|
|
ජැකලයින් සමඟ ‘රේස්’ වේගයෙන්
‘රේස්’ තිරගත වූ පසු බොහෝ දෙනා එහි දෙවැන්නක් පිළිබඳ සිහින මැවූහ. සායිෆ් අලිඛාන්, අනිල් කපූර්, ජෝන් ඒබ්‍රහම්, දීපිකා පදුකෝන් සහ අපේ ජැකලයින් ෆර්නැන්ඩස් ඒ සිහිනය සැබෑ කරමින් රසිකයෝ අතරට පැමිණෙති. මෙය අබ්බාස් මස්තාන් අධ්‍යක්ෂණයකි. රූගත කර ඇත්තේ මූම්බායි හා ලන්ඩන්වලය. සිනමාපටය රූගත කිරීමේදී පිරිපුන් කාය ශක්තිය ගැන තරු අතර බොහෝ කතාබහ සිදු වූහ. නොබෝදා දෙවැනි වරටත් මනමාලයකු වූ සායිෆ් අලිඛාන් පැවසුවේ ‘රේස් 2’ සහෝදර නළු ජෝන් ඒබ්‍රහම් පිරිපුන් කයක් පවත්වා ගන්නා පියවර තමන් ද අනුගමනය කිරීමට පටන් ගත් බවයි. අනිල් කපූර් කියා සිටියේ පනස් තුන් හැවිරිදි වියේදීත් මෙතරම් පිරිපුන් සිරුරක් තිබෙන්නේ නිවැරැදිව ආහාර ගන්නා, පැය හය, හතක් නිදා ගන්නා, දෙවරක් ජිම් යන යහ පුරුදු නිසා බවයි. සෝනම් දෝණි හා පුතු ඔහු ඒ සඳහා පොළඹවති. මෙවන් පසුබිමක් තිබියදීත් අනිල් කපූර් ද සායිෆ් මෙන්ම ජෝන්ගේ ‘ෆිට්නස්’ අනුගාමිකයකු බවට පත් වී තිබේ. ‘සුරූපී සරාගී’
බියොන්සේ, සිසි සෑන්ග්, කිම් කැඩේෂියන්, ජෙනිෆර් ඇනිස්ටන්, ජෙනිෆර් ලෝපස් වැන්නන් අතර ෆ‍්‍රීඩා ද සිටින්නීය.
පරණ ආදරයේ සෙවණැලි කෑම මේසයේ
දිනපතාම ෂර්මිලා, කරීනාට බෙංගාලි ක්‍රමයට මාළු ව්‍යාංජන පිළියෙළ කර දෙන්නීය. කරීනා උපතින්ම නිර්මාංස නොවන්නීය. කපූර් පරපුර මාංස ආහාර රස බැලීමට කවදත් කැමැතිය. ‘තන්දූරි චිකන්’ මොවුන්ගේ බොජුන් පතෙහි අනිවාර්යය අංගයකි. එහෙත් කරීනා මේ නිර්මාංසී නොවන පුරුද්දෙන් අත්මිදුණේ ආදරය නිසාමයි. ඒ සතුන් කෙරෙහි උපන් ආදරයක් නිසා නම් නොවෙයි. ෂාහිඩ් කපූර් වෙනුවෙන් උපන් ආදරයක් නිසයි. නිර්මාංස ආහාර ගැනීමට ඇය උනන්දු කළේ නිර්මාංසී ෂාහිඩ්ය. මේ ගැන කරීනාගේ පියා රන්ධීර් කපූර් පවා කම්පනයට පත් වූ බව කියැවෙයි. ෂාහිඩ් නිසා ඇති වූ මේ වෙනස් වීම, සායිෆ් සමඟ විවාහ වූ පසුව ද දිගින් දිගට පවතිනවාට ෂර්මිලා අකැමැති වීම පුදුමයක් නොවෙයි. නවාබ් පවුලේ සාමාජිකාවක බවට පත් වූ කරීනා සැබෑම නවාබ් සාමාජිකාවක කිරීමේ එක් පියවරක් දැන් ඇය අරඹා ඇත. මෙහි සැඟවුණු තවත් රහසක් ද තිබේ. කරීනා ඉක්මනින්ම මවු පදවිය ලබනවා දකින්නට ද ෂර්මිලා මේ දිනවල සිහින දකින බව ස්ථිරය. මාළු, මවක වීමට සිටින කාන්තාවක් අනිවාර්යයෙන් ආහාරයට එක්කර ගත යුතු පෝෂ්‍යජනක ආහාරයකි.
|



ජනවාරි 25 වැනිදා බොලිවුඩ් සිනමාපටයක් වේගවත් ධාවනයකට සූදානමින් සිටී. ‘රේස් 2’ මේ
සිනමාපටයයි. 2008 තිරගත වූ ‘රේස්’ ක්‍රියාදාම සිනමාපටයේ දෙවැන්න වන ‘රේස් 2’,
මොරොක්කෝව, මාල දිවයින, කැසබ්ලන්කා, මියන්මාර්, වියට්නාමය ඇතුළු රටවල් 50 ක එකවර
තිරගත කිරීමට නියමිතයි.
රුවෙන් ලොවක් දිනන්නට සේම සරාගී බවින් ලොව දිනන්නට ද භාරත දියණියන් දක්ෂය.
බොලිවුඩයෙන් හොලිවුඩ් ගිය ෆ‍්‍රීඩා පින්ටෝ දැන් රජ කරන්නේ හොලිවුඩයේය. මේ වන විට ඇය
සිය ආධිපත්‍යය කෙතරම් පතුරවා ඇත්දැයි කිවහොත් ඇය මේ සියවසේ සරාගීම කාන්තාවන් සිය
දෙනා අතරේ නම රැන්දවීමට සමත් වී තිබේ. මේ නම් කිරීම කර ඇත්තේ ‘ගෝ’ නම් පිරිමින්
වෙනුවෙන් නිකුත් කරන අන්තර් ජාතික සඟරාවෙනි.
අතීතයේ ප්‍රේමණීය බැඳීම්වල සෙවණැල්ලක්වත් සිය ආදරණීය ලේලියගේ ජීවිතයට වැටෙනවාට මේ
නැන්දම්මා නම් කොහෙත්ම කැමැති නැති පාටය. ෂර්මිලා තාගෝර්, කරීනා කපුර්ට මහත් සේ
ආදරය කරන නැන්දම්මා කෙනෙකි. ඇය සිය නිර්මාංස ලේලි ඉන් මුදවා ගැනීමට මේ දිනවල නොකරන
දෙයක් නැත.