|
|
ජනතා අරගලයේ ආයුධය සිනමාවයිනගිෂා ඔෂිමා (1932-2013)
සිනමාවේ බලාධිකාරය සිනමාහලෙන් මෑත් කොට ගෘහස්ථ සිනමාවට පරිවර්තනය කර ගන්නා තුරු බොහෝ රටවල් එකී සිනමා කෘතිය තහනම් කළහ.මේ චිත්‍රපටය ඉන් ද රීලම් ඔෆ් සෙන්සස්ය. එහි අවසාන ජවනිකාවේ දී සිදුවූයේ පිරිමියාගේ රහසඟ ගැහැනිය විසින් කපා දමනු ලබන ජවනිකාවකි. එහි ආරම්භයේ සිටම එහි තිබුණේ මිනිසුන්ගේ සහ ගැහැනුන් ගේ රාගික රහස් ය.ඒ සියල්ල සාමාන්‍ය නොවේ.බොහෝ විට ප්‍රචණ්ඩය.එබැවින්ම ඔහු සමහරුනට වීරයකු වූයේය. සමහරුනට දුෂ්ටයකු විය. මේ ආන්දෝළනාත්මක සිනමාකරු නගීෂා ඔෂීමාය. ඔහු අසූ වසක් ආයු වළඳා පසුගිය පහළොස් වැනි දින මිය ගියේය. ඔෂිමා නමේ හැටියටම ජපනෙකි.ඔහු උපන්නේ 1932 වසරේ මාර්තු 31 වැනි දිනය.මේ කාලයේ ජපන්නු දෙවැනි ලෝක මහා සංග්‍රාමයට පැටලී සිටියහ.එහෙත් ඔහුට හැදෙන්නට වූයේ ඒ යුද්ධයෙන් සමතලා වීමෙන් අනතුරුව ජපානය ෆීනික්ස් සත්වයා මෙන් නැගී සිටින්නට සිදු වූ සමයකය.එය සෙල්ලමක් නොවීය.ඒ නැගී සිටීම හමුවේ බොහෝ මනුස්සකම් දියව යනු අයුරු ඔහු දුටුවේය.
ඔහුගේ සිනමාව ජපානයේ නුතන මිනිසුන්ගේ සිතුවිලි වල හරස්කඩක් විය.යුද්ධයෙන් පසු අධිවේගී දියුණුවට මග පෑදුණ ජපානයේ ඇතැම් මිනිසුන්ගේ ඉච්චා භංගත්වය ප්‍රසිද්ධ රහසක් වූයේය.ඔෂිමා විසින් සිනමාවට ගෙන ඒන්නට වෙර දරන ලද්දේ එකී රුදු යථාර්ථයයි.එහෙත් එය බිහිසුණු හෙළි දරව්වක් විය. ඔහු ගේ මහත් ආන්දෝලානාත්මක චිත්‍රපටය මෙන්ම ඔහු වඩාත් මුලින් ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වු සිනමා කෘතිය වන ඉන් ද රිලම් ඔෆ් සෙන්සස් චිත්‍රපටයට පාදක වනුයේ එයට වසර කිහිපයකට පෙර ජපානයේ මහත් ආන්දෝලනයට පාත්‍ර වූ සදා ඇබා නම් සිදුවීමයි. ඒ පැරණි ගණිකාවක් වූ සදා ඇබා විසින් සිය හොඳම ගනුදෙනු කරුවකුගේ රහසඟ කපා දමා ඔහු මරණයට පත් කොට තිබීමෙන් පසු අත්අඩංගුවට පත් වීමේ සිදුවීමයි. එය එක් අතිකන් හුදු මිනීමැරුමකට වඩා ජපාන සමාජ විද්‍යාඥයන්ගේ ඇස් ඇරවීමට සමත් සිදුවීමක් විය.එහෙත් මේ සිනමා කෘතියේ විලාසය මේ හරස්කඩ එක් අතකින් ප්‍රජාතන්ත්‍රවාදයේ මෙන්ම ලෝකයේ මානව නිදහස පිළිබඳ මුර බල්ලන් ලෙස පෙනි සිටින බොහොමයක් රටවල කට වසාලන්නටහේතු කාරක වූයේය.ඇත්තටම අපට පටවන තරම්ම මානව නිදහසක් දි ඔවුන් සතු ව ඇත් දැයි දෙවරක් සිතන්නට මග පෑදුවේය.එය ඔවුනගේ මතය පරිදි අතිශය අශ්ලිල වූයේය.එබැවින්ම එය දැඩි ලෙස වාරණය කළ යුතුයැයි ඔවුනගේ හැඟීම විය.එය අශ්ලීල කාමුක ප්‍රකාශනයක් ද නැතහොත් විශිෂ්ට ගණයේ මානව වාර්තාවක් ද යන මතවාදය දිගින් දිගටම ඇදී ගියේය. අවසානයේ බටහිර ජර්මනිය ඉන් ද රිලම් ඔෆ් සෙන්සස් තිර ගත කිරීමට තීරණය කළේය.ඔස්ට්‍රෙලියාවේ එය තිර ගත කරන ලද්දේ තවත් වසර ගණනාවකට පසුවය.
