|
‘ද ලාස්ට් ස්ටෑන්ඩ්’ සමඟ හැට පැන්නත් ස්වාසිනේගර් තවමත් උඩින්වසර 10 ක විරාමයෙන් පසු යළි තිරයට
දූෂණය හා අයහපත මැඬලීමේ නාමයෙන්, මත් ජාවාරම්කරුවන් වැනසීමේ මෙහෙයුම ඔහු භාර ගනීද? මෙයට පිළිතුරු ඇත්තේ ‘ද ලාස්ට් ස්ටෑන්ඩ්’ සිනමාපටයේයි. දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂ කිම් ජි වූන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙම සිනමාපටය ඔහුගේ ප්‍රථම අමෙරිකානු අධ්‍යක්ෂණයයි. අධ්‍යක්ෂවරයා වඩා ප්‍රකට වී සිටින්නේ ‘ද ගුඩ්, ද බෑඩ්, ද වියර්ඩ්’, ‘අයි සෝ ද ඩෙවල්’, ‘අ ටේල් ඔෆ් ටූ සිස්ටර්ස්’ වැනි කොරියානු සිනමාපට නිසයි. 65 හැවිරිදි සුපිරි හොලිවුඩ් නළු ආර්නෝල්ඩ් ස්වාසිනේගර්, වසර 10 කට පසු රිදී තිරියේ දක්නට ලැබෙන්නේ ‘ද ලාස්ට් ස්ටෑන්ඩ්’ තුළිනි. ඔහුගේ රංගනයක් අවසන්වරට දැකගත හැකි වූයේ ‘ද ටර්මිනේටර් 3’ චිත්‍රපටයෙනි. මෑත කාලයේ ස්වාසිනේගර් වඩාත් කතාබහට ලක් වූයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වීම නිසයි. 2011 වසරේ ඔහු එම ධුරයෙන් ඉවත් වුණේය. විවාහ ජීවිතයේ දෙදරා යාම නිසා ද, ස්වාසිනේගර් පිළිබඳ යළිත් කතා වෙන්නට පටන් ගැනිණ. ජනවාරි මස 17 වැනිදා ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹි ‘ද ලාස්ට් ස්ටෑන්ඩ්’ බෙලන්, නිව් මෙක්සිකෝ හා නෙවාඩා ප්‍රදේශවල රූගත කර ඇත. සිනමාපටයේ බොහෝ ත්‍රාසජනක දර්ශන ස්වාසිනේගර් විසින්ම නිරූපණය කර තිබේ. ඒ වෙනුවෙන් ඔහු ආබාධයන්ට ද ලක් වූ බව මෑතකදී ප්‍රකාශ කළේය. ‘අවුරුදු 20 කට කලින් මෙය කළා නම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ’ යැයි සිනහමුසුව ඔහු මාධ්‍යයට පවසා ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 30 ක වියදමින් නිපැයූ ‘ද ලාස්ට් ස්ටෑන්ඩ්’ මිනිත්තු 107 ක ධාවන කාලයකින් යුතුය. නමුත් මේ සිනමාපටය තරුණ පිරිස ආකර්ෂණය කර ගැනීමට අපොහොසත් වී ඇති බව විචාරකයන්ගේ මතයයි. දැනට තිරගත වන හොලිවුඩ් සිනමාපට අතරින් 10 වැනි ස්ථානයේ පසුවන්නේ ‘ද ලාස්ට් ස්ටෑන්ඩ්’. ආර්නෝල්ඩ් ස්වාසිනේගර්, ෆොරස්ට් විටේකර්, ටිටොස් මෙන්චාකා, පීටර් ස්ටෝර්මෙයාර්, රිචර්ඩ් ඩිලාර්ඩ්, එඩු ආර්ඩෝ නොරීගා, ලුයිස් ගුස්මන්, සොනී ලෑන්ඩ්හැම්, ජේමී ඇලෙක්සැන්ඩර් රංගනයෙන් දායක වෙති. කැමරාකරණය ජි යොංග් කිම්. නිෂ්පාදනය ලොරෙන්සෝ ඩි බොනවෙන්චුරා. ඇන්ඩෲ නෝයර්, ජෙෆ්රි නැක්මැනොෆ්, ජෝර්ජ් නොල්ෆි තිර රචනයෙන් දායක වී ඇත. |