ජනතාව විසිවන සියවසේ දෙවන භාගයේ සිට මුහුණ දෙන ඛේදාන්තය හෙළිදරව් කිරීමේ අරමුණ ඇතිව තැනෙන වරිග පොජ්ජ තුෂාර තෙන්නකෝන් තිර රචනා කොට අධ්‍යක්ෂණය කරයි. දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. විශ්වජිත් කරුණාරත්න කැමරාව මෙහෙයවයි. ජයන්තා රණවක අංග රචනා ශිල්පියාය. වරිග පොජ්ජ සඳහා රංගනයෙන් දායක වන්නේ සමුපකාරයේම පිරිස වේ.
සනත් - සුනිල් ටී. එක් කළ සිනහව අතරින් අද වැඩ අරඹයිසම්මානනීය සිනමා නළු සනත් ගුණතිලක දෙවැනි වරටත් අධ්‍යක්ෂවරයකු වෙමින් සුනිල් ටී. ප්‍රනාන්දුගේ පනස් හය වැනි සිනමාපටයේ රූගත කිිරීම් අද සිට ඇරැඹේ. ‘ සිනහව අතරින්’ යනුවෙන් නම තබා ඇති එය සනත්ගේ පළමු අධ්‍යක්ෂණය වන එකමත් එක රටකට වඩා හාත්පසින්ම වෙනස් එකක් වනු ඇත. සනත් ගුණතිලක, සේමිණි ඉද්දමල්ගොඩ ඇතුළු පිරිස සිනහව අතරින් සඳහා රංගනයෙන් දායක වෙයි.
|