|
|
සිනමාවට හැට හයයි - සංස්ථාවට හතළිස් එකයි
ශ්‍රී ලාංකේය සිනමාවට වසර හැට හයක් සපිරීම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කොට වසර හතළිස් එකක් සපිරීම නිමිති කර ගනිමින් විශේෂ සමරු උත්සවයක් පසුගිය සඳු දින චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ. මෙහිදී අග්‍රගණ්‍ය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ට උපහාර පිදීමක් ද සිදු විය. එමෙන්ම එතුමාණන් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් එදින තිරගත වූ අතර ඔහුගේ සිනමා දිවිය අලළා ආචාර්ය උදිත ගයාශාන් ගුණසේකර විසින් රචිත අසිරිමත් සිනමාවේදියා ග්‍රන්ථය එළිදක්වන ලදී. එමෙන්ම සිනමා ක්ෂේත්‍රයේ නියැළී සිටින පැරැණි ශිල්පීන් විසිපස් දෙනෙකුට විශ්‍රාම වැටුප් ප්‍රදානයක් ද සිදු කෙරිණ. මෙම උළෙල අවසානයේදී ආචාර්ය ලෙස්ටර් විසින් අධ්‍යක්ෂණය කළ ගොළු හදවත චිත්‍රපටය තිරගත විය.
ආචාර්ය ලෙස්ටර් උත්සව සමාරම්භයට පහන දල්වන්න සූදානම්ව. රවීන්ද්‍ර රන්දෙණිය, චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ, චිත්‍ර බාලසූරිය සහ ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ප්‍රසන්න විතානගේ, සුමිත්‍රා පීරිස් මැතිනිය යන අය ද මෙහි වෙති.
‘අසිරිමත් සිනමාවේදියා’ කෘතිය සංස්ථා සභාපතිවරයා විසින් එතුමාට පිළිගැන් වූ මොහොත.
රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල29 දා සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ
රූපවාහිනී නිර්මාණ ක්ෂේත්‍රයේ විශිෂ්ට කුසලතා දක්වන ලද නිර්මාණකරුවන්ට රාජ්‍ය මට්ටමෙන් අගැයීමට ලක් කිරීම සඳහා පවත්වනු ලබන එකම සම්මාන උළෙල වන රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල අටවැනි වරටත් මෙම මස 29 වැනිදා සවස 6.00 ට සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේ පැවැත්වෙයි. මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය සහභාගිවීමට නියමිතය. මෙහිදී 2010 / 2011 වර්ෂවල විකාශය වූ නිර්මාණයන් සඳහා අංශ 42 ක් යටතේ සම්මාන පිරිනමනු ඇත. ඊට අමතරව රූපවාහිනී ක්ෂේත්‍රය පිළිබඳව ලිය වී ඇති ශාස්ත්‍රීය ග්‍රන්ථය සහ රූපවාහිනිය මඟින් විකාශය නොවූ ආධුනික නිර්මාණකරුවන්ගේ නිර්මාණ අගය කිරීම සඳහා හොඳම රූපවාහිනී කෙටි චිත්‍රපටය සඳහා ස්වර්ණ, රජත සහ ලෝකඩ පදක්කම් තුනක් පිරිනැමීම ද සිදු කෙරේ. මෙදින රූපවාහිනී ක්ෂේත්‍රයට කරන ලද විශිෂ්ට සේවාව උදෙසා ප්‍රවීණ කලාකරුවෙක් ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත අතර රූපවාහිනී මාධ්‍ය කලාව පිළිබඳව ප්‍රවීණ ලේඛකයන් රැසකගේ ලිපි ඇතුළත් ‘රූපවාහිනී සමීක්ෂා’ ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයේ හයවැනි කළාපය නිකුත් කෙරේ. රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල සංස්කෘතික හා කලා කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරයි.
ඉන්දීය ජායිපූර් සිනමා උළෙලේ
ශිෂ්‍ය ජූරියට නීටා යයි
|






