|
||||||
සියවසට රන් කුසලාන
‘බර්ෆි’, ගොළු, බිහිරි තරුණයකු, මානසික දුබලතාවකින් පීඩා විඳින තරුණියක හා සාමාන්‍ය තරුණියක සමඟ ඇතිවන අපූරු ත්‍රිකෝණ ආදර කතාවකි. 2012 වසරේදී බොලිවුඩයට රන් කාසි වැස්ස වූ මේ සිනමාපටයට 2013 වසරේදී ද උදා වී ඇත්තේ හොඳ කල දසාවකි. මෙවර ‘බර්ෆි’ කණ්ඩායම හොඳම සිනමාපටය ඇතුළු තවත් සම්මාන රැසකින් පිදුම් ලැබූහ.
බර්ෆි තරග අංශ නවයක් සඳහා ද, ජබ් තක් හෛයි ජාන් තරග අංශ හතක් සඳහා ද නිර්දේශ වී තිබුණි. සිනමා උළෙල පැවැත්වුණේ එරට සිනමාවට සිය වසරක් පිරෙන අවස්ථාවේ නිසා විශේෂ රන් ආලේපිත කුසලාන සම්මානලාභීන්ට පිරිනැමිණි.
හොඳම නළුවා - රන්බීර් කපූර් (බර්ෆි) හොඳම නිළිය - විද්‍යා බාලන් (කහානි). මේ දෙදෙනාම පිට පිට ෆිල්ම්ෆෙයාර් සම්මානයට පාත්‍ර වූ දෙවැනි වතාවයි. හොඳම අධ්‍යක්ෂණය - සුජෝයි ගෝෂ් (කහානි) හොඳම සහාය නළුවා - අනූ කපූර් (විකී ඩෝනර්)
අනුෂ්කා ෂර්මා - හොඳම සහාය නිළිය
(ජබ් තක් හෛයි ජාන්)
හොඳම නවක නිළිය - ඉලේනා ඩි. කෲස් (බර්ෆි) හොඳම නවක නළුවා - ආයුෂ්මාන් කුරානා(විකී ඩෝනර්) හොඳම නවක අධ්‍යක්ෂණය - ගෞරී ෂින්ඩේ (ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්) හොඳම ගායකයා - ආයුෂ්මාන් කුරානා(ජානි දා රන්ග් හා විකී ඩෝනර්) හොඳම ගායිකාව - ෂල්මාලි ඛෝගේඩ්(පරේෂාන්, ඉෂාක්සාඩේ) හොඳම සංගීත අධ්‍යක්ෂවරයා - ප්‍රීතම් (බර්ෆි) හොඳම ගීත රචනය - ගුල්සාර් (ජබ් තක් හෛයි ජාන් හි චලා ගීතය) යාවජීව සම්මානයෙන් පිදුම් ලැබුවේ නැසීගිය යාෂ් චොප්රා සිනමාවේදියායි.
* විචාරක සම්මාන * හොඳම නළුවා - ඉර්ෆාන් ඛාන් (පාන් සිං තෝමාර්)
* හොඳම නිළිය – රීචා චාදා (ගෑන්ග්ස් ඔෆ් වසේපූර්) * හොඳම සිනමාපටය – ගෑන්ග්ස් ඔෆ් වාසේපූර්ය. * ෆිල්ම් ෆෙයාර් තාක්ෂණික සම්මාන * හොඳම ක්‍රියාදාම - ශ්‍යාම් කෞශල් (ගෑන්ග්ස් ඔෆ් වාසේපූර්) * හොඳම කැමරාකරණය - සේතු (කහානි) * හොඳම සංස්කරණය - නම්රතා රාඕ (කහානි) * හොඳම නිෂ්පාදන සැලසුම් – රාජත් පෝදාර් (බර්ෆි) * හොඳම ශබ්ද පරිපාලනය - සංජේ මෞර්යා සහ ඇල්විල් රීගෝ (කහානි) * හොඳම වේශ නිරූපණය - මනෝෂි නාත් සහරුෂි ෂර්මා(ෂැන්ග්හයි) * හොඳම නර්තන නිර්මාණය - බොස්කෝ ලූසර් (ආන්ටි ජි – ඒක් මේන් ඕර් ඒක්තු) හොඳම පසුබිම් නිර්මාණය – ප්‍රීතම් (බර්ෆි) |
||||||