|
ෂාරුක්ගේ දඟකාර දූ
දියණිය නිළියක ලෙසින් දකින්න ලැබීම තමන්ට ආඩම්බරයක් බව ෂාරුක් පවසන්නේය. දොළොස් හැවිරිදි සුහානා ලබන වසරේදී උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ලන්ඩන් නුවර බලා යාමට නියමිතය. ෂාරුක්ගේ පුතු ආර්යන් ද ලන්ඩන් නුවර උසස් අධ්‍යාපනය ලබන්නේය. දැන්ම සිට සුහානා නිතර නිතර ඡායාරූප ශිල්පීන්ගේ නෙත ගැටෙන චරිතයක් බවට පත් වී අවසානය. මාපියන් යනෙන සැම තැනකම සුහානා ද සෙවණැල්ල මෙන් සිටින්නීය. ෂාරුක් කාන්තා දිනයේදී දියණිය ගැන සුබාරංචිය පැවසුවේ මුව පුරා බිරිය, ගෞරී ද අගය කරමිනි. ෂාරුක්ගේ රංගනයක් මීළඟට දකින්න ලැබෙන්නේ ‘චෙනායි එක්ස්ප්‍රස්’ සිනමාපටයේයි. ජෝන් ඒබ්‍රහම් අධ්‍යක්ෂණය කරන සිනමාපටයක රඟපෑමට ද ෂාරුක්ට ඇරැයුම් ලැබී ඇත. ඛාන් රජු ඊට මනාපය දී ඇත්තේ ඉතා කැමැත්තෙනි.
සීතල යුද්ධයක් ඇරැඹීමට පෙර දීපිකාගෙන්, ෂාරුක් සමාව අයැද තිබේ. මේ අතරේ උදා වූ නව වසර ප්‍රීතිමත් කරන ආරංචියක් ද ෂාරුක් සම්බන්ධයෙන් පවතී. ඒ දේව්දාස් සිනමාපටය රසික නෙතේ කඳුළින් සිත්තම් කරන්නට උපකාරී වූ ඓශ්වර්යා රායි බච්චන් සමඟ ඔහු රඟපෑමට සූදානමින් සිටින බවයි. ෆාරා ඛාන්ගේ ‘හැපි නිව් ඉයර්’ සිනමාපටයේ දැනටමත් ෂාරුක්, අභිෂේක් සහ දකුණු ඉන්දීය නළු ප්‍රීත්විරාජ් සිනමාපටය සඳහා අත්සන් තබා අවසානය. ලැබෙන ආරංචිවලට අනුව ෆාරා දැන් බලා සිටින්නේ ඈෂ්ගෙන් ලැබෙන ප්‍රතිචාරයි. දෙදෙනා දේව්දාස් රඟපා දශකයකටත් වැඩි කාලයක් ගත වී අවසන්ය. ‘චල්තේ චල්තේ’ සිනමාපටයේ දෙදෙනා රඟපෑමට නියමිතව තිබුණ ද පසුව ෂාරුක් ඈෂ් වෙනුවට රාණි මුඛර්ජි තෝරාගෙන ඇත. දෙදෙනා ‘හැපි නිව් ඉයර්’ සිනමාපටයෙන් දකින්න ලැබෙනවා නම් එය ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉටුවීමකි. |