|
‘අපේ කට්ටිය’ අතහැර වෙන්ව ගිය වික්‍රම බෝගොඩ
ප්‍රවීණ මාධ්‍යවේදී ආතර් යූ. අමරසේන සිහිපත් කරයි
වික්‍රම බෝගොඩ නමැති රංගධරයා නොහොත් අපගේ සුහද මිතුරා පසුගිය සතියේ අපෙන් ද කලා ලොවෙන් ද සදහටම වෙන් වී ගියේ අප නොසිතූ නොපැතූ මොහොතකය. මට බෝගොඩ මුලින්ම මුණ ගැසුනේ 1962 වර්ෂයේ මැද භාගයේදීය. එවකට විසිතුර පුවත්පතේ කතුවරයා ලෙස කටයුතු කරමින් සිටිද්දී නාට්‍යවේදී සුගතපාල ද සිල්වා දිනක් මා හමුවීමට පැමිණියේ වික්‍රම බෝගොඩ නමැති හුරුබුහුටි තරුණයා ද සමඟය. මේ වන විට සුගත් ‘අපේ කට්ටිය’ නමින් නාට්‍ය සංගමයක් ආරම්භ කර තිබිණ. ඔහුට අවශ්‍ය වූයේ එම සංගමය මඟින් තාත්ත්වික නාට්‍ය සම්ප්‍රදායයක් රසිකයන්ට හඳුන්වා දීමටයි. මේ අනුව ඔහු මුලින්ම ‘බෝඩිංකාරයෝ’ නමින් නාට්‍යයක් වේදිකාගත කිරීමට සැලසුම් කළේය. මා හමුවීමට පැමිණි සුගතපාල ඔහුගේ අලුත් නාට්‍යයටත්, අලුතින් රසිකයන්ට හඳුන්වා දීමට යන වික්‍රම බෝගොඩ නමැති තරුණයාටත් ‘විසිතුර’ පුවත් පතින් ප්‍රචාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. සුගතපාලගේ ඉල්ලීම ඉටු කිරීමට ප්‍රථම මම, ඔහුත් බෝගොඩවත් කැන්දාගෙන ගොස් ‘දවස’ නිවසේ ප්‍රධාන කර්තෘ ඩී. බී. ධනපාල මහතාව හඳුන්වා දුන්නෙමි.
විසිතුරෙන් පමණක් නොව දවසේ අනිත් හැම පුවත් පතකින්ම අපේ කට්ටියේ වැඩවලටත්, වික්‍රම
බෝගොඩ නමැති පුංචි කලාකාරයාටත් ප්‍රචාරයක් ලබා දීම සඳහා කටයුතු කරන ලෙස ධනපාල මහතා
මගෙන් ඉල්ලා සිටියේය. ඉන්පසු අපේ කට්ටියටත්, සුගත් නිෂ්පාදනය කළ හැම නාට්‍යයකටත්
වික්‍රම බෝගොඩ වැනි අංකුර රංගන
වික්‍රම බෝගොඩට වැඩි ප්‍රචාරණයක් ලබා දීම සඳහා ‘විසිතුර’ ඔහු යොදා පිංතූර කතාවක් ද ආරම්භ කළේය. එකල සිටි හැම රසිකයකුම වික්‍රම බෝගොඩ නමින් රංගන ශිල්පියකු වේදිකාවට පැමිණි බව දැන හැඳින ගත්තේ ‘විසිතුර’ තුළිනි. වික්‍රම බෝගොඩ උඩරැටියකු බව මා දැන ගත්තේ පසු කලකදීය. ඔහු මහනුවර, හිඳගල නමැති ගම්මානයේදී උපත ලැබුවේ 1940 යේ දීය. මුලින්ම මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ වික්‍රම පසු කලකදී කොළඹට පැමිණ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්ද, පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයෙන්ද ඉගෙනුම ලැබුවේය. ඔහුගේ සිත වේදිකා රංගනය දෙසට යොමු වූයේ ධර්මපාල විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදීය. මේ අතර ඔහු බෙහෙවින්ම ඉංගී‍්‍රසි චිත්‍රපට බැලීමට පුරුදු වී සිටියේය. එකල මාලන් බ්‍රැන්ඩෝලා, ගෙගරි පෙක්ලා, යූල් බ්‍රයිනර්ලා, ඩොරන් බිටීලා, පෝල් සිට්මන්ලා, ප්‍රෑන්ක් සිනෙට්රාලා, දිලිප් කුමාර්ලා, ඩර්න් බොගාඩ්ලාගේ චිත්‍රපට රංගනය දුටු බෝගොඩට රඟපෑමේ පිස්සුව ඔළුවට ගැසුවේය. නළුවකු වීම සඳහා සිහින මවමින් සිටි මොහොතක ධර්මපාල විද්‍යාලයේ එවකට විදුහල්පතිවරයා ලෙස කටයුතුª කළ පී. සී. එදිරිසිංහ මහතා ඔහුට කතා කොට විද්‍යාලයෙන් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන ‘වැනිසියේ වෙළෙන්දා’ නමැති නාට්‍යයේ රඟපෑමට කැමැතිදැයි අසා සිටියේය. රඟපෑමේ පිස්සුවකින් පෙළෙමින් සිටි බෝගොඩ විදුහල්පතිවරයාගේ යෝජනාවට එක පයින්ම කැමැත්ත පළ කළේය.