එයට පෙර ඔහු ටුමාරෝස් සන් නමින් මිනිත්තු හතක ධාවන කාලයෙන් යුත් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය.කෙසේ වෙතත් ඔෂිමාගේ මතවාද සහ ආකල්ප චිත්‍රාගාරයේ බලධාරින්ගේ හැඟීම් ද අතර විශාල අරගලයක් ඇතිවෙමින් තිබිණ.මේ අතර වාරයේ ඔෂිමා නිර්මාණය කළ නයිට් ඇන්ඩ් ෆොග් සිනමාකෘතිය මහත් ආන්දෝලානාත්මක එකක් වූයේ එරට වාමාංශික දේශපාලන නායකයකු වූ ඉනජිරෝ අසුමනාගේ ඝාතනයත් සමගය. එම ඝාතනය සිදු කරන ලද්දේ එකි චිත්‍රපටයේ පෙළඹවිම නිසා නොවෙතත් මේ සිදුවීම සමග සිනමාහල් වලින් චිත්‍රපටය ඉවත් කර ගැන්මට ෂොචිකු සමාගම කටයුතු කළේය. අන්ත වාමාංශික හැඟිම් මෙන්ම අන්ත දක්ෂිණාංශිකය ද දැඩිව ප්‍රතික්ෂේප කළ ඔෂිමා මේ සමග සමාගම හැර ගියේය. මේ නිසාම ඔහු 1961 වසරේ දී තමාගේම චිත්‍රපට සමාගමක් බිහි කර ගත්තේය.ඒ ෂොකෙන් සමාගමයි. ඔහු අනතුරුව චිත්‍රපට නිර්මාණය කළේ ඒ සමාගම සමඟය.කොරියුන් සවාරියකින් පසු ඔහු තැනූ ඩෙත් බයි හැංගිංන් ජපාන කොරියානු ආක්‍රමණය පිළිබඳ වඩා පුළුල් ආකාරයෙන් බපූවක් විය. නුතන ජපානය දෙස රුදු විවේචනාත්මක බැල්මකින් හෙබි සිනමා ත්‍රිත්වයක ආරම්භය වූ බෝයිස් ඔහු නිර්මාණය කරන ලද්දේ 1969 වසෙර්ය.රක්ෂණ වන්දියක් මුදල් ලබා ගැනීමේ අරමුණින් තම දරුවා මරා දැමූ මාපියන් යුවළක් පිළිබඳ කතාවක් එයට ඇතුළත් විණ. මේ ඇත්ත සිදුවීම ද ජපානය දෙදරවා යැවූ සිදුවීමක් විය. එහි දෙවැන්න ලෙස සැළනකනුයේ මහත් ආන්දෝලනාත්මක ඉන් ද රිලම් ඔෆ් සෙන්ස් ය.
මේ සියලු කතාවන් නූතන ජපාන සමාජ සිදුවීම් අලළා නිර්මාණය වූ ඒවා වීම විශේෂයකි.මේ චිත්‍රපට අතරින් තුන්වැන්න එම්පරර් ඔෆ් පැෂන්ස් තරුණ සොර සැමියකු හා එක්ව තම සැමියා මරා දමන ගැහැනියක පිළිබද කතාන්තරයකි. රාත්‍රියේ සැමියාගේ මෘත දේහය ළිදකට දමන ඇය පසුව අසල්වැසියන් හමුවේ ප්‍රචාරය කර හරිනුයේ ඔහු ටෝකියෝ වේ රැකියාවකට ගිය බවයි. වසර තුනකට පසු ළිදෙන් මතු වනුයේ සැමියාගේ අවතාරයයි.මේ චිත්‍රපටය ඔහුට හොඳම අධ්‍යක්ෂකට හිමි කාන් සම්මානය දිනා දුන්නේය. ජපාන සාහිත්‍යයෙන් ද සම්ප්‍රදායෙන් ද බොහෝ දේ උකහා ගත් ඔෂිමා ඒ හරහා මුදා හැරියේ නූතන ජපානයේ ජිවිත ඛේදවාචකයයි. සමාජ විවේචකයන් අතින් ඔහු අකිරා කුරොසෝවා ට වඩා හැම අතින් ම වෙනස් වූයේය. ඔහු පසුව තැනූ මෙරි ක්‍රිස්මස් මිස්ට ලෝරන්ස් ඇතැම් විචාරකයන්ගේ මතය අනුව ඔහුගේ විශිෂ්ටතම චිත්‍රපටය වන්නේය.
සිනමාව සහ ටෙලිවිෂනය ද එකසේ දැන සිටි ඔෂිමා ජපාන ටෙලිවිෂනය වෙනුවෙන් සතිපතා නිර්මානය කළ ද ස්කූල් ඔෆ් විව්ස් වැඩ සටහන අතිශය ජනප්‍රිය එකක් වූයේය. හඳුනාගත නොහැකි පරිද්දෙන් මුහුණ වසා ගෙන මේ වැඩ සටහනට පැමිනෙන ගැහැනුන් සිය ජීවිතයේ එදිනෙදා දුක්ඛ දෝමනස්සයන් එළි කරති. 1959 වසරේ සිට ඔෂිමා චිත්‍රපට 27ක් නිර්මාණය කළේය.මේ අතරින් බහුතරය බොහෝ කතා බහට ලක් විය. දේශපාලනය ද සමාජ කතිකාව ද ලිංගිකත්වය ද ඔහුගේ චිත්‍රපට වල කතා බහට ලක් ව තිබිණ.මේ කිසිවක් ජීවිතය අතරින් පළා යන කරුනු කාරණා නොවෙති. පළමු වෘතාන්තය අ ටවුන් ඔෆ් ලව් ඇන්ඩ් හෝප් ය.අවසාන වරට ඔහු චිත්‍රටයක් නිර්මාණය කළේ 1999 වසෙර්ය . ්ඒ ටැබූ ය.මේ චිත්‍රපට අතර බොහෝ කතා බහට ලක් වු චිත්‍රපටය ඩෙත් බයි හැඟන්ග්,ඩයරි ඔෆ් අ ෂන්ජිකු තීෆ්,ද ෂෙරමනි වඩා කැපී පෙනෙයි. අකිතෝ කෙකයා සමග 1960 වසරේ විවාහ වූ හෙතෙම මිය යන තුරුම සිය විවාහය රැක ගත්තේය. ඔහු දරු දෙදෙනකුගේ පියෙකි.පසු ගිය වසරේ ඔහුගේ සමීපතම සගයකු මෙන්ම පසුව සිනමාකරුවක ද වූ එමන්ම ඔහුගේ නිෂ්පාදකවරයකු ද වූ කොජි වකමස්තු ද මිය ගියේය.ඔෂිමා සමග නිම වූයේ ජපාන සිනමාව වෙනුවෙන් ෂොචිකු සමාගම ගොඩ නැංවූ ජපාන නවරැල්ලේ සිනමාකරුවන්ගේ නිමාවයි.එහි බිහිවූ මහා පෙරළිකාරයා ඔහු විය. සිය නයිට් ඇන්ඩ ද ෆොග් ඉන් ජපෑන් චිත්‍රපටය පිළිබඳ දැඩි විවාද සම්පන්න අවදියක ඔෂිමා සිය සිනමාව නිර්වචනය කළේ මෙපරිද්දෙනි. මගේ සිනමාව යනු ජපාන ජනතාවගේ අරගලයේ ආයුධයයි. ඒ ආයුධය තැනූ ඔෂිමා නිවිමෝනියාවෙන් මිය ගියේය. |



ප්‍රේක්ෂකයන් ඉහළට ගත් හුස්ම පහළට ආපසු එන්නට නොදී භීතියෙන් බලා සිටියහ.