‘වැනිසියේ වෙළෙන්දා’ නාට්‍යයේ ෂයිලොක්ගේ චරිතය
නිරූපණය කරමින් වික්‍රම බෝගොඩ නමැති රංගන ශිල්පියා මුල් වතාවට වේදිකාවට පැමිණියේය.
1960 දී බෝගොඩ ධර්මපාල විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු අවසන් කර ලංකා බැංකුවේ
ලිපික ඔහුට අපේ කට්ටියේ සුගතපාල සිල්වා නමැති නාට්‍යකරුවා දැනහැඳින ගැනීමට ලැබුණේ මේ අතරතුරේදීය. බෝගොඩ ගේ හැකියාවන් හඳුනා ගත් සුගතපාල ඉන් පසු ඔහු ‘බෝඩිංකාරයෝ’ නාට්‍යයේ චරිතයක් සඳහා තෝරා ගත්තේය.
එතැන් සිට ඔහු බැංකුවේ රාජකාරි කරන අතරතුරේ
සුගතපාලගේ තට්ටු ගෙවල්, හරිම බඩු හයක්, තුරඟ සන්නිය, සහන් එළිය, ඔන්න බබෝ ඇතින්නියා
යන නාට්‍යවලද වෙනත් පිරිසක් විසින් නිෂ්පාදනය කරන ලද රන්තෝඩු, තාත්තා, වහලක් නැති
ගෙයක්, කැලණි පාලම යන නාට්‍යවලද විවිධාකාර භූමිකා නිරූපණය කළේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දිනක් සුගතපාලගේ ආරාධනාවක් පරිදි ‘බෝඩිංකාරයෝ’ නමැති නාට්‍යය නැරැඹීමට ගියේය. මෙම නාට්‍යයේ වික්‍රම බෝගොඩ ද රඟපෑවේය. ‘බෝඩිංකාරයෝ’ හි බෝගොඩගේ රංගනය දුටු ලෙස්ටර් ඔහු විසින් අධ්‍යක්ෂණය කිරීමට සැලසුම් කර තිබුණු ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ එන තිස්සගේ චරිතය සඳහා බෝගොඩ තෝරා ගැනීමට තීරණය කළේය. බෝගොඩගේ ප්‍රථම සිනමා රංගනය සිදු වූයේ ඔය ආකාරයෙනි. 1963 දී සිනමා රංගනය ආරම්භ කළ වික්‍රම බෝගොඩ 1985 දී යුගාන්තය චිත්‍රපටයේ රඟපෑමෙන් පසු රංගනයෙන් ඉවත් වීමට තීරණය කළේය. මේ වන විට ඔහු චිත්‍රපට පහළොවක විවිධ භූමිකාකවන්ට පණ දී තිබිණ. වික්‍රම බෝගොඩගේ සිනමා ජීවිතයේ අමරණීය මෙන්ම අමතක නොවන චිත්‍රපටය හැටියට සලකනු ලබන්නේ ආන්දෝලනාත්මක යොවුන් ප්‍රේම කතාවක් වන ‘ගොළු හදවත’ය. නවකතාවක් බවට පත් වී තිබුණ ‘ගොළු හදවත’ චිත්‍රපටයේ ඔහු රඟපෑවේ සුගත් නමැති අවාසනාවන්ත පෙම්වතාගේ චරිතයයි.
වික්‍රම බෝගොඩ එකල ජනප්‍රිය සිනමා චරිතයක් බවට පත් වී සිටිය ද ඔහු එම ජනප්‍රියත්වයෙන් අයුතු ප්‍රයෝජන නොගත්තේය. එමෙන්ම ජනප්‍රිය නළුකමෙන් හිස උදුම්මවා නොගත්තේය. ඔහු මාධ්‍යකරුවන් සමඟ සමීප සම්බන්ධකමක් පැවැත්වුව ද, ප්‍රචාරණය ඉල්ලා ඔවුන් පසුපස නොගියේය. රංගනයෙන් ඈත් වූවාට පසු ඉතා නිහඬ ජීවිතයක් ගත කළ බෝගොඩ ඉන් පසු ඔහුගේම ව්‍යාපාරික කටයුතුවල නිරත වූයේය. ඔහු රංගනයට වඩා පොත පතට බෙහෙවින්ම ප්‍රිය කළ මිනිසෙකි. ඔහුගේ අතේ නවකතාවක් නොතිබුණේ රංගනයේ යෙදෙන විට පමණි. බෝගොඩ සමඟ බොහෝ කලක් ඇසුරු කළ අපි ඔහු නැති පාඩුව, පාළුව දැනෙන්නේ දැන්ය. අපට යළිත් කිසි දිනක බෝගොඩ කෙනෙක් හමු වන්නේවත්, මුණ ගැසෙන්නේවත් නැත. අපි අපෙන් සදහටම වෙන් වී ගිය මේ රංගවේදියාට නිවන්සුව පතමු.
|