සුචරිතවාදීන් වහාම අවි අමෝරා ගත්හ.එය අතිශය බිහිසුණු චිත්‍රපට රැල්ලක පූර්වාදර්ශය
වූයේය.එබැවින්ම චිත්‍රපටය අමෙරිකාව මෙන්ම කැනඩාව ඇතුළු බොහෝ රටවල තහනම් කළහ.එය
එතරම්ම අශ්ලීලයැයි ඔවුහු කෑගැසූහ.
ඔෂිමා ක්යෝතෝ විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව හැදෑරුවේය.බොහෝ දක්ෂිණාංශකයන්
මෙන්ම ආරම්භයේ දී ඔෂිමා ද වාමාංශිකයකු විය.
ඔෂිමා යනු ජපාන සිනමාවේ නව පරම්පරාවක පුරෝගාමියකු විය.ඔහු සලකනු ලබනුයේ ජපාන
සිනමාවේ මහා සිනමාකරු ලෙස අවිවාදයෙන් සලකනු ලබන අකිරා කුරොසෝවාගේ සිනමා පරම්පරාවට
වෙනස් අයෙකු හැටියටය. විශ්ව විද්‍යාලයයේ දේශපාලන විද්‍යාව හැදෑරුවද ඔෂිමා ගේ සිනමා
ඇල්ම වැඩි එකක් විය. එබැවින් ඔහු ජපානයේ ප්‍රමුඛ පෙළේ චිත්‍රාගාරයක් වූ සොචිකු
චිත්‍රාගාරයේ රැකියාවට ගියේය.මේ අවදියේ සොචිකු සමාගම ජපානයේ නව සිනමා පරම්පරාවක්
අපේක්ෂා කළ යුගයක් විය.එයට හේතු වූයේ ජපාන ටෙලිවිෂනය සිනමාව ආක්‍රමණය කරමින් 1959
තරම් ඈත වකවානුවක ඔහු සිය මුල්ම චිත්‍රපටය නිර්මාණය කළේය.ඒ ටවුන් ඔෆ් ලව් ඇන්ඩ්
හෝප් යනුවෙනි.
සිනමා ආකල්ප හා පෙරළි කාරයකු වූ ඔෂිමා ගේ සිනමාව එක් අතනින් හුදකලා සිදුවීමක්
නොවූයේය. ඒ වන විට ටෙලිවිෂන පරම්පරාව ඉදිරියට යමින් සිටි අවදියයි. එමෙන්ම ජපාන
තරුණයන් තව දුරටත් සිය සම්ප්‍රදායන්ගෙන් රැකවරණය ලැබීමේ අභිලාෂයෙන් මිදී
සිටියහ.ජපානයේ බිහිවෙහින් පැවැති පින්ක් චිත්‍රපට නම් වූ සරාගි චිත්‍රපට මෙහි එක්
අතුරු ප්‍රතිඵලයක් විය.බොහෝ දෙනා ඉන් ද රිලටි සෙන්සස් චිත්‍රපට ගණයේ ලා සලකන්නට
හේතු වූයේ එබැවිනි.ඔෂිමා මේ චිත්‍රපටය නිර්මාණය කළ ද එහි අවසන් සංස්කරණ කටයුතු සිදු
කරන ලද්දේ ප්‍රංශයේය.චිත්‍රපටයේ රූ ගත කරන ලද සියලුම කොටස් පැරීසියට ගෙන ගියේ
කාටවත් නොදැනීමය.
දෙවන ලෝක මහා යුද්ධය
පිළිබද ජපාන ආකල්ප හෙළි දරව් කරන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ සුප්‍රකට
බටහිර ගායක නළු ඩේවිඩ් බෝවි ය.යුද්ධය විසින් අහිමි කළ මනුස්සකම පිළිබඳ කදිම සටහනක්
වන එය දෙවන ලෝක මහා සංග්‍රාමය පාදක කොට ගත් චිත්‍රපට අතර විශිෂ්ටතම චිත්‍රපටයක් ලෙස
සලකන්නේය. පසුකලක බල සම්පන්න සිනමකරුවනු වන ටකෂි අකානෝ සිනමාවට පිවිසෙනුයේ මේ
චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රගපාමිනි.